Life
සුදු කබර වැඩිපුරම වැලඳෙන්නේ කාන්තාවන්ට
සුදු කබර රෝගය ඉතාම අවාසනාවන්ත රෝගයක් ලෙස සැලකීමට ජනතාව හුරුවී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පුද්ගලයන් එය බෝවන රෝගයක් ලෙස සිතා සිටීමයි. සමේ මෙලනින් වර්ණකය නැතිව සම සුදු පැහැයට හැරීම මෙහිදී සිදුවෙයි.
සුදු කබර ඇතිවීම
අපගේ සමට සාමාන්‍ය වර්ණය ලබාදෙන මෙලනින් වර්ණකය නිපදවන සෛල සමේ පිහිටා ඇත. සුදු කබර රෝගීන්ගේ ශරීරයේ එම සෛලයන්ට විරුද්ධව ප්‍රතිදේහයක් නිපද වෙයි. එම ප්‍රතිදේහ මඟින් වර්ණක නිපදවන මෙලනින් සෛල විනාශ කරන නිසා සම සුදු පැහැවෙයි. මෙලෙස ප්‍රතිදේහ නිපදවීමට නිශ්චිත හේතුවක් මේ වන විට සොයාගෙන නොමැත. එමෙන්ම ඔවුන්ට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග වැලඳීමේ අවදානමද වැඩි වෙයි.
මෙම සුදු ලප බොහෝ විට ශරීරයේ සමමිතිකව දක්නට ලැබෙන අතර තොල්, මුහුණ හා ඇඟිලි තුඩුද මෙම රෝගයට ගොදුරු වෙයි. හිසේ සම මෙම රෝගයට ලක්වූ විට එම ප්‍රදේශයේ හිස කෙස්ද සුදු පැහැයට ලක් වෙයි.
හිරු එළියෙ බලපෑම
අපේ සම දුඹුරු පැහැයක් ගන්නා නිසා සමේ පිළිකා ඇතිවීමේ අවදානමද අඩුවෙයි. සුදු ජාතිකයන්ගේ සම අව් රශ්මියට නිරාවරණය වන විට සම රතුවීම හා පිලිස්සීම් ඇතිවෙයි. සුදු කබර සහිත සමේද තැනින් තැන මෙවැනි සුදු පැහැති බවක් දක්නට ඇති නිසා ඒවා හිරු එළියෙන් ආවරණය කර ගැනීම වඩාත් සුදුසුයි. එමෙන්ම මෙම රෝගය සුව කිරීමද හිරු එළිය ලබාදෙන අවස්ථා ඇත.
බෝවීම
සුදු කබර බෝවේ යැයි අනියත බියක් ඇතැමුන් අතර පවතින නිසා මොවුන් සමාජයේ කොන් වීමටද ලක් වෙයි. මොවුන් පාවිච්චි කරන පිඟන්, කෝප්ප, කොට්ට ආදි භාණ්ඩ අන් අය භාවිත කිරීමෙන් සුදු කබර බෝ නොවන බව සිහිතබා ගත යුතු තවත් කාරණයකි.
වැඩි අවදානම
සුදු කබර ඇතිවීමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ටය. පිරිමි අයට මෙම රෝගයේ අවදානම අඩුය. ශරීරයේ ඇතිවන එම සෛල මෙලනින්වලට විරුද්ධව ක්‍රියා කරමින් සෛල නිපදවීමයි. එම සෛල නිපදවීම තයිරොයිඩ් ග්‍රන්ථියට විරුද්ධව ක්‍රියා කරන නිසා ඒ ආශ්රිත ගැටලු ඇතිවිය හැකිය.
ප්‍රතිකාර ක්‍රම
සුදු කබර රෝගයට සුදුසු ප්‍රතිකාරයක් තවම සොයාගෙන නොමැත. ප්‍රතිකාර වර්ග කීපයක් ඇති අතරම මින් ප්‍රතිකාර කීපයක් එකවර නිර්දේශ කරන අවස්ථා ඇත.
1. ආලේපන
ශරීරයේ ආලේප කරන ආලේපන වර්ග අතර කෝටිසෝන් ක්‍රීම් වර්ගයට මුල් තැනක් හිමි වෙයි. මේවා නිසි ලෙස භාවිතයෙන් අතුරු ආබාධ අවම කරගත හැකිය.
2. මුඛ මාර්ගයෙන් ගන්නා ප්‍රතිකාර
ශරීරයේ ප්‍රතිශක්තිකරණයට බලපාන හා ප්‍රතිදේහ නිපදවීම අඩු කරන ඔෟෂධ වර්ග රෝගීන්ගේ රෝග තත්ත්ව අනුව නියම කරයි. මෙම ඔෟෂධ ගන්නා අතර විටින් විට රුධිර පරීක්ෂා කිරීමට ද සිදුවෙයි.
3. අධෝරක්ත කිරණින් (උඍ) ප්‍රතිකාර
මෙහිදී උඍ කිරණ සුදු පැහැති සම මතට පතිත කර එමඟින් සමේ මෙලනින් වර්ධනය වැඩි කරයි. එය තවත් ප්‍රතිකාර ක්රමයකි.
ශල්‍යකර්ම
තනි පැල්ලමක් ඇති රෝගීන් හා සුදු කබර රෝගය පැතිරීම නැවැතී ඇති රෝගීන්ට සම බද්ධ කිරීම සිදු කරයි. සමේ එක් ස්ථානයක ඇති කොටසක් (සාමාන්‍යයෙන් කලව ප්‍රදේශයෙන්) ගෙන රෝගය ඇති ස්ථානයට බද්ධ කෙරේ. එමඟින් සමේ සුදු පැල්ලම් නැති කළ හැකිය.
රූපලාවණ්‍ය
මුහුණේ සුදු කබර රෝගය ඇති අයට එය තාවකාලිකව වසා ගැනීමට සමට ගැළපෙන ඛ්ධදජඥචතඥප හෝ කැළැල් ආවරණ යොදා ගත හැකියි. ප්‍රතිකාර ගන්නා අතරතුර රෝගය සමනය වනතුරු භාවිත කළ හැකිය.
සැලකිලිමත් වන්න
මුලින්ම සුදු කබර කුඩා කැළැල්වලින් පැතිර යන විට එයට ප්‍රතිකාර කිරීමට සිදුවන්නේ ඔෟෂධ සුළු ප්‍රමාණයකින් භාවිත කරමිනි. එය රෝගියාට මෙන්ම වෛද්‍යවරයාටද පහසුවකි. මෙම රෝගයට නිසි ප්‍රතිකාර කිරීමෙන් එය පාලනය කර ගත හැකි අතරම සුව කිරීමද හැකි අවස්ථා ඇත. නමුත් ඇතැම් සුදු කබර තත්ත්ව නම් පාලනය කළ නොහැකි අවස්ථාද පවතියි.
මේ කෙසේ නමුත් එය හඳුනා ගත් වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වන්න. මෙහිදී කිවයුතු වැදගත්ම කාරණය වන්නේ සුදු කබර රෝගය මීයන් වැනි සතුන්ගෙන් වැලඳෙන්නේ නැති බවයි.
Wmqgd .ekSu u