වසා පද්ධතිය තුළ තිබෙන ගැටිතිවලින් එකක ලෙස සෙම්ගෙඩි හ`දුන්වා දිය හැකිය. නාසය හා උගුර සම්බන්ධ සෙම්ගෙඩි ජාලයක්ම පවතී. මෙම සෙම්ගෙඩි උගුරේ හා නාසයේ පිහිටා ඇත. උගුරේ සෙම්ගෙඩි යුගලක් හා නාසයේ එක් සෙම්ගෙඩියක් වශයෙන් මෙය පිහිටා ඇත. උගුරේ පිහිටා ඇති සෙම්ගෙඩි යුගලය ටොන්සිල් යනුවෙන්ද නාසයේ පවතින සෙම් ගෙඩි ඇඩිනොලිට් යනුවෙන්ද හ`දුන්වනු ලැබේ.
විෂබීජ වෙනුවෙන් මෙම සෙම්ගෙඩි විශාල සටනක් වසා පද්ධතිය තුළ සිදු කරනු ලබයි.
කුඩා කාලයේදී සෙම්ගෙඩි මගින් දරුවන්ගේ සිරුරේ ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට විශාල මෙහෙවරක් කරනු ලබයි. සෙම්ගෙඩි තුළ සෑදෙන ප්රතිදේහ ශරීරයට ඇතුළු වන විෂබීජ සමග විශාල සටනක් කරනු ලබයි. නාසයට ඇතුළු වන විෂබීජ නාසයේ පවතින සෙම් ගෙඩි මගින් සාදන ප්රතිදේහ සටන් කර එය විනාශයට පත් කරයි. එසේම මුඛයට ඇතුළු වන විෂබීජ උගුරේ පවතින සෙම්ගෙඩිවල පවතිනා ප්රතිදේහ සමග සටන් කර ඒවා විනාශ කරනු ලබයි. මේ අනුව සෙම්ගෙඩි ප්රතිදේහ පද්ධතියට විශාල මෙහෙවරක් කරනු ලබයි.
සෙම්ගෙඩි ආසාදනයට ලක්වනුයේ ස්ටැපිලකොකස් නමැති බැක්ටීරියාව ශරීරගත වීමෙනි. මෙම බැක්ටීරියාව රුමැටික් උණ හෝ වකුගඩු ආසාදනය කිරීමට හේතු වන්නේය.
අවේලාවේ ස්නානය කරන පුද්ගලයින්ට සෙම්ගෙඩි සෑදීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන්නේය. මෙවැනි පුද්ගලයින් සීත අධික ආහාරවලින් හැකි පමණ ඈත් වී සිටින්නේ නම් එය වඩාත් යහපත් වන්නේය.
සෙම්ගෙඩි සෑදුණු අවස්ථාවන්වලදී ගිලීම අපහසු වන්නේය. මෙවන් විටක ළා රස්නයෙන් වතුර හෝ උණු පානයක් ගත හැකිය.
යම් හේතුවකින් සෙම්ගෙඩි ආසාදනය වූ විට ගිලීමේ අපහසුව මෙන්ව බෙල්ල දෙපස කුද්දැටි ලෙස මතුවේ.
යම් පුද්ගලයකුගේ වසා පද්ධතියේ එන කුද්දැටි එසේත් නොමැති නම් බෙල්ල දෙපස මතුවන කුද්දැටි පරික්ෂා කිරීමේදී සී.ආර්.පී නමැති රුධිර පරික්ෂණයක් කළ හැකි නම් එමගින් වසා පද්ධතියේ කුද්දැටි මතු වීමට හේතුවන කාරණ නිවැරදිව හ`දුනාගත හැකිය.
විශේෂයෙන්ම සිරුරේ සුදු රුධිරානු අඩුවීමක් හෝ ලියුකේමියා රෝග තත්ත්වය මතු වන අවස්ථාවන්වලදී පවා මෙසේ සෙම්ගෙඩි ලෙස කුද්දැටි මතුවේ.
සෙම් ගෙඩි මතුවන්නේ බොහෝ විට බැක්ටීරියා ආසාදනයක් හේතුවෙනි. රුධිර පරීක්ෂාවකින් අනතුරුව එය තහවුරු කර ගැනීමට හැකියාව පවතී. එවන් අවස්ථාවකදී බැක්ටීරියාවක් මතුව සෙම්ගෙඩි සෑදී ඇත්නම් ඒ ස`දහා දින 10ක් යන තෙක්ම ප්රතිජීවක ඖෂධයන් ලබා දේ.
එච්.අයි.වී. වෛරසය ආසාදනය වූ විටකදී හෝ ලියුකේමියා රෝගය වැලදී ඇති විටකදී ඒ බව සෙම්ගෙඩි මගින් පෙන්නුම් කෙරේ.
තව ද යම් පුද්ගලයෙක් නින්දෙන් ගොරවයි නම් එයද සෙම්ගෙඩි සෑදී තිබෙන බව අගවන ලක්ෂණයකි.