Health
හාල්මැස්සන් මිලදී ගැනීමට පෙර දැනගත යුතු දේ
කොළඹ නාගරික අනුමත රස පරික්ෂක
ආර්ගඑම්ගජීගබීග රාජනායක
වෙළඳපොළෙන් අප මිලදී ගන්නා කරවල වර්ග අතර අප නිතරම ආහාරයට එක්කර ගන්නේ හාල්මැස්සන්යග හාල් මැස්සන් වර්ග විවිධත්වයෙන් යුතුව මිලදී ගැනීමට වෙළෙඳපළේ බහුලව ඇතග ඒ අතර ලංකා හාල් මැස්සන් හා වෙනත් රටවලින් ආනයනය කරන ලද හාල්මැස්සන් බහුල වෙයිග මේවායේ මිල ගණන් ද විවිධයග කෙසේ නමුත්ල මෙම හාල්මැස්සන් අතරින් තත්ත්වයෙන් උසස් හාල්මැස්සන්ල අලුත් හාල්මැස්සන් මිලදී ගන්නේ කෙසේදරෑ වෙනත් ආහාර ද්‍රව්‍යවලට මෙන්ම හාල්මැස්සන්ට ද කල්තබා ගැනීමේ බෙහෙත්ල රසායන ද්‍රව්‍ය යොදන්නේ දරෑ යන්න මෙවර කතාබහට අපි ලක් කෙළෙමුග
හාල්මැස්සන් ගැන කතා කරද්දී වෙළඳපළෙන් ඔබ මිලදී ගන්නට සූදානම් වන හාල්මැස්සන්ගේ හැඩය ගැන මුලින්ම සැලකිලිමත් විය යුතුයිග මාළුවාගේ හැඩය සහිතව හරියාකාරව ඇති හාල්මැස්සන් මිලදී ගන්නට අමතක නොකරන්නග වියළි බව ඉතා හොඳින් තිබීම ද වැදගත්ග ජල ප්‍රතිශතය ඉතාම අඩුවෙන් ඇති හාල්මැස්සන් තෝරා ගන්නග
නැතහොත් හාල්මැස්සන් තෙත ගතියෙන් යුතුවීම ඔබගේ සෞඛ්‍යයට මෙන්ම මුදලට ද යහපත් නොවේග එවිට ඔබ නිවසට රැගෙන යන හාල්මැස්සන් කල්තබා ගැනිමට නොහැකියග පුස් වර්ග බැඳීමට ඉඩ ඇතග වියළි බවෙන් ඉහළ හාල්මැස්සන් මිලදී ගත් විට කල්තබා ගැනිමටත්ල පුස් වර්ග බැඳීමෙන් හා කෘමි හානිවලින් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබේග තෙත සහිත බවින් යුතු හාල්මැස්සන් හැමවිටම දිරායෑමට ඉක්මනින්ම ලක් වේග හාල්මැස්සන් මිලදී ගැනීමේදී හාල්මැස්සාගේ පැහැදිලි ස්වභාවයල වියළි ගතියල සම්පූර්ණ හාල්මැස්සාගේ ස්වභාවය පැවතිය යුතුයග කිසිවිටෙකත් හාල්මැස්සන් දිරා යාමකට ලක්ව අවපැහැ ගැන්වී නොතිබිය යුතුයග
කළුපාට වූ ඇස් දුඹුරු පැහැ ගැන්වූ හාල්මැස්සන් ද ශරීරය තැනින් තැන කැඩීබිඳී ගියල ඔලු කැඩීල තැලී ගිය හාල්මැස්සන් ද මිලදි නොගත යුතුයිග මන්ද එවැනි හාල්මැස්සන් පරණ වී ඇති බැවිණිග එලෙසම හාල්මැස්සා ඇඟිල්ලෙන් ඔබාල බැලූ විට තැලී කැඩී අතට ඒ නම්ල එබී යයි නම් එයත් පරණ වූ භාවිතයට නුසුදුසු හාල්මැස්සන්යග
හාල්මැස්සන් කල්තබා ගැනීමට මීට කලකට ඉහත මැලතියන් නම් රසායනික ද්‍රව්‍යය යෙදීම සිදු කර තිබූ අතර එය භාවිතය දැන් තහනම් කර තිබෙනවාග ලංකාවේ භාවිතය තහනම්ග ඒ වගේම මැලතියන් යෙදු හාල්මැස්සන්ල වටලා විනාශ කර එම කූට වොළඳුන්ට විරුද්ධව නඩු පවරන්නටත් කටයුතු කර තිබෙනවාග මේ නිසා දැන් හාල්මැස්සන්ට මැලතියන් මුසු කිරීම සිදු වන්නේ නැහැග
හාල්මැස්සන් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු තවත් වැදගත් දෙයක් වන්නේ හාල්මැස්සන් මත කුඩා සතුන් සිටී ද යන්නයිග එසේ කුඩා සතුන් සිටී නම්ල ගුල්ලන් ද ඇති බවත් පෙනේ නම් එවැනි හාල්මැස්සන් කිසිවිටෙක මිලදී නොගත යුතුයිග මන්ද එම සතුන් හාල්මැස්සන්ගේ ඇති පෝෂණය උරාගෙන එම සතුන්ගේ බහිස්රාවීය ද්‍රව්‍ය හාල්මැස්සන් මතට හෙළන නිසායග මේවා ආහාරයට ගැනීමෙන් විවිධ බැක්ටීරියා ආසාදනයන්ට වෛරස් වැනි දේවල්වලට මිනිසා ගොදුරු විය හැකියිග
හැමවිටම වියළි ස්වභාවයෙන් යුතු නොනැමෙන දරදඬු ස්වභාවයක් සහිත ඇස් දීප්තිමත්ල පිටෙහි දීප්තිමත් රේඛාව සහිත හාල්මැස්සන් තෝරා ගැනිම කළ යුතුයිග හාල්මැස්සන් කැල්සියම් හා ප්‍රෝටීන් අධික ආහාරයක් නිසාත් කැල්සියම් ඌනතාවයෙන් පෙළන අයට කදිම ඔසුවක් වන්නේ හාල්මැස්සන් ආහාරයට ගැනීමයිග කුඩා ළමුනටල කිරි දෙන මව්වරුන්ට මෙන්ම ගර්භණී මව්වරුනට ද හාල්මැස්සන් ඉතාම විශේෂ වෙනවාග හැකි හැමවිටම හාල්මැස්සන් ආහාරයට ගැනීම ඉතාම වැදගත්ග
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
curtesy :dinamina.lk