SexEducation
සුරාන්තය ගැන සැඟවුණු රහසක් හෙළිවේ
සුරතාන්තයට ලඟා වීම ලිංගික සබඳතාවේ උපරිම වින්දනයට පමණක් නොව සිය සහකරු හෝ සහකාරිය සමඟ යහපත් සන්නිවේදනයකටද මං පාදන්නක් බව අධ්‍යයනයක් හෙළි කරයි.
කොනෙක්ටිකට් සරසවිය කළ අධ්‍යයනයට අනුව ලිංගික සුරතාන්තයට ළඟා වීමෙන් පසු තමන් සතු වැදගත් තොරතුරු විවෘතව ඛෙදා හදා ගැනීමට දෙදෙනාම පෙළඹෙන බව සොයා ගෙන තිබේ. ඊට බලපාන ඔක්සිටොක්සින් නමැති හෝමෝනය හේතුවෙන් මේ පශ්චාත් සුරතාන්ත සන්නිවේදනය ධනාත්මක වෙයි. මෙම හෝමෝනය සමාජශීලි නැතහොත් ආදර හෝමෝනය නමින්ද හඳුන්වනු ලැබේ.
පශ්චාත් සංසර්ග සන්නිවේදනය කම්සුවය සහ සබඳතා සන්තෘප්තියටද බලපාන බව කොනෙක්ටිකට් සරසවියේ සහකාර මහාචාර්ය අමන්දා ඩෙනිස් පෙන්වා දෙයි. සයනයේ ආල බස් තෙපලීම සමීප කුලූපගතාවක් පවත්වා ගැනීමේ කාර්යයේදී වැදගත් මෙහෙයක් ඉටු කිරීම ඊට හේතුවයි.
සුරතාන්තයට පත් වූ විගස ඔක්සිටොක්සින් මොලයේ සිට වහනය වීමට පටන් ගනී. ඔක්සිටොක්සින් උස් මට්ටම දැඩි විශ්වාසය පිළිබඳ සංවේදීතාව ඇතිකරවයි. ආතතියට අදාළ කෝටිසෝල් හෝමෝන් මට්ටම අඩු කරයි.
සිය සහකාරිය හෝ සහකාරිය සමඟ විවෘතව තොරතුරු හුවමාරු කර ගැනීමට මේ වාතාවරණය පෙළඹවීමක් ඇති කරවයි. එහෙත් මත්පැන් පානය කොට රති සුවය ලැබීමේදී ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල අත් වන බවද බවදා අමන්දා ඩෙනිස් අවධාරණය කරයි.
wow gosip