Life
හර්පිස් සොස්ටර් අතුරු ආබාධයට ප්‍රතිකාර තිබේ
හර්පීස් සොස්ටර් පැපොල රෝගය ඇති වී අවුරුදු 10 - 12 පසු ඇතිවිය හැකි
රෝගී තත්ත්වයකි. මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු වන්නේ මෙම රෝග තත්ත්වය
ඇතිවන්නේ පැපොල රෝගය ඇති වූ අයට පමණක් බවයි. එහෙත් පැපොල සෑදුනු සෑම
අයෙකුටම රෝගය මතුවන්නේ ද නැත. ප්‍රතිශක්තිකරණය දුර්වල විට හර්පීස්
සොස්ටර් ඇතිවන බව හඳුනාගෙන තිබේ.
මෙහිදී මුහුණ ප්‍රදේශය සහ ඇලපත ප්‍රදේශය ආසාදනයට ලක්වන අවස්ථා බහුලය. බිබිලක් ලෙසට රෝගය මතුවන අතර එය මතුවන්නේ වෛරසයකිනි.
මෙහිදී
බොහෝ වේලාවට රෝගය අතුරු ආබාධයක් ලෙසට මුහුණ සහ ඇලපත ප්‍රදේශයේ අධික
වේදනාවක් සහිතව ඇති වන අතර එම වේදනාව දිගු කලක් පවතින අවස්ථා තිබේ.
මධ්‍ය ස්නායු පද්ධතියේ බලපෑම තුළ එවැනි තත්ත්වයක් ඇති වන බව පෙනේ.
මුහුණේ
වේදනාව හටගන්නේ පස්වන කපාල ස්නායුව ආසාදනයට ලක්වීම නිසාවෙනි. මුහුණේ
බිබිලි මතුවන්නේ එම කාරණාව හේතුවෙනි. රෝගය ඇතිවන විට රෝගියාට උණ ගතිය
මතුවීමට පුළුවන.
මෙම රෝගි තත්ත්වය හමුවේදීත් රෝගියා ප්‍රතිකාර වලට
යොමුකර වෙන්කර තබා ගත යුතුය. හැකිනම් පැපොල සෑදී නැති අයට පැපොල රෝගය ඇති
වීමේ හැකියාව තිබේ.
හර්පීස් සොස්ටර් රෝගයෙන් පසු ඇතිවන මුහුණේ
අධික වේදනාව සහ කොන්දේ අධීක වේදනාවට මෙහිදී ප්‍රතිශක්තිය වර්ධනය කිරීම
ස`දහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් වේදනාව නැතිකරමින් දුර්වල වූ ස්නායු
අන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීමක් සිදුකෙරේ. නියමිත නිල ස්ථාන උද්දීපනය
කිරීමේදී සම්පූර්ණයෙන්ම වේදනාවෙන් තොරව රෝගියා සුවය ලබයි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks