Life
හිසරදයට බලපාන හේතු
හිසරදයෙන් පීඩා නොවිඳින අයෙක් ඇත්නම් එම තැනැත්තා මෙළොව බිහිවී නැතැයි කියා පැවැසුවාට වරදක් නැත.
උපන්දා සිට මිය යනතුරුම අපට නිතර පීඩාගෙන දෙන රෝගයක් ලෙස හිසරදය හැඳින්විය හැකිය.
වයස් බේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ කියා ලිංග බේදයකින් තොරව අපට පීඩාගෙන දෙන හිසරදය ඇතිවීමට හේතු රැසක් ඇත.
හිසරදය ඇතිවීමට බලපාන හේතු
හිස් කබල තුළ ඇත්තේ සීමාසහිත ඉඩකි. ඒ තුළ මොළය CSF තරලය සහ මෙනෙන්ජි පටක ඇත.
හිසරදය ඇතිවීමට බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකිය.
කපාල කුහරය තුළ ඇතිවන රෝග සහ කපාල කුහරයෙන් පිටත ඇතිවන රෝග එම ප්‍රධාන කොටස් දෙකය.
කපාල කුහරය තුළ ඇතිවන රෝග
මොළයේ ආසාදන
මොළයේ ආසාදන නිසා මොළය තුළ සැරව ඇතිවී කපාල කුහරය තුළ පීඩනය ඇතිවේ.
උදාහරණ
ලෙස දක්වතොත් හිස් කබල තුවාල වී ඇතිවන ආසාදන, කනේ ආසාදන, නාසයේ පීනස්
කෝටරක ආසාදනය, මොළය වටා ඇති මෙනෙන්ජි පටක හරහා මොළයට ගමන් කර පැසවීම ඇති
කරයි.
මොළයට ලේ ගැලීම්
හිසට සිදුවන අනතුරු නිසා කපාල කුහරය
තුළට ලේ ගැලිSමක් සිදුවිය හැකිය. එවිට ඒ තුළ පීඩනය වැඩිවේ. අනතුරු නොමැතිව
වුවද ඉබේ ලේ නහර පුපුරා යැමට පුළුවන.
මොළයේ ගෙඩි
මොළයේ ගෙඩි (ස්නායු සෛල හෝ මෙනෙන්ජි පටක හෝ රුධිර නාළ අසාමාන්‍ය ලෙස වැඩීම) නිසාද පීඩනය වැඩිවේ.
මොළය
වටා ඇති සිවිය සහ මොළය අතර මස්තිස්ක සුෂුම්නා තරලය ඇත. මොළය තුළ ඇති
කුටීර හතරක්ද මෙම තරලයෙන් පිරී පවතී. (මොළය වටා ඇති තරලය හා මොළය තුළ ඇති
තරලය එකිනෙකට සම්බන්ධව නිරන්තර සංසරණයක් සිදුවේ. මේ චලනයට (සංසරණයට) බාධා
පැමිණුනවිට මොළය තුළ පීඩනය වැඩිවේ. මේ බාධා ඇතිවන්නේ බොහෝ විට ගෙඩි පිළිකා
හෝ අනතුරු නිසාය.
කපාල කුහරය තුළ ඇතිවන හිසරදය හඳුනා ගැනීම
කපාල කුහරය තුළ පීඩනය වැඩිවීම නිසා ඇතිවන හිසරදය සාමාන්‍ය හිසරදයකට වඩා වෙනස්ය. මෙය වේදනා නාශකවලින් අඩු නොවී දිගටම පවතී.
රෝගියා රාත්‍රි නින්දේදීත් හිසරදය නිසා අවදිවිය හැකිය.
ඇතැම්විට උදෑසන අවදිවන්නේ තදබල හිසරදය සහිතවය.
වමනය හෝ වලිsප්පුව ඇතිවිය හැකිය.
මෙවැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් මත ස්නායු පද්ධතිය හොඳින් පරීක්ෂාවට ලක් කළ යුතුය.
එහිදී Cඔ සහ ඵRෂ ස්කෑන් පරීක්ෂණ සිදුකර රෝගය තහවුරු කරගත හැකිය.
ඉන්පසු ස්නායු ශල්‍ය වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිකාර ලබාගත යුතුය.
කපාල කුහරයට පිටතින් ඇති රෝග
දත් රෝග
ඕනෑම දතක ආසාදනයකදී හෝ අවසාන චාර්වක දත් හතර මතුවීමේදී හිසරදය ඇතිවිය හැකිය.
එබැවින් මාස 06 කට වරක් දත් රෝග ඇතත් නැතත් දන්ත වෛද්‍යවරයකු ලවා දත් පරීක්ෂා කරගත යුතුය.
ඇස් රෝග
ඇස් පෙනීම ක්‍රමයෙන් අඩුවී යද්දී රෝගියාට ඒ බව නොදැනේ. නමුත් හිසරදය මතුවේ. ඇස් වෙහෙසීම නිසාද හිසරදය හටගනී.
අවුරුදු
40 වනවිට ළඟ පෙනීම අඩුවේ. (හතළිස් ඇඳිරිය) මේ වයසේ දීම ඇසේ සුද ඇතිවීම
ආරම්භවීමට හෝ අක්ෂි ගෝලය තුළ පීඩනය හට ගැනීම හෙවත් ග්ලොකොමාවද ආරම්භ විය
හැකිය.
එබැවින් හිසරදය ඇති සෑම කෙනෙකුම අක්ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂාකරගත යුතුය.
කෝටරක ප්‍රදාහය
නළල දෙපස ඇති සියුම් කුහර සෙම පිරවීම නිසා ඉදිමුවට ලක්වේ. එවිට අධික හිසරදයක් මතුවේ.
ස්නායු
රෝග, රුධිර වාහිනි සම්බන්ධ ගැටලු හෙවත් ඉරුවාරදය (Migrane) පොකුරු හිසරදය
(Cluster Headache) ආතතිය (Stress) නිසාද හිසරදය මතුවේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks