Health
සුසුම්නාවට අනතුරක් සිදුවුණොත් ජීවිතය පුරාවටම ලෙඩ ඇඳෙ
අනතුරු පිළිබඳ කතා කිරීමේදී වර්තමානයේ ලෝකය පුරා අනතුරු පිළිබඳ සිදුවන වාර්තා බොහෝමයකිග එයින් ප්‍රධානතම ස්ථානය ගන්නේ මාර්ග අනතුරුයග නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම නිසා මාර්ග අනතුරු බහුල වශයෙන් සිදුවන බැව් නිරන්තරයෙන් රථවාහන පොලීසිය අනතුරු හඟවයිග
එසේම උසකින් බිමට වැටීම ප්රචණ්ඩ ක්‍රියා ආදිය නිසාත් ගෘහස්ත අනපේක්ෂිත සිදුවීම් නිසාද අනතුරු බහුල වේග එබැවින් අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්යාවත්ල සදාකාලිකව අබ්බාගාත තත්ත්වයට පත්වන පිරිසත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතීග
රඹුටන් කාලෙට ගස්වලින් වැටී රෝහල් ගත කරන බොහෝදෙනෙකුගේ තත්ත්වය බරපතල වන්නේ සුසුම්නාවට අනතුරු වීම නිසායග විශේෂයෙන්ම තරුණ පුතුන් සහ අඩු ආදායම්ලාභී පිරිමි පක්ෂයට මුහුණ දීමට තිබෙන මේ ගැටලුව නිසා ජීවිතය පුරාම ලෙඩ ඇඳේ සිටීමට සිදුවන්නේ රඹුටන් ගහෙන් බිම වැටීම නිසායග වසරකට 1500 - 2000 ක් පමණ සුසුම්නා අනතුරු නිසා රෝහල්ගත කෙරෙන බවද වාර්තා වී ඇතග අනතුරු පිළිබඳ කතා කිරීමේදී මෙවර ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ යම්කිසි අනතුරකදී ඔබගේ සුසුම්නාවට යම්කිසි අනතුරක් සිදු වූවොත් ඔබට අත්වන ඉරණම පිළිබඳවයිග
ඊට ප්‍රථම සුසුම්නාව යනු කිමෙක්දැයි අවබෝධයක් ලබා ගනිමුග
සුසුම්නාව යනු ස්නායු තන්තු මිටියකිග මෙය ස්නායු සෛල ලක්ෂ ගණනකින් යුක්ත වේග දිගින් අඟල් 18 -20 පමණ වන අතර ඝනකම අඟලක් පමණ වේග සුසුම්නාව පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළ හෙවත් කශේරුකාව මැදින් මොළයේ සිට පහළ ප්‍රදේශය දක්වායග
කොඳු ඇට පෙළ අස්ථි පද්ධතියට අයත් වන අතර සුසුම්නාව අයත් වන්නේ ස්නායු පද්ධතියටයග සුසුම්නාවට හානි සිදු වූවහොත් ශරිරයේ කොටස් අප්‍රාණික විය හැකග
සුසුම්නාව පිළිබඳ තවදුරටත් පැවසීමේදී ශරීරයේ සිදුවන සියලුම ක්‍රියා පාලනය වන්නේ මොළයෙනිග මේ සියලුම ක්‍රියා හොඳින් පාලනය වීමට නම් ශරීරයේ අනෙකුත් අවයවවලින් මොළයට පණිවිඩ පැමිණිය යුතුයග එසේම මොළයේ සිට පණිවිඩ අනෙකුත් අවයව කරා ගමන් කළ යුතුයග පණිවිඩ මොළයෙන් ආරම්භ වී අවශ්‍ය :මාංශ පේශිල මුත්රාශයල අන්ත්‍ර- ආදිය කරා පැමිණිය යුතුයග අප ශරීරය තුළ මාංශ පේශි 600 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා ක්‍රියාත්මක වන්නේ මොළයේ සිට එන පණිවිඩ මඟිනිග මොළය හා අනෙකුත් අවයව අතර පණිවිඩ ගෙන යාම සුසුම්නාවේ ප්‍රධානතම කාර්යයිග
එබැවින් යම්කිසි අනතුරකින් සුසුම්නාවට හානි වූවොත් මොළය සහ අනෙකුත් අවයව අතර පණිවිඩ හුවමාරුව සිදු නොවේග එවිට සිදුවන්නේ සුසුම්නාවේ අනතුර සිදු වූ ස්ථානයෙන් පහළ කොටස අප්‍රාණික වීමයග
අනතුර සිදු වූ ස්ථානයේ පහළ කොටසේ ක්‍රියාකාරීත්වය බලපෑම් ඇති කරන නිසා අතුරු ආබාධ ඇති වීමත්ල සමෙහි දැනීම නැති වී පීඩන තුවාල ඇතිවිය හැකග
මුත්‍රාශය හා බඩවැල් පේශිවලට මොළයේ සිට පණිවිඩ නොලැබෙන නිසා මළ මුත්‍රා පාලනයකින් තොරව සිදුවිය හැකි බැවින් පාලනය සඳහා කැතීටර් යොදනු ලැබේග
මේ අයගේ ඇද තුවාල පවා ඇතිවිය හැකග සුසුම්නා අනතුරකදී ඇතිවන මුල්ම අවස්ථාව ස්නායු කම්පනයයිග එය පැය කිහිපයක් හෝ සති ගණනාවක් :සති 6ක්- පමණ පැවැතිය හැකියග
හානියේ ප්‍රබලතාවය වැඩි වූ තරමට කම්පනය පවතින කාලය ද වැඩි වේග මෙහිදී අනතුරට ලක් වූ සුසුම්නාවේ කොටසට පහළ තිබෙන කොටසේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය වීමට පටන් ගනීග
සුසුම්නාව අනතුරකට ලක් වූ විට අස්ථියක් බිඳීමකදී හෝ වෙනත් ඉන්ද්‍රියයක් අකර්මණ්‍ය වීමේදී කළ යුතු ප්‍රතිකර්ම කිසිවක් කළ නොහැකග සුසුම්නාව සෑදී ඇත්තේ මොළේ සෑදී ඇති පටකවලින් බැවින් කිසි දිනක යථා තත්ත්වයට පත් කළ නොහැක
curtesy :
dinamina.lk