Health
හඳුනාගන්න මුඛ පිළිකාවේ මිතුරන්
බුලත්විට - දුම්කොළ - පුවක් දුම්පානය - මධ්‍යසාර
පිළිකාවේ නම ඇසීමටවත් අපි කැමැති නොවෙමුග පිළිකාවක් අතවනා ගෙන්වා ගන්නේ කවුදරෑ නමුත් අප අතරේ පවතින සමහර පිළිකා වර්ග බොහෝවිට එසේ අතවනා ගෙන්වා ගන්නා වර්ගයේ පිළිකා බවද ඒ පිළිබඳ සොයා බලන විට පෙනී යයිග මුඛ පිළිකාව ද බොහෝවිට එවැනි වර්ගයේ පිළිකාවකිග විශේෂයෙන්ම අපේ රටේ පිරිමින් කෙරෙන් ඉතාමත් බහුලව වාර්තා වන පිළිකාවක් වනුයේ මුඛ පිළිකාවයග එහෙයින් අප දැඩිලෙස ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයග පසුගිය වසර පහේ දත්ත සැලකිල්ලට ගෙන බැලූ විට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ මුඛ පිළිකාව වැළඳුණු රෝගීන්ගේ 40්‍රක පමණ වැඩිවීමක් අපට දැකගත හැකග තවද මෙම පිළිකාව වැඩි වශයෙන්ම වැළදෙනුයේ වයසින් වැඩි පුද්ගලයින් හටයග ඊට හේතුව අවදානම් කාරකවලට ඔවුන් නිරාවරණය වන කාලසීමාව වැඩි වීමයිග
මුඛ පිළිකාවක් කියන්නේ මොකක්දරෑ
මුඛ කුහරයේ ඇති ඕනෑම පටකයක ඇතිවන පිළිකාවක් මුඛ පිළිකාවක් ලෙස හැඳින්වේග මුඛ පිළිකාවක් හට ගැනීමට පෙර මුඛ කුහරයේ දක්නට ලැබෙන වෙනස්කම් පූර්ව මුඛ පිළිකා ලකුණු ලෙස හඳුන්වනු ලැබේග පූර්ව මුඛ පිළිකා ලක්ෂණ මෙන්ම මුඛ පිළිකා සඳහා අපගේ අහිතකර පුරුදු බොහෝමයක් බලපායිග
විශේෂයෙන්ල
බුලත්විට භාවිතය
දුම්කොළ හා පුවක් ආශි‍්‍රත නිෂ්පාදන භාවිතය
දුම්පානය සහ මධ්‍යසාර භාවිතය
අහිතකර ලිංගික චර්යාවල යෙදීම
පූර්ව මුඛ පිළිකා ලක්ෂණ හට ගැනීමට හා මුඛ පිළිකා ඇති වීමට හේතු වේග විශේෂයෙන්ම ඉහත සඳහන් එක් පුරුද්දකට ඇබ්බැහි වූ පුද්ගලයින්ට වඩා අහිතකර පුරුදු වැඩි ප්‍රමාණයක් සඳහා හුරු වූ පුද්ගලයින් හට මුඛ පිළිකාවක් හට ගැනීමේ අවදානම වැඩියග එපමණක් නොවේල එම පුරුදුවලට හුරු වී සිටින කාලසීමාව මෙන්ම එවැනි හුරුපුරුදුවල නියැලෙන වාර ගණන වැඩි වූ තරමට ද මුඛ පිළිකාවක් හට ගැනීමේ හැකියාව ද වැඩි වෙයිග එසේම දුම්කොළ සපන විට පිළිකා ජනක ද්‍රව්‍ය 28ක් පමණ නිදහස් වන බව හා පුවක්වල පිළිකාජනක ද්‍රව්‍ය 4ක් පමණ ඇති බවත් විද්‍යාත්මකව හඳුනාගෙන තිබේග හුණු මඟින් දුම්කොළ සහ පුවක්වලින් පිළිකා කාරක ද්‍රව්‍ය නිදහස්වීම වැඩි කරන අතර මුඛ ආස්තරය ද තුනී කරයිග මේ හේතුවෙන් නිදහස්වන පිළිකා ජනක මුඛ ආස්තරයේ ඇති සෛලවලට උරා ගැනීම පහසු කරයිග
පූර්ව මුඛ පිළිකා ලක්ෂණ සියල්ලක්ම මුඛ පිළිකාවක් බවට පත් වෙනවාදරෑ
නැතග නමුත් ඉන් යම්කිසි ප්‍රතිශතයක් මුඛ පිළිකාවක් බවට පත්විය හැකග ඒ අතරින්ල සුදු ලපල රතු ලපල සුදු සහ රතු මිශ්‍ර ලපල මුඛ ශලේෂ්මල ෆයිබ්රෝසියාව ප්‍රධාන වේග නමුත් මේවා කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාරවලට යොමු වුවහොත් මුඛ පිළිකාවක් බවට පත්වීම වළක්වා ගත හැකග
ඔබට පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ
සුදු ලප රතු ලප සහ සුදු සහ රතු මිශ්‍ර ලපල කම්මුලේ ඇතුළු පැත්තේල දිවේ කටේ යටි පැත්තේ සහ විදුරුමස ආශි‍්‍රතව හෝ මුඛයේ ඕනෑම ස්ථානයක දැකගත හැකග
