iranama
සෙනසුරා රජෙක්ද හිඟන්නෙක්ද ?
ශනි හෙවත් සෙනසුරු යැයි කී පමණින් බොහොදෙනා බියට පත් වෙති. එනමුත් සෙනසුරු ග්‍රහයාගේ හොඳ මෙන්ම නරකද සම්මිශ්‍රණය වී තිබේ. සෙනසුරු ඒරාෂ්ටකයට තරම් බොහෝ දෙනා බිය නොවන වෙනත් කරුණක් නැති තරම්ය. එසේම සෙනසුරු ඒරාෂ්ටකය තුළින්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලැබූ පාලකයන් බොහෝ දෙනකු සිටි බව බොහෝ දෙනා නොදන්නාම සුවිශේෂී වූ කරුණකි. එසේම එම ඒරාෂ්ටකය ගෙවීයන විටම රාජ්‍ය බලයද නොසිතූ ලෙසම අහෝසි වී යෑමද පුදුමසහගතය. යම්කිසි ජන්ම පත්‍රයක සෙනසුරු සුබව, සුබ නැකැතක බලවත්ව, සුබ රාශියක සිට සුබ දෘෂ්ටි ලද විට එම ජන්මියා දීර්ඝායුෂ විඳී. එසේම සෙනසුරුගේ හොඳ පැත්ත ක්‍රියාත්මක වීමද සිදු වේ. උත්පත්ති ජන්ම පත්‍රයක සෙනසුරු ලග්නගතව හෝ වැඩි වශයෙන් චන්ද්‍රයාගෙන් 01, 02, 12 හෝ 07, 08 සිටි විට ලග්නයෙන් 02 හෝ 12, 08 සිටි විටද ඒරාෂ්ටක තත්ත්වයන් උදාවේ. ග්‍රහ මඬුල්ලේ ප්‍රබලම පාපග්රහයා ලෙසට සෙනසුරුව හඳුන්වයි. එසේම සෙනසුරුගේ ස්වභාවය වනුයේ මහලුය, කකුලක් කොරගසයි, වැරහැලි අඳියි, ලෞකික සැපතට අකැමැතිය, ජන්මියාගේ ආයු සැපතට බාධා කරයි, දුකට අධිපතිත්වය දරයි.වාහනය කාක පක්ෂියාය.
සෙනසුරුගෙන් සෑදෙන ලෙඩ රෝග නම් රක්තවාතය, අංශභාගය, මුත්‍රා ආසාදන, අක්මාව ආශ්රිත රෝග, දණහිස් ආශ්රිත රෝග, මානසික ව්‍යාකූලතාව වැනි තත්ත්වයන්ය. සෙනසුරුට අයත් දිව්‍ය ලෝකයක්ද ඇත. එය වෛකුණ්ඪ දිව්‍ය ලෝකය ලෙස හැඳින්වේ. යමෙකුගේ උත්පත්ති කේන්දරයේ නවවැන්න මකර, කුම්භ හෝ තුලා රාශිය වී සෙනසුරු එම නවවැනි රාශියේ තැන්පත්ව සිටියහොත් ඔහු වෛකුණ්ඪ දිව්‍ය ලෝකයේ සිට පැමිණි අයකු ලෙස සඳහන් වේ. එසේම යහපත්ව දිවි ගෙවුවහොත් නැවතත් එම වෛකුණ්ඪ දිව්යලෝකයේම ඔවුන් ඉපදෙනු ඇත.
සෙනසුරු විෂ්ණු දෙවියන්ටද හත්අවුරුද්දක් බටකොළ කැවූ කතාව බොහෝ ප්‍රසිද්ධ කාරණාවකි. ශනි හෙවත් සෙනසුරුගේ අපලයට බෝධිපූජා තැබීම, විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, ග්‍රහ පූජාවන් තැබීම, මරණයට කැපවූ සතුන් හා සිරකර සිටින සතුන් නිදහස් කිරීම, සෙනසුරාදා දිනවල උදේ වරුවේ කකුලක ආබාධිත අයට ආහාර දන්දීම සුදුසුය. බෝධි පූජාවන් තැබීමේදී බුලත්, නිල් මල් වර්ග, නිල් මල්වලින් සෑදූ ස්වාභාවික මල් මාලා, තලතෙල් පහන් තැබීම, ගිතෙල් යෙදූ කිරිබත් ගුළි තැබීම, ගිලන්පස තැබීම සුදුසුය. එසේම මෛත්‍රි භාවනාව මෙන්ම බුද්ධස්මෘති භාවනාවේ යෙදීමද සුදුසුය.
