Life
හදවතේ පුංචි රිදීමක් පියයුරු පිළිකාවක් වෙන්න පුළුවන්
සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු මුණගැහෙන්න යන හැම කාන්තාවක්ම වැඩියෙන්ම පවසන රෝග අතර හදවත් රෝග ප්‍රධානයි. අධ්‍යයනයකින් හෙළිවුණු විදියට හදවතේ ඇතිවෙන පුංචි කැක්කුම පියයුරු පිළිකාවකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ආතතිය සහ විශාදයත් හේතු වන බව සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඇතිවන හදවත් රෝග නිසා අධික රුධිර පීඩනයද ඇතිවීමට ඉඩ තිබෙනවා. එසේම අධික රුධිර පීඩනයට කොලෙස්ටරෝල් තිබීමත් හේතුවක්. ඊස්ට්‍රජන් හෝමෝනයද සමහර විට කාර්ඩියෝ වැස්කියුලර් අවදානම අඩු කරනවා.
ඒ හැරුණු විට අධික ස්ථුල කාන්තාවන්ද හෘද රෝගවලට ලක් වෙනවා. එයට හේතුව ස්ථුල බව අධික නිසා අධික රුධිර ප්‍රමාණයක් හෘදය හරහා පරිවහණය කිරීමයි.
ආතතිය හේතු කොටගෙන මොළයේ ඇතිවන මානසික අසමතුලිතතාවයේ බලපෑමෙන් හෘද රෝග මතුවෙනවා. විශේෂයෙන් පිරිමි පාර්ශ්වය අතර මේ තත්ත්වය බහුලව දැකිය හැකියි. කාන්තාවන්ට පිරිමි අයට වඩා මනස සන්සුන් කර ගැනීමේ හැකියාව වැඩිවීම එයට හේතුවක්.
දුම්බීම පිළිකා සහ හදවත් රෝග ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වනවා. කාන්තාවන් හෘද රෝගයට ලක් වෙන්නේ අක්‍රිය දුම් පානය හේතුවෙනි. බොම්බායි නගරයේ පමණක් තත්පර 45කට වරක් කාන්තාවක් අක්‍රිය දුම් පානය හේතුකරගෙන රෝගී වෙනවා.
කාන්තාවන් සහ පිරිමින් අතර හෘද රෝග ඇති වීමේ ක්‍රමවේදයේ වෙනසක් තිබෙනවා. එසේම හැසිරීම, රැකියාව, සමාජ තත්ත්වය මත හෘද රෝග වැලඳීමේ ප්‍රවණතාව අධිකයි. එබැවින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම ඉතාම වැදගත්.
පර්යේෂකයන් පවසන පරිදි බොහෝ කාන්තාවන් තම පෙර වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීමත් ගැටලුවක්. ඉන් රෝග නිර්ණය අපහසු වෙනවා.
Wmqgd .ekSu u