Beauty
හරියට ප්‍රතිකාර කළොත් පිම්පල් හොඳ කරන එක සිම්පල්
කුරුලෑ නැත්නම් ඇක්නි අද බහුලව දකින්නට ලැඛෙන ප්‍රශ්නයක් වෙලා. ඇයි මේ කුරුලෑ ඇති වෙන්නේ? හරියට ඛෙහෙත් කළා. ඒත් අඩු වුණේ නෑ. කොහොමද කුරුලෑ හොඳකර ගන්නේ?
ඔන්න ඔය වගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න අප තීරණය කළේ කුරුලෑ ඇතිවීම නිසා පීඩාවට පත්වෙමින් අසහනයට පත් වෙමින් සිටින අය අපට බොහෝවිට හමුවන නිසයි.
ඉස්සර නම් මේ තත්ත්වයට වැඩියෙන්ම මුහුණ දුන්නේ යොවුන් වියේ පසුවන අයයි. නමුත් අද වනවිට ගැහැනු පිරිමි භේදයකින් තොරව ඒ වගේම වයස් භේදයකින් තොරව වැඩිහිටි අය අතරත් අප මෙම තත්ත්වය දකිනවා. මෙය මානසික වශයෙන් බොහෝ දෙනකුට කරදර දෙන වධදෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා. මේ කුරුලෑ නැත්නම් පිම්පල්ස් සුව කර ගන්නට වැඩි දෙනෙක් ලොකු මුදලක් ඒ සඳහා වියදම් කරනවා. ඛෙහෙත් බොනවා, අත් ඛෙහෙත් කරනවා. නමුත් මේ අයට නිට්ටාවටම කුරුලෑ සුව කරගන්නට හැකිවෙලා නෑ.
කුරුලෑ ඇති වන්නේ ඇයි?
සමේ හෙයා පොලිකල් එකත් එක්ක මේද ග්රන්ථීන් සම්බන්ධයි. අපේ සෑම රෝම කූපයක් සමඟම මේදය නිෂ්පාදනය කරන ග්‍රන්ථීයේ එකවරම අවහිරතාවයක් සිදු වුවහොත් බැක්ටීරියා ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. අප කුරුලෑ වශයෙන් හඳුන්වන දෙය තමයි පිම්පල්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩිස්, ඇක්නි වශයෙන් එක එක ස්වරූපයෙන් ඇති වන්නේ. ආසාත්මිකතාවයක් ඇති වී එහි වැඩිවීමක් සිදුවුවහොත් තමයි එය සැරව ගලන ආකාරයේ ලොකු ගෙඩි බවට පත්වන්නේ.
සමහර අයට මෙය ආසාත්මිකතාවයක් නිසා හෝ තරුණ අයට නම් හෝමෝන නිසාත් ඇති වන්නට පුළුවන්. මෙහි තිඛෙන බරපතළම දේ වන්නේ කුරුලෑවලින් සම අවලස්සන වීම පමණක් නෙමෙයි. මුහුණේ වළවල්, කළු ලප, කැළැල් ආදිය ඇතිවිය හැකි වීමයි. මේ නිසා අනිවාර්යයෙන්ම මෙය වෛද්‍ය ප්‍රතිකර්ම මඟින් සුවකරගත යුතු වන්නේ ඉන් ඇතිවන අතුරු ප්‍රතිඵල වළක්වාගත යුතු නිසයි. කුරුලෑ ඇතිවීම එයම ප්‍රතිකාර ලබාගැනීමට උනන්දු නොවී සිටියහොත් මුහුණ පුරාම වළවල්, කළු ලප ඇතිවී මුහුණට අවලස්සන බවක් ඇතිවිය හැකියි.
මේ සඳහා ප්‍රතිකර්ම සිදු කෙරෙන්නේ මොන ආකාරයෙන්ද?
ඒඥඵබඩඥබඪජ වෛද්‍ය ක්රමයේ දී අප ප්‍රතිකාර කරනු ලබන්නේ ඛෙහෙත් සහ තාක්ෂණය භාවිත කිරීමෙනුයි. මෙහිදී සුව කිරීමට නොහැකි තත්ත්වයේ පවතින කුරුලෑ ඇක්නි ඇති අය අප සාර්ථක ප්‍රතිකර්ම මඟින් සුවකර තිඛෙනවා. අප අවශ්‍යතාවය මත ඖෂධ ලබාදීමක් සිදු කරනවා. බොන ඛෙහෙත් මෙන්ම ආලේප කිරීම සඳහාත් ඖෂධ භාවිත කළ යුතුයි. කුරුලෑ ඇති අයට ප්‍රතිකාර කිරීමේ දී ඒ හැම කෙනකුටම එකම ආකාරයේ ඛෙහෙත් ගැළපෙන්නේ නෑ. එක් එක් අයට ඛෙහෙත් ලබාදෙන ආකාරය වෙනස්වනවා.