සෙනසුරුට එක රාශියක් ගෙවීමට වසර 2 1/2 පමණ කාලයක් ගතවන අතර වසරකට වරක් පමණ වක්රවීමද සෙනසුරුගේ ස්වභාවයයි. වෘෂභ, තුලා, මකර, කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු තදබල අපල ගෙන නොදෙයි.
ශ්‍රී ලංකාවේ තෙවරක්ම අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතා 1970 පැවැති මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වන විට ඔහුට අෂ්ටම ඒරාෂ්ටකය ලබා තිබුණි. සෙනසුරුගේ මෙම අනිටු බලපෑම හේතුවෙන් ඔහු අන්ත පරාජයකට පත්විය. 1970 මැතිවරණය පවත්වන විට එතුමාට සිකුරුගේ මහ දශාවේ රාහුගේ අතුරු දශාව ලබා තිබිණි. මේ වන විට මේෂ රාශියේ සෙනසුරු නීච තත්ත්වයෙන් පසු විය. මෙම නීච තත්ත්වයද අෂ්ටම ඒරාෂ්ටකය සමඟම පැමිණීමද එතුමාගේ පරාජයට දැඩි රුකුලක් විය. එසේම එතුමාගේ කන්‍යා ලග්නයට අටවැන්න මාරක ස්ථානයයි. 2 වැන්න අධිපති සිකුරුගේ මහ දශාවේ රාහුගේ අන්තර් දශාවද සමඟ සෙනසුරුගේ අෂ්ටම ඒරාෂ්ටකයද යෙදීම හේතුවෙන් මෙම පරාජය තීව්ර විය.
ඉහතින් සඳහන් කළේ සෙනසුරු ඒරාෂ්ටකය හේතුවෙන් පරාජය වූ අවස්ථාවකි. නමුත් සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකය පැවැති අවස්ථාවේදී ලංකාවේ ප්රබලතම රාජ්‍ය පාලකයෙක් බවට ලෝකවාසීන්ගේද බුහුමනට පත්වූ නායකයෙක්ද ඇත. එනම් 1956 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ යුග පෙරළියක් කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී මතාණන්ය.
1956 වර්ෂයේ මහ මැතිවරණය පවත්වන විට එතුමාගේ සෙනසුරු ගමන් කළේ දහවැන්නේය. එතුමාගේ කේන්දරයේ, උත්පත්තියේදී චන්ද්‍රයා දහවැන්නේ සිටි නිසා ගෝචරයෙන් ශනි 10 වැන්න පසුකරන විට ජන්ම ඒරාෂ්ටකය ලබා ඇත. ඒ අවස්ථාවේදී එතුමාට සිකුරුගේ මහදශාවේ සෙනසුරුගේ අතුරු දශාව පැවැතියේය. සිකුරු හතර හා නවවැන්න අධිපතියාය. කුම්භ ලග්න හිමි එතුමාට සෙනසුරු ලග්නාධිපති ග්‍රහයාය. එබැවින් මහදශා හා අතුරුදශාධිපතියන් බලවත් හෙයින් ජන්ම ඒරාෂ්ටකය දුර්වල වී සුබ පල ලබාදී අගමැති ධුරය හිමි විය.
එසේම 1970 වර්ෂයේ පැවැති මහ මැතිවරණයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රබල ජනවරමකින් දෙවැනි වරද අගමැතිනිය වූවාය. එම අවස්ථාවේදී එතුමියගේ කේන්ද්‍රයේ 8 වැන්නේ සෙනසුරු ගමන් කරමින් අෂ්ටම ඒරාෂ්ටකය උදාවී තිබුණි. එතුමියට නැවතත් රාජ්‍ය බලය ලැබෙන විට සෙනසුරු මහදශාව ලැබී තිබිණි. සෙනසුරු 5 වැන්න හා 6 වැන්න අධිපතිව දසවැන්නේ බලවත්භාවයට පත්වීමත් හේතුවෙන් අෂ්ටම ඒරාෂ්ටකයේ බල දුබල විය.
මෙසේ විමර්ශනයේ යෙදෙන විට වර්තමානය දක්වාම ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් බිහිකිරීම මෙන්ම රාජ්‍ය පාලකයන්ව මැතිවරණවලින් පරාජය කිරීමටද සෙනසුරුගේ බලපෑම සෘජුවම ලැබී ඇති බව ඉතාම පැහැදිලිය. අද මෙන්ම හෙටටද ගැළපෙන පැහැදිලි, ප්‍රබලම මෙවන් වූ ජේයාතිෂ සිද්ධාන්ත පිළිබඳ විමර්ශනයක යෙදී පාඨක ඔබටද මෙහි සැබෑ තත්ත්වය අවබෝධ කරගත හැකිය.
Wmqgd .ekSu u