Beauty
සුදු මුහුණේ මාරයා සැඟවිනිද?
බොහෝ දෙනෙක් අපට දිනපතා යොමු කරන ප්‍රශ්නයක් තිබෙනවා. එනම් විවිධ ක්‍රීම් වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග සහ පෙති වර්ග වල නම් එක්ක අහනවා මෙය බොන්නද කියල. ඇත්තටම සුදු වීම කියනෙන් බොහෝ කාන්තාවන්ගේ ජාතික ප්‍රශ්නයක් වෙලා. මේ මොන හේතුවකටද කියල අදත් අපි සාකච්චාවට බඳුන් කළා. මේ අහන නිෂ්පාදන බොහොමයක් ශරීරයට අහිතකර විෂ වර්ග අඩංගුයි. අහිංසක හිත් රිදවන්න අපිටත් දුකයි.
කැමරාවෙන් පේන නිලියෝ ඇත්තටම සුදුද? ලස්සනද?
මොන ආකාරයෙන් හෝ සුදු වෙනවා කියන දැඩි ආකල්පය ගැහැණු ළමයි අතරට රෝපණය කලේ මාධ්‍ය විසින්. ඔවුන් මැගසින් වල සහ රූපවාහිනී තිරයේ පෙන්වන කාන්තාවෝ නිලියෝ බහුතරයක් පෙනෙන්නේ ඉතාම පැහැපත් සුන්දර මුහුණු කට ඇති සර්ව සම්පූර්ණ ගැහැනුන් ලෙසයි.
නමුත් මේ ලියුම ලියනා ලේඛිකාව පුද්ගලිකවම රූපවාහිනී නාලිකාවක සේවය කළ කෙනෙක්. ඇය මේ ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලියෝ රාශියක් හැබැහින් දැක තිබෙනවා. ඔවුන් හැමෝම චිත්‍රාගාරයේ ලයිට් වල අධික ආලෝකයෙන් සහ වේශ නිරූපන ශිල්පියා පැය ගණනක් දමන මේකප් එකෙන් සහ කැමරාවේ විවිධ කොන මගින් නිරූපිත ව්‍යාජ ප්‍රතිරූපයක් ඇති ගැහැණු. ඇත්තටම සාමාන්‍ය ජීවිතේ ඉන්න අපිට වඩා අතම ජනප්‍රිය නිලියෝන්ගේ සම නිරෝගී නැහැ. නොයෙක් දේවල් අධිකව ගාන නිසා. ඒ වගේමයි පත්තර සහ මැගසින් ගැන කීවොත් ෆොටෝෂොප් කියන මෘදුකාංගය මගින් කෙනෙක්ගේ පෙනුම නැවත කෘතිමව ප්‍රති නිර්මාණය කරනවා. නොයෙක් අංග වෙනස් කොට.
මෙය නොදන්නා අපි ඇත්තටම මේ නිලියෝ ව්‍යාජව පෙන්වන වර්ණයකට සහ ලස්සනකට රැවටිලා අපේ සෞක්යට අහිතකර දේවල් පරිහරණය කරනවා. අපේ යටි හිතේ ඇති අරමුණ ඔවුන් මවන ව්‍යාජ ලස්සන සමග තරඟ කිරීමයි.
මෙලනින් නසන ඉන්ජෙක්ෂන් සහ පෙති වර්ග
අපේ රට කියන්නේ නීතියක් ක්‍රියාත්මක වීම හරිම අඩු රටක්. සමාජ මාධ්‍ය වල පවා ඇතැම් අය විසින් සමේ ස්වභාවිකව ඇති මෙලනින් වර්ණකය මරා දැමීමට එන්නත් සහ පෙති වර්ග අලෙවි කරනවා. මතක තබා ගන්න මේවා අධික මිල ගණන් වලින් යුතුයි. ඒ වගේම අමතක කරන්න එපා වකුගඩු රෝග, ස්නායු පද්ධතියේ රෝග සහ අක්මාවේ රෝග තත්වයන් වලට අත වනා ගැනීමක් තමයි මේ නීති විරෝධී නිෂ්පාදන භාවිතය කියන්නේ.
අස්වාභාවික සුදුමැලි බව කියන්නේ ලස්සන නෙවෙයි
වරදවා වටහා ගන්න එපා. සුන්දර සමක් කියන්නේ මොන වර්ණය වුනත් සජීවී නිරෝගී සමක්. මේ අස්වාභාවික විදිහට සුදු වුන කවුරුත් ලස්සන නැහැ. ඔබේ සම අවුවට වෙනස් වෙනවා. එය ස්වාභාවිකයි. ඔබ කළ යුත්තේ ඔබට උපතින් ලැබුන පැහැය රැක ගැනීමට උත්සහ දැරීමයි. පහත යොමුවේ ඇති ලිපියෙන් අප පෙන්වා දී තිබෙනවා කොහොමද ඔබේ ස්වභාවික සම ඒ අයුරින් රැක ගන්නේ කියලා.
(under the courtesy of goodhousekeeping.lk web)