තමන් දන්න කෙනෙක් කුරුලෑ සුව කරගන්නට ගන්න ඛෙහෙත් තමන්ටත් සුදුසුයි කියා එම ඛෙහෙත්ම පාවිච්චි කරන්නට පෙලඹෙන අයත් ඉන්නවා. එය නොකළ යුතුම දෙයක්. හේතුව අප ප්‍රතිකාර සිදු කරන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරය අනුව වන නිසයි.
සමහර අයට කුරුලෑ ඇති වී තිඛෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට හෝමෝන අසමතුලිතතාවයක් නිසා වන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී කුරුලෑ ඛෙහෙත් ලබාදෙන අතරතුර හෝමෝන පරික්ෂාවක් සිදුකර එහි සමතුලිත බවක් ඇති කරනවා. ඒ අනුව එම පුද්ගලයාට එම ප්‍රතිකර්ම දෙකම සිදු කළ යුතුයි. වැඩිමල් අය නම් සමහරවිට වයිට්නිං ක්‍රීම් බීලිචිං වැනි දේ භාවිතකර අසාත්මිකතා ඇති වීමෙන් සමට හානි සිදුවීම නිසා කුරුලෑ ඇතිවීමක් සිදුවිය හැකියි. ඒ වගේ අයට නම් අප ඔවුන්ගේ සම අලූත්වැඩියා කිරීමක් සිදුකර නැවත සම යථා තත්ත්වයට ගෙන එනවා. මේ අයට ඇන්ටිබයටික් එකක් ලබාදීමෙන් වැඩක් වන්නේ නෑ. මේ සඳහා ලබාදිය යුතු විවිධ වර්ගයේ බොන ඛෙහෙත් තිඛෙනවා. සමහරුන්ට ඇතැම් ඛෙහෙත් වර්ග අසාත්මික වන අවස්ථා තිඛෙන නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් එවැනි ඖෂධ වර්ග භාවිත කරන්නට සැලකිලිමත් විය යුතුයි.
අනෙක් ප්‍රතිකාරය නම් ලේසර් ප්රතිකර්මයි. ලේසර් ප්‍රතිකර්ම නිසා පිළිකා ඇතිවේය යන අස්ථාන බිය නිසා සමහරුන් මෙයට පසුබටතාවයක් දක්වනවා.
එහි කිසිම සත්‍යතාවයක් නැති බව කිව යුතුයි. මේ පිළිබඳ සුදුසුකම්ලත් වගකීමකින් යුතුව ප්‍රතිකාර කරන තැනකින් මෙය සිදුකරනවා නම් සියයට සියක්ම එහි ආරක්ෂිත බවක් තිඛෙනවා.
මේ සඳහා ලේසර් ප්රතිකර්මය යොදා ගැන්මෙන් බැක්ටීරියා මර්දනය කිරීම, මේද ග්‍රන්ථී කුඩා කිරීමක් එමෙන්ම තෙල් නිෂ්පාදනය කිරීම පාලනය කිරිමක් සිදු කරනවා. කුරුලෑ නිසා අසාත්මිකතා ඇති වී තිඛෙන සම පීල් කරනු ලබන තෙරපි ක්‍රම ආදියත් තිඛෙනවා. මෙම ක්‍රම තුනෙන්ම අප මේ සඳහා ඉතා සාර්ථක ලෙස ප්‍රතිකර්ම සිදුකරනවා.
කාලයක් සිටම මුහුණේ අධික ලෙස කුරුලෑ ඇති වී ආසාදනය වී සිටි අයකුට දවසකින් දෙකකින් ප්රතිකාරකර මෙය සුව කිරීමට හැකියාවක් නෑ. නමුත් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර පටන්ගෙන මාස හයක් පමණ වනවිට ඔවුන්ගේ මුහුණේ සම කුරුලෑ නැති සමක් බවට පත් කරන්නට ප්‍රළුවන්.
සමහර ආහාර වර්ග නිසා කුරුලෑ ඇති වියහැකි බවට සමහරුන් අතර මතයක් තිඛෙනවා නේද?
කෑම වර්ග නිසා කුරුලෑ ඇතිවන බවට සියයට සීයක් තහවුරු වෙලා නෑ. නමුත් අප දැක තිඛෙනවා කුරුලෑ සුව කිරීමෙන් පසුව චොකලට්, තෙල් කෑම වැනි දෙයක් ගැනීම නිසා කුරුලෑ මතු වී තිඛෙන අවස්ථාවන්. එසේ වුවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වනවා. අප ප්‍රතිකාර කරන අතරතුර ගතයුතු සහ නොගත යුතු ආහාර පිළිබඳ ඔවුන්ව දැනුවත් කරන්නේ එම නිසයි. කුරුලෑ සුව කළ නොහැකි දෙයක් නොවේ. නමුත් එය සුව කරගන්නට නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුමයි.
pasanliya.info
(under the courtesy of goodhousekeeping.lk web)