Beauty
සුන්දර දෙතොල් අවලස්සන වන හේතු
ඔබේ දෙතොල පිහිටා තිඛෙන ආකාරය අනුව කිසියම් වර්ගීකරණයකට ලක් කරන්නට පසුගිය සතියේ අපි උත්සාහ කළා. එහිදී උඩුතොල මහත වන අයුරු. සමහරවිටෙක යටිතොල මහතට පිහිටන අයුරු ආදිය පිළිබඳ අපේ සාකච්ඡාවට බඳුන් වුණා. මෙහිදී අප විශේෂයෙන් ම අවධාරණය කළ කරුණ වන්නේ උපතින් කෙනෙකුට උරුමවන තොල්වල හැඩය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් අපි පෙන්වා දුන්නා දෙතොල්වල හැඩය ඔබට අවශ්‍ය ආකාරයෙන් මේක් අප් කිරීමෙන් වෙනස්කර ගත හැකි ආකාරය පිළිබඳව.
අද අපගේ විශේෂ අවධානය යොමුවන්නේ දෙතොල් කළුවීම, දෙතොල් හම යෑම. කට දෙපැත්ත පැලීම, සැරව බිබිලි ඇති වීම, තොල් පැලීම ඉරි තැලීම, වියළීම ආදිය පිළිබඳයි. මෙවැනි තත්වයන් අපි පෙර කීවාක් මෙන් උත්පත්තියෙන් හෝ ජාන වලින් හෝ පරම්පරාවෙන් ඇති වන්නක් නොවේ. මෙවැනි තත්ත්වයන් ඇතිවන්නට හේතු වනුයේ කුමන සාධක ද යන්න ගැන අපි අද සාකච්ඡා කරමු.
බොහෝ විට මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතු වන්නේ එදිනෙදා ජීවිතයේදී ඔබ අනුගමනය කරන වැරැදි චර්යා රටා, වැරැදි ජීවන පුරුදු, වැරැදි ආහාර පුරුදු ආදිය නිසයි. අපේ රටේ කාන්තා පාර්ශ්වය බහුල වශයෙන් දුම් පානයට ඇබ්බැහි වී නොමැති නමුත් පිරිමි පාර්ශ්වය මේ තත්ත්වයට දැඩි ලෙස ගොදුරු වී ඇත. දෙතොල් කළු පැහැ ගැන්වීම, අවපැහැ ගැනීම, දෙතොල් පැලීම ආදිය සඳහා දුම් පානය බොහෝ විට හේතු වේ.
එසේ ම ඔබ හොඳින් නිරීක්ෂණය කර බලන්න අධික ලෙස මත්පැන් සඳහා ඇබ්බැහි වූවන්ගේ දෙතොල් දිහා. ඒවායෙහි පිරිසුදු, නිරෝගී පෙනුමක් කිසිවිටෙකත් දක්නට නොලැබේ. කළුපැහැ වුණු, වියළී ඉරිතලා ගිය දෙතොල් තමයි ඔවුන්ට හිමි වන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයන් ඇති කිරීමට මත්පැන් දැඩි ලෙස ම බලපාන බව ඔබ අවබෝධ කරගත යුතුයි.
අපේ කාන්තා පාර්ශ්වය තමන්ට උපතින් හිමි වුණු දෙතොල තව තවත් අලංකාර කර ගැනීම සඳහා විවිධ වර්ගයේ ආලේපන ගල්වනවා. ලිප් ලයිනර්, ලිප්ස්ටික්, ග්ලොස් වර්ග ආදිය මේ සඳහා උදාහරණ. මේවා තෝරා ගැනීමේදී නිසි ප්‍රමිතියකින් යුතු ඒවා තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. ප්‍රමිතියෙන් තොර ලිප් බාම් වර්ග ලිප්ස්ටික් ආදිය ඔබ දිගින් දිගට පාවිච්චි කළොත් ඒවා නිතර නිතර ඔබේ දෙතොල් මත ආලේපකර තැබීම නිසාවෙන් දෙතොල්වලට අහිතකර ලෙස බලපායි. මේ නිසාත් දෙතොල් කළුවීම, දෙතොල් පැලීම, හම යාම ආදිය සිද්ධ විය හැකියි.
අනෙක් සුවිශේෂි කාරණය වන්නේ ලිප්ස්ටික් ආලේප කිරීමේදී ඔබ අනුගමනය කරන ක්‍රමවේදය ද දෙතොලේ ආරක්ෂාව සඳහා ඛෙහෙවින් බලපායි. සැමවිටම මතක තබා ගත යුතු කාරණය වන්නේ
(under the courtesy of goodhousekeeping.lk web)