Health
සුදු වෙන්නල කෙට්ටු වෙන්න වෙහෙසීම මානසික රෝගයක්ද
මිනිසා එකිනෙකාගෙන් වෙනස් ලෙස පෙනීමට හේතුවෙන කරුණ හෝ සාධකය කුමක්දැයි මා ඇසුව හොත් ඔබේ පිළිතුර කුමක් විය හැකිද? ලෝකයේ ලස්සනට ප්‍රසිද්ධ යැයි සැළකෙන හින්දි නිළියක හා අප රටේ සාමාන්‍ය කාන්තාවක් යන දෙදෙනාගේම සම ඉවත් කළා යැයි උපකල්පනය කරන්න. සම ඉවත් කළ පසු ඔවුන් දෙදෙනා අපට එකිනෙකා ගෙන් වෙන් කොට හඳුනාගත හැකිවෙයිද? කිසිසේත්ම නොහැකිවනු ඇත. දැන් ඔබට මා මුලින් ඇසූ පැනයට නිවැරදි පිළිතුර දිය හැකිය. ලස්සන හෝ අවලස්සන යැයි අප සිතන දෙය සියයට අනූනවයක් රඳා පවතින්නේ සම්මතය. ලස්සන යනු සම යනුවෙන් පැවසෙන්නේ මෙයම තමයි.
අද මා මේ ප්‍රවේශය ගත්තේ තරුණ තරුණියන් විශේෂයෙන්ම කාන්තා පක්ෂය පමණක් නොව මැදි වියේ අය ද ලස්සන වෙන්නට අද සමාජයේ තිබෙන උනන්දුව හා ඒ සඳහා විශේෂඥයන් ලෙස පෙනී සිටින කිහිප දෙනෙක් යම් යම් අවිද්‍යාත්මක ක්‍රම මගින් ශරීරයේ පැහැය, මස් පිඬුවල ප්‍රමාණය වෙනස් කළ හැකි යැයි පවසමින් කරන ජාවාරම පිළිබඳව අඳුරේ සිටින ජනතාව දැනුවත් කිරීම සඳහාය.
සම සුදු පැහැ ගැන්වීමට විවිධ රසායනික යෙදු නිෂ්පාදන අද වෙළෙඳපොළේ ඇත. කුමන නමකින්, කුමන පැහැයකින්, කුමන රටකින් ඉදිරිපත් කළත් බොහෝ නිෂ්පාදන වල ඇත්තේ විරංජකයන්ය. මේවා ආලේප කිරීම ශරීරයට අහිතකර බව සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. දීර්ඝකාලීන ලෙස මේවා ආලේප කිරීමෙන් සමේ දද කුෂ්ට ඇති විය හැකි පමණක් නොව සමෙහි පිළිකා වලටද මේවා හේතු කාරක වෙයි. එම ආලේපන වල ඇති රසායනික යමකුගේ ශරීරයට උරා ගැනීම නිසා වකුගඩු අක්මාව වැනි ඉතා වටිනා අවයව වලටද හානි සිදුවිය හැකිය. මෙම ආලේපන අසාත්මික වී ප්‍රතිකාර ගැනීමට සිදුවන අයගේ සංඛ්‍යාව ද ඉතා ඉහළ මට්ටමක පවතී.
හිස කෙස් සකස් කිරීමේදී ඉතා ප්‍රබල රසායනික අඩංගු ආලේපන භාවිතා කරනු ලබයි. ඒවා කොතරම් විස සහිතද යත් රූපලාවන්‍ය කටයුතු සිදු කරන ශිල්පීන් අත් ආවරණ හා මුඛ ආවරණ පැළඳ සේවය කිරීමෙන් තේරුම්ගත හැකිය. අලංකාරයට හා නවීනත්වයට යැයි සිතා පච්ච කෙටීමද සමේ පිළිකා සෑදීමට හේතුවෙන බව පරීක්ෂණ වලින් තහවුරු කර ඇත. අනෙක් බරපතළ කාරණය නම් බර අඩුවීමට හා මහත් වීමට පාවිච්චි කරන ඖෂධයි. බටහිර වෛද්‍ය ක්රමයේ මේ සඳහා ඖෂධ නොමැති වුවද සමහර වෛද්‍ය මධ්‍යස්ථානවල මේ සඳහා විවිධ ඖෂධ නිර්දේශ කරන බව දක්නට ඇත. එම ඖෂධ වල අතුරු ඵලයක් ලෙස තාවකාලික තරබාරුබවක් ඇති වුවද ඖෂධ නැවැත්වූ පසු නැවත වරක් ටික කලෙකින් පෙර සිටි තත්ත්වයට පත්වේ. ලස්සන වීම යැයි බොහෝ අය විශ්වාස කරන සුදුවීම හා කෙට්ටුවීම සඳහා ස්වභාව ධර්මයට එරෙහිවී කටයුතු කිරීමේ භයානකකම මෙය කියවන අයට දැන් අවබෝධ වී ඇතැයි සිතමි.
ඔබ හිසකෙස්වල මුහුණේ අනෙකුත් කොටස් වල ආලේප කරන කිසිම දෙයක් කෙතරම් සෝදා හැරියද සම්පුර්ණයෙන් ඉවත් කිරීමට පරීක්ෂා කර බැලූව හොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය. ඔබ සමේ ආලේප කළ බොහෝ දේ සම මතුපිට තවමත් යහතින් තිබෙනු ඔබට දැකිය. ඉතිං මේ භයානක දේ කිරීමට අපගේ තරුණ පරපුර හා මැදි වියේ අය පෙළඹෙන්නේ ඇයි ? ඒ සඳහා ජීවිතය පරදුවට තබන්නේ ඇයි? සුදු පාට යනු ලස්සන යැයි විශ්වාස කිරීම එක් හේතුවක. කෙසඟ සිරුර හැඩකාර යැයි විශ්වාස කිරීම අනෙක් හේතුවයි. මේ විශ්වාස දෙකම බටහිරින් අපට පේ‍්‍රරණය වූ දේවල්ය. මේ වැරදි ආකල්ප මනසින් බැහැර කරන තාක්කල් මෙම සෞඛ්‍යයට හානිදායයක දෙයින් ඔවුන් ඉවත් නොවනු ඇත.
ශාරීරික හෝ මානසික රෝගයක් නම් වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. මිත්‍යාවේ එල්බ ගෙන පුහු දේවල් හඹා යෑම අවාසනාවට මෙන් ශාරීරික හෝ මානසික රෝග නොවේ. උග්‍ර ලෙස මේ දේවල් වලට යොමු වන ඒවා හඹා යන එයින් ලැබෙන පැහැයෙන් වින්දනයක් ලබන සියල්ලන් මනෝ උපදේශනයට හෝ මෝහන ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව මගේ විශ්වාසයයි.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks