iranama
සුරපුර සහ නරකාදිය - උදාකරන බිරිඳ
"දුර ගමනක් ගිය විට මඟ බලා සිටින බිරිඳ ඔබය
කරබාගෙන ඇනුම් බැනුම් අසා සිටින බිරිඳ ඔබය
නරකාදිය තුළ සුර පුර උදාකරන බිරිඳ ඔබය
මරණින් මතු සංසාරේ එකට සිටින බිරිඳ ඔබය"
වියත් ලේඛක මහගමසේකරයන් බිරිඳ දකින්නේ ඉහත අන්දමටයි. "තොටිල්ල පදවන අත ලොව පාලනය කරන්නීය" යන පැරණි පිරුලට අනුව නම් සමස්ත සමාජයේම නිර්මාණකාරිය ඇයයි. මුලින්ම ඇය පෙම්වතියකි. දෙවැනිව සුන්දර බිරිඳක්. ඉන් පසුව දයාබර මවක්.
බිරිඳගේ චරිතය විශිෂ්ට ලෙස රඟපෑ චරිත ගණනාවක් අපට ඉතිහාසයෙන් හමුවෙනවා. රාමා-සීතා, විෂ්ණු-ලක්ෂ්මි, රෝමියෝ-ජුලියට් වැනි ප්‍රේම වෘතාන්ත කොතරම් සුන්දර වුවත් ඒවා තුළ අපට දක්නට ලැබෙන්නේ පෙම්වතියගේ චරිත. වසර ගණනාවක් පුරා දයාභරිත බිරිඳක් ලෙස විශිෂ්ටත්වයට පත්වූ යශෝධරා දේවිය හැම බිරිඳකටම ආදර්ශවත් චරිතයක්. පත්තිනි දේව මාතාව බවට පත්වන්නේත් පතිවත ජීවිතය මෙන් සැලකූ කන්නගී නම් භාර්යාවක් "සීලප්පදිනාරම්" කියන විශිෂ්ට ද්‍රවිඩ වෘතාන්තයේ මේ කතාව විස්තර කෙරෙනවා. මුම්ටාස් දේවිය කොතරම් සුන්දර බිරිඳක් ද කියල පේන්නෙ ඇය වෙනුවෙන් ඉදිවූ ලෝක පුදුම නිර්මාණයක් බවට පිළිගැනෙන ටඡ්මහල් මන්දිරය නිසායි. ඒ වුණත් හැම බිරිඳක්ම ඒවගේ අය නොවේ. නපුරු ආත්මාර්ථකාමී බිරින්දැවරුන් ද ප්‍රසිද්ධ චරිත අතරින් අපට හමුවෙනවා. එක දවසක් බුදුජාණන් වහන්සේ අනේපිඬු සිටාණන්ගේ මන්දිරයට වැඩම කළා. එතකොට මන්දිරය ඇතුළෙන් කාන්තාවක් කෑගහනව රණ්ඩුවෙනව ඇහෙනව. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාගෙන් ඇහුව කවුද ඒ කියල සිටුතුමා කියනව "අනේ බුදුහාමුදුරුවනේ ඔය අපේ ගෙදරට අලුතින් කැන්දගෙන ආපු ලේලි" කියල.
"නම සුජාතා නැන්ද මාමටවත් ස්වාමි පුරුෂයටවත් අවනත වෙන්නෙ නෑ. නිතර කරදර කරනව" කියලත් සිටුතුමා පැහැදිලි කළා.
බුදු හිමියන් සුජාතා කැඳවල ඇහුව ඔබ ළඟදි නේද බිරිඳක් වුණේ? ඉතිං ඔබ මාතු භාර්යාවක් ද භගිනි භාර්යාවක් ද ස
Wmqgd .ekSu