පසුගිය දිනවල ඇදහැලුණු වැස්සත් සමඟ මේ දිනවල බොහෝ දෙනෙක් සෙම රෝගයෙන් පීඩා විඳිනවා. ඇත්තටම මොකක්ද මේ සෙම කියන්නේ.
ආයුර්වේද වෛද්‍ය රත්පත රුවන් රත්නායක මහතා - සෙම් රෝග පිළිබඳ විමසා බලන විට පීනස් රෝග මූලිකත්වයක් ගනු ලැබේ. උදෑසන අවදි වූ විට සොටු දියර ගැලීම, කිවිසුම් යැම, නාසයෙන් ඇති වන දුගඳ, හිසෙහි බර ගතිය ආදිය රෝග ලක්ෂණ ලෙස හඳුන්වාදිය හැකියි.
සෙම ඇතිවීමට බලපාන හේතු මොනවාද ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - සෙම් පදාර්ථ ජීර්ණ පද්ධතියේ නිපදවනු ලබන අතර සෙම නිසා ඇතිවන කරදරකාරී තත්ත්ව බොහෝ දුරට දැක ගත හැක්කේ නළල, මුහුණ ආදී ප්‍රදේශ ආශ්‍රිතවයි. එම වේදනාකාරී බව නිසා බොහෝ දෙනාට අවශ්‍ය වන්නේ එසේ ඇතිවන සෙම කොටස් ශරීරයෙන් ඉවත් කර දැමීමටයි. නමුත් මූලික වශයෙන් මෙහිදී සෙම ඇති වීම සඳහා බලපාන ප්‍රධාන හේතුව හඳුනා ගත යුතුයි.
ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත් වන මිනිසුන්ගේ ශරීර අධික උෂ්ණ සහිතයි. මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකි වූවත් මොළය ආශ්රිත සියුම් ස්නායු සෛලවලට එය දරා ගැනීමට නොහැකියි.
එබැවින් ශරීරය විසින් ඊට උපක්‍රමයක් ලෙස ස්වයං ශීතකරණය ක්‍රමයක් (Auto Cooling System) අනුගමනය කරනු ලැබේ.
මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මොළය විසින් නිකුත් කරනු ලබන සංඥා අනුව ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවයි. ඊට හේතු වන්නේ ශරීරයේ උෂ්ණ අධික බව වළක්වා ගැනීම හා ස්නායු සෛල වියළීම වළක්වා ගැනීමයි. කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණෙන සෙම පදාර්ථ නළල ආශ්රිත ප්‍රදේශයේ කෝටර (හිස්කබල, නාසය හා ඇස් ආශ්රිත කුහර) තුළ එක් රැස් වේ. පසුව එම සෙම් කොටස් නාසය හරහා වාතයට නිරාවරණය වීම හේතුවෙන් ක්ෂුද්‍ර ජීවින්ගේ ආක්‍රමණයට භාජනය වේ. එම ක්ෂුද්රජීවී ක්‍රියාකාරීත්වය නිසා සෙම පැසවීමට ලක් වී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඇති කරනු ලැබේ. එවිට නාසයෙන් සොටු දියර ගැළීම ආදී වූ සෙම්ප්‍රතිශ්‍යාව ආශ්රිත රෝග ලක්ෂණ ඇති කරනු ලැබේ.
ශරීරය අධික උෂ්ණ වීමට බලපාන හේතු මොනවාද?
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඇතැම් පිරිසකගේ ශරීර ස්වභාවයෙන්ම (උපතින්ම) උෂ්ණ අධික බවින් යුතු වන අතර තවත් සමහර පිරිසකට උෂ්ණ අධික ශරීරයක් හිමි වන්නේ ඔවුන් ලබා ගන්නා වැරදි ආහාර නිසාවෙනි. එවැනි ආහාර සඳහා උදාහරණ ලෙස ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසි, තක්කාලි වැනි අම්ල අධික ආහාර පිළිබඳව ද පැහැදිලි කළ හැකියි.
මෙම රෝගීන්ට වැළඳෙන වෙනත් රෝග මොනවාද?
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක
ඉහත රෝගී තත්ත්වයන්ට සමගාමීව ඇතැම් රෝගීන් මුහුණ දෙන තවත් රෝග අවස්ථාවක් ලෙස ඉරුවාරදය පිළිබඳ හඳුන්වාදිය හැකියි. මේ සඳහා මුලික හේතුව බවට පත්වන්නේ ශරීරය තුළ හට ගන්නා අධික වූ පිත් ප්රභවයන්ය. කෙසේ වෙතත් මෙම අධික වූ පිත ස්වභාවය නිසා මොළය ආශ්රිත ශ්ලේෂ්ම පටලවලට දැඩි ලෙස හානි සිදුවේ. මෙම රෝගී තත්ත්වය සඳහා ද ප්‍රමුඛතම හේතුව වන්නේ ශරීරයේ පවත්නා උෂ්ණ අධික බවයි.
ඉහත රෝගී තත්ත්වවලට අමතරව අර්ශස් වැනි රෝග තත්ත්ව, කැසීම් පළුදැමීම ආශ්රිත සමේ රෝග, තදබල ලෙස පවතින ගැස්ට්‍රයිටීස් තත්ත්ව අධික කේන්තිය ආදී රෝගී තත්ත්ව සඳහා ඇතැම් අයට අඩු වැඩි වශයෙන් මුහුණ දීම සිදු වේ.
මේ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා
පොදුවේ ඉහත පැහැදිලි කළ සියලු රෝගී තත්ත්ව සඳහා පිළියම් යෙදීමට පෙර ශරීරයේ උෂ්ණ අධික බවට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. එහිදී ශරීරය ශෝධන කර්මවලට ලක් කරන ඖෂධ ලබා දිය යුතුයි. ඒවගේම වාපිත් සෙම් පදාර්ථවල සමතුලිත භාවය ඇති කරන ප්රතිකාරද සිදු කළ යුතුවේ.
විශේෂයෙන් සෙම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ බලෙන් ශරීරයෙන් සෙම් කොටස් බැහැර කරවීම වුවත් ස්වභාවිකවම ශරීරය විසින්ම ඒවා බැහැර කරන බව ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ අනුව මෙහිදී සිදු කළ යුතු වැදගත්ම ප්රතිකර්මය වන්නේ ශරීරයෙන් සෙම බැහැර කර වීමට වඩා රෝග නිධානය වන ශරීරයේ උෂ්ණ අධික බව සමනය කිරීමයි.