මේ ලප බොහෝවිට පැහැදිලිව හඳුනාගත හැකග පිසදා ඉවත් කළ නොහැකග ඉතා කුඩා ප්‍රමාණයේ ලප මෙන්ම ඉතා විශාල ලපද දැකගත හැකග එම ලප මතුපිට තරමක ගොරෝසු බවකින් යුක්ත විය හැකග බොහෝවිට මෙම ලප වේදනාවෙන් තොරයග
එනමුත්ල
මුඛ ආස්තරයේ දැකිය හැකි සෑම පාට වෙනස්වීමක්ම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ නොවේග හැපීමෙන් ඇති වූ තුවාලල නොයෙකුත් රසායනික ද්‍රව්‍ය නිසා ඇති වූ පිළිස්සීම් මෙන්ම සමහර දිලීර ආසාදන ද (Candida වැනි- මුඛ ආස්තරයේ වෙනස්කම් ඇති කිරීමට සමත් හේතුවලින් සමහරකිග
මුඛ ශලේෂ්මල ෆයිබ්රෝසියාව
මුඛ ශ්ලේෂ්මල ෆයිබ්රෝසියාව (Oral sub Mucus Fibrosis) යනු විශේෂයෙන්ම පුවක් භාවිතය නිසා ඇතිවන පූර්ව මුඛ පිළිකා ලක්ෂණයකිග මෙම රෝගයේදී මුඛ ආස්තරයට යටින් වූ පටකවල වෙනස්කම් ඇති වීම නිසා මුඛයේ නොයෙකුත් ආසාමාන්‍ය ලක්ෂණ ඇති වේග මුඛ ආස්තරය සුදුමැලි වීමල කට ඇරීමේ අපහසුතාවල දිව එළියට දැමීමේ අපහසුව මෙන්ම මිරිස් කන විට ඇතිවන අධික දැවිල්ල එවැනි වෙනස්කම්වල ලක්ෂණයග
සිසුන් අතරත් මුඛ ශලේෂ්මල ෆයිබ්රෝසියාව
මෑතක සිට වෙළඳපලේ බහුලව ඇති පුවක් හා පුවක් ආශ්රිත නිෂ්පාදන පාසල් සිසුන් අතර ඉතා ජනපි‍්‍රය වී ඇති අතර ඒවා පාවිච්චිය හේතුවෙන් දැන් දැන් පාසල් සිසුන් අතරින් ද මුඛ ශ්ලේෂ්මල ෆයිබ්රෝසියාව හඳුනාගත හැකග
උදෑසන දත් මදින විට තමාගේ කට පරීක්ෂා කරගත හැකියි
අවම වශයෙන් මසකට වරක් වත් උදෑසන දත් මදින විට කට පරීක්ෂා කර බැලීමෙන් මෙවැනි වෙනස්කම් ඔබට හඳුනාගත හැකග
කෙසේදරෑ
කුඩා කැඩපතක් ගෙන කටට හොඳින් ආලෝකය වැටෙන ස්ථානයකට ගොස් මුඛයේ සෑම ස්ථානයක්ම හොඳින් පරීක්ෂා කර බලන්නග යම්කිසි වෙනසක් දුටුවහොත් වහාම ළඟම සිටින දන්ත ශල්‍ය වෛද්‍යවරයා වෙත ගොස් ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් කරගැනීම ඉතා වැදගත් වේග
මීට අමතරව මුඛ පිළිකා සඳහා අවදානමක් සහිත පුද්ගලයින් එනම්ල දිනපතා බුලත්විට සපන අය බුලත්විට සමඟ :ඉඳහිට සැපුවත්- දුම්පානය හෝ මධ්‍යසාර භාවිතා කරන අය දුම්කොළ සහ පුවක් ආශි‍්‍රත නිෂ්පාදන භාවිතා කරන අය වසරකට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු වෙතින් මුඛ පරීක්ෂාවක් කරගත යුතු බව වෛද්‍ය අවවාදයයිග ඔබට එවැනි සායනික මුඛ පිළිකා පරීක්ෂාවක් කර ගැනීමට අවශ්‍ය පහසුකම් ඕනෑම රජයේ රෝහලක පවතින දන්ත වෛද්‍ය සායනවල ඇතග ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නාරාහේන්පිට පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් පවතීග එම සායනය පැවැත්වෙන දිනයන් සහ වේලාවන් වනුයේ
සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8ග30 සිට සවස 4ග00 දක්වා වේග
ඒ අනුව මේ සියලු පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් හා අහිතකර පුරුදුවලින් මිදී ඔබේ වටිනා දිවිය මෙම වේදනාකාරීල අවාසනාවන්ත රෝගී තත්ත්වයට පත් වීමෙන් වළක්වා ගැනීමට ඔබට හොඳින්ම හැකියාව තිබේ
curtesy :dinamina.lk/