Life
සීත නොකල බීම හතියට හොදද?
හතිය, ඇදුම, පීනස වගේ ලෙඩවල් වලට ශීතකල ආහාර ගන්න එපා කියලා ඒ කාලේ ඉදන්ම අම්මලා කියනවා. ඇත්තටම මේකෙ ඇත්තක් තියෙනවද? හතිය ඇදුම කියන්නෙ පෙනහළු වල ඇතිවෙන ආසාත්මික තත්ත්වයක්.
මෙහිදී සිදුවන්නේ යම් පුද්ගලයෙකුගේ පෙණහළුවලට අසාත්මික වන ආගන්තුක දෙයක් ආහාරයට ගැනීමක් හෝ ආශ්වාස වාතයත් සමග පෙණහළුවලට ඇතුල්වීම නිසා පෙණහළුවල ප්‍රතිශක්තිකරණ පද්ධතිය කි්රයාකාරීවීමයි.
හැම කෙනෙක්ටම අසාත්මික වන්නේ එකම දෙයක් නොවෙයි. සරලව කිව්වොත් කෙනෙක්ට යෝගට් කෑමෙන් හතිය වැඩි උනාට තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට අසාත්මික වන්නේ මොන දේවල්ද කියලා හදුනාගැනීම වැදගත්. ඒකට ඉතිං කාලම බලන්න ඕනෙ.
වෛද්‍යවරුන් නිර්දේශ කරන්නෙ හතිය තියෙන දරුවන්ට බෙහෙත් ළඟ තියාගෙන ඕනම දෙයක් කන්න දෙන්න කියලයි. අසාත්මිකයි කියලා දැනගත්තට පස්සෙ ඒ කෑම කන්න කලින් බෙහෙත් ගැනීම කරන්න පුළුවන්.
ශීත කල බීම වර්ග වල තියෙන්නෙ වෙනමම කතාවක්.
ශීත කලත් නොකලත් හැම සිසිල් බීම වර්ගයකම MSG කියන සංඝටකය අඩංගු වෙනවා. මේ MSG පොදුවේ හැමකෙනෙක්ටම වගේ අසාත්මිකතා ඇතිවීමට හේතුවක් වෙනවා.
ඒ කියන්නෙ සිසිල් බීම බිව්වොත් හතිය, ඇදුම වැඩිවෙනවා. ඒකට හේතුව ඒවා ශීත කල ඒවා වීම නෙවෙයි. ඒ නිසා සීතල යනකන් තියලා සිසිල් බීම බිව්වත් හතිය හැදෙනවාම තමයි.
Wmqgd .ekSu taIshka