Health
සිරුර වියපත් වන්නට නොදී තිරිහන්ව රැක ගන්නා අන්දම
සිරුරේ අවයව වයසට යන හැටි
තුසිත මලලසේකර
අප මේ ගත කරනුයේ 2017 වසෙර්යග වසරක් ගෙවීමේදී ජීවත්වීමට තිබූ කාලය තවත් වසරකින් අඩු වූ බව පවසමින් ඇතැමෙක් සුසුම් හෙලනු දැකිය හැකියග අප සමස්තයක් වශයෙන් වයස්ගත වීම තනි ක්‍රියාවක් නොවල ඒ ඒ ඉන්ද්රියයන් වයසට යාම නිසා අත්වන එකතුවක ප්‍රතිඵලයකිග අපේ සිරුරේ එක් එක් ඉන්ද්රියය හා පද්ධති වයසට යන ආකාරයත් එම තත්ත්ව පමා කිරීමට අපට ගත හැකි පියවර ඇත්නම් ඒවාද අප සැලකිල්ලට ලක්කර බලමුග
අස්ථි හා පේශි වයසට යන හැටි
පේශි වයසට යාම අවුරුදු 30දී සිදුවේල අස්ථි වයසට යාම අවුරුදු 35දී පමණත් ආරම්භ වෙයිග අස්ථි නිරන්තරයෙන්ම පැරණි පටක හා සෛල බිඳ වැටෙමින් නව පටක හා සෛල තැනීම මඟින් අලුත්වන්නකිග දරුවන්ගේ අස්ථි වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මුළුමනින්ම අලුත්වැඩියා විය හැකි නමුදු වැඩිහිටියෙකුගේ අස්ථි එම කාර්යය සඳහා වසර 10ක් පමණ ගනියිග එසේම වයසට යන විට ඒවා තරමක් හැකිලීමටත් ලක්වෙයිග ඔස්ටියෝපොරෝසියාව හෙවත් අස්ථි හි ක්ෂිනතාවය වයස්ගත වීමේ ප්‍රතිඵලයක් පමණක් නොවල ආර්තවහරණය සිගරැට් දුම්පානයල ප්‍රමාණවත් තරම් කැල්සියම් නොලැබීම මෙන්ම ශරීරය නොවෙහෙසීම හා ව්‍යායාම නොගැනීම ආදියේ ද ප්‍රතිඵලයකිග මෑතකදී සිදුකළ අධ්‍යයන මඟින් පෙන්වා දෙන අළුත් කරුණක් නම් අස්ථි ඝනත්වය අඩුවීමල හෘදයාබාධ ඇති කිරීමට මුල්වන අවදානම් සාධකයක් ද වන බවයග මේ අතර ඔස්ටියෝ ආර්තරයිටීස් හෙවත් අස්ථි පර්වද්රහය මඟින් හෙළිදරව් කරනුයේ සන්ධිවල කාර්ටිලේජයන්හි ඇතිවන වෙනස්කම්යග එය තදබල වේදනා ඇති කිරිමට ද සමත්යග
මේ අතර වයස අවුරුදු 40 ක් වනවිට වර්ෂයකට සියයට 0ග5 -2 දක්වා ප්‍රමාණයකින් පේශි ප්‍රමාණය අඩු වීමටද පටන් ගනියිග වයසට යනවිට සම රැළි වැටෙන්නේ මෙසේ පේශි දියවී යාම හේතුවෙනිග
මෙම තත්ත්වය පාලනය සඳහා ඔබට කළ හැකි දේ
ගෙලල සන්ධි සහ කොන්ද ප්‍රදේශය ශක්තිමත් වීම සඳහා ව්‍යායාමයෙහි නිරතවන්නග මෙසේ ව්‍යායාම ගැනීමෙන් අස්ථි සහ පේශින් ද ශක්තිමත් වෙයිග ඇවිදීම ද හිතකර ප්‍රතිඵල උරුම කරන ව්යායාමයකිග දවසකට මිනිත්තු 30ක පමණ කාලයක් හිරු එළියේ සිටීම මඟින් මෙන්ම කැල්සියම් බහුල ආහාර :එළවළුල පියලි ඇටල කුඩා මත්ස්‍යයන් හා කරවිල හා විශේෂයෙන්ම කිරි- ගැනීමද අස්ථි හා පේශි වයසට යාම පමා කිරිමට උදව් කරයිග
මොළය වයසට යන හැටි
මොළය වයසට පත්වීමේ ගමන ආරම්භ කරනුයේ අප තරුණ කාලයේදීයග ඒ වයස අවුරුදු 20ක් තරම් වන කාලයේ සිටයග
අප වයසට යනවිට මොළය නිර්මාණයවී පවතින ස්නායු සෛල සංඛ්‍යාව අඩුවන්නට පටන් ගනියිග සෛල බිලියන 100කින් සමන්විතව ඇරඹුණු මොළය අපට වයස අවුරුදු 40 වනවිට දිනකට සෛල 10000 බැගින් අහිමි වන තත්ත්වයට පත්වෙයිග එය මතකයටල සම්බන්ධීකරණයට මෙන්ම මොළයේ ක්රියාකාරීත්වයටද බලපානු ලබයිග මොළයට ලැබෙන ලේ ප්‍රමාණය අඩුවීම සහ එහි ඇතිවන රසායනික වෙනස්කම් හේතුකොට ක්ලාන්තයල අමතක වීමල වියවුල් බවල සමතුලිතතාව රැකගත නොහැකිවීම මෙන්ම මානසික ක්රියාකාරීත්වයේ දුර්වල වීමද දැකිය හැකියග ආඝාතයල ඇල්ෂයිමර්ල පාර්කින්සන්ල විෂාදය සහ රුධිර නාළ තුළ මේද තැන්පතු පැවතීම ආදී රෝග තත්ත්වයන් නිසා මෙම ලක්ෂණ වඩා දරුණු වීමටද පුළුවනග
මෙහිදී සතුටට පත්විය හැකි කරුණ නම් සැලකිය යුතු මතක අහිමි වීමක් දක්නට ලැබෙන්නේ සියයට 20්‍රක් පමණ වන වැඩිහිටියන් සංඛ්‍යාව පමණිග ඩිමෙන්ෂියාව නම් මානසික රෝග තත්ත්වය නොමැති නම් කෙටිකාලීන මතක ශක්තියට තර්ජනයක් එල්ල නොවන බවද පළවෙයිග දැනුවත් බව ඉහළ මට්ටමකින් පවතින බවද කිව යුතුයග
ඔබට කළ හැකි දේ
තව තවත් කියවන්නග අලුතෙන් භාෂාවක් හෝ වෙනත් වැදගත් යමක් ඉගෙනීමට උත්සාහ දරන්නග ප්‍රහේලිකා විසඳීමල බුද්ධි ප්‍රබෝධන ගැටලු විසඳීම මෙන්ම චෙස්ල කැරම්ල දාම් ක්‍රීඩාවල නිරතවන්නග ප්‍රවෘත්තිවලට සවන් දෙන්නග කෞතුකාගාර නැරඹීමල රූපවාහිනිය නැරඹීම හා සමාජශීලි ජීවිත ගත කිරිම මොළයට ර්ණවිරාමයක්” නොදී තිරිහන් බව රැක ගැනීමට උදව් වන බව මනෝ විද්‍යාඥයන්ගේ අදහසයග
curtesy :dinamina.lk