Life
හිරට හිරේ, තදට තදේ කලිසම් අඳින අයට විශේෂ පණිවිඩයක්
ඇඟට හිරවුණ කලිසම් මේ වනවිට කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක්.
මේ කලිසම් අඳින්නේ කොහොමද කියන එක හිතාගන්නත් බැරි තරම් හිරට අඳන කලිසම් විලාසිතාවන් මේ වනවිට දකින්න තිබෙනවා.
ඒත් වෛද්‍යවරු මේ විලාසිතාව සෞඛ්‍යයට ඉතා හානිකර බවට අනතුරු අඟවා තිබෙන බව ඔබ දන්නවා ද.? අධික ලෙස ඇඟට හිරවන ලෙස කලිසම ඇඳීම නිසා මාංශ පේෂීවලට සහ ස්නායුවලට හානි සිදුවන බව ඕස්ට්‍රේලියාවේ ක්ලේව්ලෑන්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍යවරයෙක් සඳහන් කරයි.
මාංශ පේෂිවල අභ්‍යන්තර රුධිර වහනය හා ඉදිමීම මේ හේතුවෙන් සිදුවිය හැකි ය. දිගින් දිගටම මෙවැනි හිර කලිසම් ඇඳීමෙන් මෙම තත්ත්වය භයානක විය හැකි ය.
පසු කලෙක එය ඇවිදීමට පවා නොහැකි තත්වයට පත්විය හැකි ය.
මුලින්ම මේ රෝගී තත්ත්වය හඳුනාගත්තේ 35 හැවිරිදි ඔස්ට්‍රේලියානු කාන්තාවකගෙන්. ඇය හිර ඩෙනිමක් දවස පුරා හැඳ සිටීමෙන් පසු හවස් කාලයේ කකුල්වල හිරි වැටීමක් සහ දැඩි වේදනාවක් ඇති වී ඇවිදීමට පවා අපහසු තත්වයෙන් රෝහල් ගතකර තිබිණ.
වේදනාව හේතුවෙන් කලිසම ඉවත් කිරීමට අපහසු නිසා වෛද්‍යවරු විසින් කලිසම කපා ඉවත් කර දින හතරක් ප්‍රතිකාර කිරීමෙන් පසු ඇය ඇවිදීමට හැකියාව ලැබී තිබෙනවා.
මෙය හඳුනා ගැනීමෙන් පසු ලොව පුරා සිටින වෛද්‍යවරු, මෝස්තර නිර්මාණ කරුවන්ට හිර කලිසම්වල ඇති මේ භයානක තත්වය පිළිබඳ අනතුර අඟවා තිබෙනවා.
වෛද්‍ය උපදෙස් දෙන්නේ හිර කලිසම් හැඳගෙන සිටින විට කකුල්වල හිරි වැටීමක් හෝ වේදනාවක් ඇතිවනවා නම් එයින් පෙන්නුම් කරන්නේ මාංශ පේශිවල ඉදිමීම හා අධික වේදනාව අත ළඟ බවයි.
ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිඛෙනවා නම් ඉක්මනින්ම මෙම විලාසිතාවෙන් ඉවත්වීමට වග බලා ගන්න.
(under the courtesy of hitnews.lk web)