Health
හිතුමතේ ව්‍යායාම කරන්න එපා
ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ක්‍රීඩා වෛද්‍ය නිලධාරී
ලාල් ඒකනායක
ජීවිතය සැහැල්ලුවෙන් පවත්වාගන්නට නම් අප තුළ නීරෝගිභාවය මුළුමනින්ම පවත්වා ගත යුතුයිග ශාරීරිකව හා මානසිකව හා දෙආකාරයෙන්ම නීරෝගී වීම නිසා සැහැල්ලු බවල නිදහස් බව ඔබ තුළ ඇති වේග මේ සඳහා ජීවිතයට අත්‍යවශ්‍ය වූ බොහෝ දේ අතරට ව්‍යායාමයට ද හිමිවන්නේ මූලික ස්ථානයකිග පෝෂණීය කොටස් සිරුරට ලැබෙනවා සේම ඒවා නිසිලෙස අවශෝෂණය වී අනවශ්‍ය මේද දහනයට ද සිරුරේ නිසි ක්‍රියාකාරීත්වයට ව්‍යායාමය අත්‍යවශ්‍ය බව කළ විමසුමකදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ක්‍රිඩා වෛද්‍ය ලාල් ඒකනායක සඳහන් කළේයග ව්‍යායාම භාවිතා කරන විටදී එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වේග ඒ අනුව කායික මානසික හා සමාජයීය යන ත්‍රිත්වයෙන්ම අදාළ මට්ටම් මත ව්‍යායාමයන් පවත්වා ගත යුතුයිග මේ සඳහා නිසි ක්‍රමවේදයන් මත සැලසුම් සහගතව ව්‍යායාම් වෙත යොමු වීම තුළින් ඔබගේ නීරෝගිබව තව දුරටත් සාර්ථක කරගත හැකියිග
ව්‍යායාම
ව්‍යායාමය හිතුමතේ කළ හැකි දෙයක් නොවේග යම්කිසි කෙනෙකුගේ කායික යෝග්‍යතාවය පවත්වා ගැනීමට හෝ වැඩි දියුණුකර ගැනීමට කරන ක්‍රියාව ව්යායාමයයිග පරිසරයේ පවතින ස්වභාවයට අප අනුගතව හැසිරිය යුතුයිග ව්‍යායාමයේදී ද මේ ලක්ෂණ මතු වන්නේ එහි රිද්මයක් පවතින නිසයිග එනම් කායික ක්‍රියාවලියක් යම්කිසි කාලයක් තුළ රිද්මයානුකූලව සිදු කිරීමයිග
ඒ අනුව හෘදයල රුධිර සංසරණ පද්ධතියල පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි කරනු ලබයිග මේ ක්‍රියාකාරීත්වය මත කායික යෝග්‍යතාව වර්ධනය වේග
කායික යෝග්‍යතාවය
යම්කිසි කර්යයක් කාර්යක්ෂමව දිගුවේලාවක් කිරිමේ හැකියාව කායික යෝග්‍යතාව වෙයිග තවදුරටත් ඔබට අවබෝධ වනු පිණිස එය මෙසේ දැක්විය හැකියිග
1ග සෞඛ්‍ය සම්පන්නභාවය රැක ගැනීම සඳහා කරනු ලබන යෝග්‍යතාව
මෙය බාලල මහලු හා මධ්‍යම ප්රමාණවල වයස් කාණ්ඩවල අයට ඉතා වැදගත්යග මේ අනුව ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝයිග
හෘදය වස්තුව හා ස්වසන පද්ධතිය ආශි‍්‍රතව දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමග
මාංෂපේශිවල දරා ගැනිමේ හැකියාව වැඩි දියුණු කිරිමග
නම්යශිලිතාවයට ඇති හැකියාව වැඩි දියුණු කිරීම
ශරීරයේ මේදය දහනය කරමින් ශරීර සංයුතිය හිතකර ලෙස වෙනස් කිරීමග
යම්කිසි පුද්ගලයෙකුගේ කායික යෝග්‍යතාවය මැන බැලීමට ඉහත කරුණු යොදා ගත හැකි වීම මෙහි විශේෂ ලක්ෂණයකිග
2ග සුවිශේෂි කාර්යයන් කිරීම සඳහා වූ යෝග්‍යතාවය
මෙහිදී උදාහරණ වශයෙන් ක්‍රීඩා කිරීමල ආරක්ෂක සේවාවල යෙදෙන පුද්ගලයන්ල පාසල් ළමුන් හා විවිධ ආයතනික පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ මේ සඳහා ගත හැකියිග මොවුන්ගේ වේගය වැඩි දියුණු කළ හැකියිග ක්ෂණිකව ප්‍රතිචාර දැක්විමල පේශිවල බලයල සමබරතාවයල ශරීරයේ කොටස් එකිනෙකට සම්බන්ධිකරණය කර දීම ආදි කරුණු රාශියකින් වැඩි දියුණු කිරීමට පුළුවනග
ව්‍යායාමය තුළින් සිරුරට සිදුවන යහපත
ශරීරයේ යෝග්‍යතාව වර්ධනය වීම
හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය දියුණු විම
