Beauty
සුදුම සුදු දත් දෙපෙළකට ගෙදරදීම පිළියම්
සුදුම සුදු දත් දෙපෙළකට කවුද අකමැති?ඒ වුනාට හැමකෙනාටම සුදුම සුදු දත් පිහිටන්නේ නැහැ.ඒකට හේතුව අපේම වැරදි පුරුදු කිහිපයක් වෙන්න පුළුවන්.වැඩිපුර තේ,කෝපි පානය,පැණිරස බීම වර්ග,දුම්පානය වගේ හේතු කිහිපයක් නිසා ඔයාගේ දත් අවපැහැ වෙන්න පුළුවන්.අවපැහැ දත් හැමවෙලේම හංඟගෙන ඉන්නත් බැහැ.කෙටියෙන්ම කියනවානම් No කතා – No සිනා වගේ ඉන්න අපිට කොහෙත්ම පුළුවන්කමක් නැහැනේ. ..එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ අමාරුවෙන් හරි try කරලා අවපැහැ දත් ටික සුදු කරගන්න එක තමයි.ඒත් කලබල වෙන්න ඕනි නැහැ.Dentist කෙනෙක් නැතුවම මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්.ගෙදරදොරේ අපිට නිතර දකින්න ලැබෙන දේවල් කිහිපයක් යොදාගෙන මේකට විසඳුම් හොයාගන්න පුළුවන්…
01. බේකින් සෝඩා :
බේකින් සෝඩා ඉතාම ස්වල්පයක් වතුරත් එක්ක mix කරලා දත් මදින්න කලින් ඔයාගේ tooth brush එකට දාල දත් මදින්න පටන්ගන්න.එහෙමත් නැතිනම් ඇඟිලි තුඩු වලින් බේකින් සෝඩා පොඩ්ඩක් අරගෙන දත් වල ආලේප කරලා විනාඩියක් විතර තියන්න. බේකින් සෝඩා වලට දත් සුදු කිරීමේ අරුමපුදුම හැකියාවක් තියෙනවා.ඒ වුනත් ටිකක් පරිස්සමින්.වැඩිපුර භාවිතයෙන් එනමලයට හානි සිදුවෙන්න පුළුවන්.
02. පළතුරු ලෙලි :
කෙසෙල් ලෙලි හරි දොඩම් ලෙලි, ලේසියෙන්ම හොයාගන්න පුළුවන්නේ.ලෙලි වල ඇතුළු පැත්ත දත් දෙපෙළේ හොඳින් අතුල්ලන්න.මේ පළතුරු ලෙලි මැග්නීසියම්, මැන්ගනීස් සහ පොටෑසියම් වගේ එනමලය සවිමත් කිරීමට සමත් පෝෂකවලින් හරිම සාරවත්.ලෙලි ආලේපයෙන් මිනිත්තු කිහිපයකට පස්සේ දත් ටික සුපුරුදු පරිදි මැදගන්න.Toothpaste අවශ්‍ය නැහැ.සතියකට දෙවරක්වත් මේ ප්රතිකර්මය කරනවානම්,ප්‍රතිඵල ඉක්මන්.
03. සුදු දත් දෙපෙළක් වෙනුවෙන්ම ඔබේ ආහාර සකස් කරගන්න :
හොඳින් හැපෙන ආහාරවර්ග ඔයාගේ දෛනික ආහාර වේලට එකතු කරගන්න.ඇපල්, කැරට් හා සැල්දිරි වගේ දේවල්.තරමක් තියුණු එම ආහාරවර්ග හැපීමෙන් සහ එම ආහාරවර්ග ඔයාගේ කටපුරා එහාමෙහා ගමන්කිරීමෙන් දත් වල ඇතිල්ලීමක් සිදුවෙනවා. ඉන් දත්වල එනමලයට කිසිදු හානියක් නැහැ.තවත් දෙයක්…කිරි සහිත ආහාරවර්ග ඔයාගේ ආහාර වේලට එකතු කරගැනීමත් සුදු දත් දෙපෙළකට හොඳ ප්‍රතිකර්මයක්. එනමලය සෞඛ්යාරක්ෂිත කිරීමටත්, pH අගය නිසි පරිදි පවත්වා ගැනීමටත් ඊට අමතරව දත් දෙපෙළට ආකර්ශණීය දීප්තියක් ලබාදීමටත් කිරි සහිත ආහාරවර්ග කදිමයි.
04. ඔලිව් තෙල් :
ඔයාගේ සාමාන්‍ය දත්මැදීමට මිනිත්තු දෙක තුනකට පමණ පෙර, ඔලිව් තෙල් ටිකක් ගෙන පිරිසිදු රෙදි කඩකින් හෝ කපු පුළුන් කැබැල්ලක් මගින් දත් වල ආලේප කරන්න.දැන් සුපුරුදු පරිදි දත් මදින්න.මේකත් සරල ක්‍රමයක්.
05. දත් පිරිසිදු කිරීම :
Floss කිරීම නැතිනම් සෞඛ්යාරක්ෂිත සිහින් නූලක් මගින් දත් දෙපෙළ නිතර පිරිසිදු කරනාවනම්,ඇත්තෙන්ම දත් අතරේ ආහාරකැබලි හෝ වෙනත් දේවල් රැඳීමට ඇති ඉඩකඩ අවම වෙනවා.මේ ක්‍රමය නම් අපිට ඒ හැටි පුරුදු නැති වුනත් බටහිර රටවල අය කෑමෙන් පසුව අනිවාර්යයෙන්ම මේ ප්රතිකර්මය සිදුකරනවා.සිග්නල් toothpaste ටිකක් එකතු කරලාම මේ ප්රතිකර්මය කරනවානම් දත් වලට සුදෝසුදු බවක් විතරක් නෙවෙයි, fresh බවකුත් ලබාගන්න පුළුවන්.
beautifulu.lk
(under the courtesy of goodhousekeeping.lk web)