Health
සිවිකාච පැළඳගෙන බාබකියු ග්‍රිල් එක ලඟට ගිහිල්ලා ඇස් දෙක පිච්චිලා
තරුණ වයසේ ජීවිත ගත කරන බොහෝදෙනෙක් තමන්ගේ ජීවිත පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ ඇතැම්විට තරුණ ජවය නිසා විය හැකියිග ඒ නිසාම විවිධ ආකාරයේ අවදානම් සහගත වැඩ කටයුතුද ඇතැම් වේලාවන් වලදී සිදු කරනු ලබනවාග නමුත් ඔබ කෙතරම් තරුණ වුවත්ල ජව සම්පන්න වුවත් වඩාත් වැදගත් වන්නේ බුද්ධිමත්ව කටයුතු කිරීම පමණයිග මෙම තත්ත්වය පොදුවේ කාන්තා පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට අදාළ කරගත හැකි තේමාවක්ග
කෙසේ වෙතත් ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා සමඟ ගෙන එන කතා බහවලදී අපි දිගින් දිගටම අක්ෂිල ශ්රවණල කථන ආදී මේ ඕනෑම ආකාරයේ තේමාවන් පිළිබඳ පවතින ගැටලු පිළිබඳව කතාබහ කළත් මෙවර ලිපිය යටතේදී තරමක් වෙනස් වූ දෙයක් පිළිබඳ කතාබහ කිරීමට සිතුවාග එබැවින් ඉහත දැක්වෙන ආකාරයේ ආරම්භයක් මේ ලිපිය සඳහා වඩාත් උචිත බව අපගේ හැඟීමයිග ඇතැම්විට මෙම පුවත පිළිබඳව මේ වනවිටත් ඔබ යම් යම් තොරතුරු දන්නවා විය හැකියිග නමුත් නොදන්නල බොහෝදෙනෙක් දැනුවත් වීම උදෙසාත් දන්නා ඇතැම් දෙනාගේ දැනුම වර්ධනය කිරීම පිණිසත් මේ ලිපිය ඉතා වැදගත් වේවිග
ර්ණනිරෝෂි” හරිම ලස්සන කෙනෙක් හිනා වෙනකොට හරිම ලස්සනයිග යාළුවෝ ගොඩක් එයාට ඉන්න නිසා අධ්‍යාපන කටයුතු ඉවර කරලා විවේකීව සිටියත් ගෙදරට වෙලා නිකං ඉන්න එයාට කොහොමටවත් පුළුවන් වුණේ නැහැග එයාගේ පවුලටම හිටිය එකම දරුවා නිරෝෂි හින්දා අම්මවත් තාත්තාවත් අරක කරන්න එපාගගග මේක කරන්න එපාගගගග එහේ යන්න එපා මෙහේ යන්න එපා කියා තමන්ගේ දරුවට තහංචි පමුණුවන්න උත්සාහ කළේ නැහැග ගෙදරින් ලැබුණු නිදහස නිසාමදෝගගගගග එයා කැමති විලාසිතාල පාටි විතරක් නෙමේ යාළුවන්ගේ ගෙවල්වල පවා දවස් ගණන් ගත කළාග තරමක් බටහිර පන්නයට ජීවත් වුණු නිරෝෂාගේ අම්මාට තාත්තාට මේ හැසිරීම් එතරම් ගැටලුවක් වුණේ නැහැග
නිරෝෂිට යෙහෙලියන් පමණක් නොවේ යහළුවන් ද ඕනෑ තරම් හිටියාග කොහොමහරි දවසක් විනෝද වීම සඳහා මේ සැමගේ එකම බලාපොරොත්තුව වුණේ මුහුදු වෙරළේග බාබකියු පාට් එකක් දාන්නයිග විනෝදය නිසා ඕනෑම වේලාවක ඕනෑම තැනකට යන මොවුන්ට මේ යෝජනවා ඉහේ මලක් පිපුණා වගේග හැබැයි කොතැනක යන්නත් කලින් කාන්තාවන් විලාසිතාවට හැඩට වැඩට යන්න කැමති නිසා සුපුරුදු ලෙස හැඬවුණු යෙහෙළියන් එදා හවස් වරුව වනතුරුව හිටියේ ඇඟිිලි ගනිමින්ග නිතරම ගමන් බිමන් යනවිට සිවිකාචවලින් තමාගේ ලස්සන තවත් වැඩි කරගන්න එක නිරෝෂිට නම් එතරම් අමුතු දෙයක් නොවුණත් ඉදිරියේදී ඇයට මුහුණ දීමට සිදුවන දේ පිළිබඳව අනතුරක සේයාවක් වත් ඇයට දැනුණේ නැහැග
පාටි එක පටන් ගෙන ටික වෙලාවකින් නිරෝෂි බාබකියු ග්‍රිල් එක අසලට ගිහින් එහි වැඩ කටයුතුවලට සහාය වුවත් තමා සිවිකාච පැළඳ සිටින බවත්ල තමා සිටින තැන පිළිබඳවත් අවබෝධයක් තිබුණේ නෑග අධික රස්නය සහිත උඳුන වෙත නැඹුරු වූ අවස්ථාවේදී ඇය ඇස් දෙක වසාගෙන එතැනම බිම වාඩි වූයේ ර්ණඇස් පිච්චෙනවා” යැයි පවසමිනිග නමුත් ඇයව රෝහල වෙත රැගෙන යන විටත් සිවිකාච උණුවීම නිසා දෑසට බරපතළ හානි සිදුවී අවසන්ග
සිවිකාච පිළිබඳ අපි කෙතරම් ඔබව දැනුවත් කළත් ඒවා මඟින් ඔබ තව තවත් අලංකාර කරනවා වගේම පණ හා සමාන දෑසම ඉන් ආරක්ෂා කර ගැනීමට තරම් ඔබ කල්පනාකාරී නොවූයේ නම් සිදුවන හානිය ඉතා බරපතළ වනු ඇතග එබැවින් ඔබ විනෝදවනවා වගේම සැමවිට කල්පනාකාරී වීමෙන් හා හොඳ අවබෝධයක් ඇතිව සිටීමෙන් අලංකාරයත් ආරක්ෂාවත් යන කරුණු දෙකම ජීවිතයට එකතු කර ගත හැකි වේවි
curtesy : dinamina.lk