වැඩිපුර රුධිර ප්‍රමාණයක් කාර්යක්ෂමව සිරුර පුරා බෙදා හැරීමේ හැකියාව වර්ධනය වීම
එමඟින් පේශිවලට ලැබෙන පෝෂණය හා ඔක්සිජන් වැඩිවීමග
ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම හා ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව වර්ධනය වීමග
පේශි පද්ධතිය ශක්තිමත් වීම තුළින් පේශි දරා සිටීමේ හැකියාව වැඩිවීමග
අස්ථි පද්ධතිය ශක්තිමත් වීම නිසා සිරුර දරා ගැනීමේ හැකියාව වැඩි වේග සිරුරේ වේගවත් චලනයන් සිදු කිරීමට පහසු වේග
සිරුරට සිදුවන යහපත
නිසි ව්‍යායාමය තුළ ඇතිවන සුරක්ෂිතතාවය සිරුරේ මනා පැවැත්ම හා සැලසුම්ගත ජීවිතයකට උරුමකම් කියන්නට වටිනා ක්‍රියාකාරකම් බොහොමයක් ඇතග ස්නායුවල ක්රියාකාරීත්වයේ දියුණුව සලසයිග ශරීරයේ කොටස් හොඳින් සම්බන්ධීකරණය කර Coordination) ගනීග ඒ සමඟම සමබරතාවය ඇති කරගත හැකියිග අනවශ්‍ය මේදය දහනය වීම නිසා කොලෙස්ටරෝල් පාලනය වීම සිදු වේග මානසිකව ලැබෙන උද්දීපනය නිසා මානසික ආතතිය තුරන් වී සතුටින් පි්රතිමත් ජීවිතයකට මං සලසනු ඇතග ඒ නිසා සිරුර හොඳින් ක්‍රියාත්මක වන විට සිරුරට අවශ්‍ය සහ යෝග්‍ය හෝමෝනවල ක්‍රියාකාරීත්වය හොඳින් ක්‍රියාකාරී වේග එවිට ලිංගික ක්‍රියාකාරී බව ද හොඳින් සිදුවනු ඇතග බොහෝ ගැටලු ගෙන දෙන දරුඵල අහිමි වීමට ද තිත තැබිය හැකියිග
ව්‍යායාමයේ සැබෑ තතු
ව්‍යායාමයක් දිනකට කළ යුතු කාලය වයස් කණ්ඩය මත වෙනස් වෙයිග අවම වශයෙන් ව්‍යායාමයට ළමයෙකුගේ කාලය බැලුවහොත් දිනකට මිනිත්තු 60 :පැය 1- වැය කළ හැකියිග වැඩුණු පුද්ගලයෙකුට එය සතියකට මිනිත්තු 150ක් වේග අවම වශයෙන් සතියකට දින 3ක් වත් ව්‍යායාම කළ යුතුයිග වඩාත් ප්‍රතිඵල ලබා ගැනීමට දිනපතා කිරීම යෝග්‍ය වෙයිග සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් ලෙස දිනකට පියවර 10000 - 15000ක් අතර ඇවිදීමට හැකි නම් එය සිරුරට යෝග්‍ය වේග ව්‍යායාම සඳහා සුදුසුමල දිනයේ උදෑසන කාලයයිග එයට හේතු වන්නේ සිරුර තුළ පවතින
(bio rhythm) ජෛවීයව ඇතිවන රිද්මයට ගැලපෙන හොඳම කාලය උදෑසන වන බැවිනිග
ක්‍රීඩකයෙකුගේ ව්‍යායාම හා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ව්‍යායාම
ක්‍රීඩකයෙකු සතියකට දිනයක් විවේකිව සිටීම කළ යුතුයිග එයට හේතුව වන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ව්‍යායාමයන් උග්‍ර ව්‍යායාම බැවිනිග
නමුත් සාමාන්‍ය පුද්ගලයෙකු දිනපතා ව්‍යායාම කිරීම යෝග්යයග එනම් ඔවුන් මධ්‍යම ප්‍රමාණයේ තීව්ර්රතාවයකින් (Intensity) යුතු බැවිනිග
කළ යුතු ව්‍යායාම මොනවාදරෑ
ශරීරික යෝග්‍යතාවය වර්ධනය වන ව්යායාමයිග මේ ව්‍යායාම කිරීම තුළින් ප්‍රතිඵල ලබාගත හැකියිග ව්‍යායාම ස්වායු සහ නිර්වායු ව්‍යායාම වශයෙන් දෙආකාර වේග
1ග ස්වායු ව්‍යායාම - සිරුරට ඔක්සිජන් හොඳින් ලබා ගැනීමට සිදු කරන ව්යායාමයිග මෙම ක්‍රමය මඟින් සිරුරට ශක්තිය නිපදවීම සිදු කරන අතර අනවශ්‍ය කාබෝහයිඩ්රේට්ල මේදය දහනය විම සිදු කෙරේග උදාග ඇරෝබික් ව්යායාමල ඇවිදිමල දිවිමල බයිසිකල් පැදීමල ඇරෝබික ජිම්නාස්ටික්
2ග නිර්වායු ව්‍යායාම - ඔක්සිජන් නොයොදා කාබෝහයිඩ්රේට් පමණක් දහනය කර ගනිමින් සිදු කරන ව්යායාමයයිග එය වැඩි කලක් කළ නොහැකියග උදාග බර ඉසිලීමල කෙටි දුර දිවීමල පැනීමල විසි කිරීමග
curtesy :dinamina.lk