Health
සිරුරේ ඉන්ද්රියයන් ගණනාවකට බැටදෙන දියවැඩියාව
දියවැඩියාව යනු සිරුරේ සෑම ඉන්ද්රියයකටම බලපෑ හැකි රෝගයකිග මෙහිදී සිදුවන තත්ත්වය නම් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය වැඩි වී එමඟින් සෑම ප්‍රධාන ඉන්ද්රියයකටම පාහේ හානි සිදුකළ හැකිවීමයිග වෙනත් විදිහකින් කිවහොත් එමඟින් ඉන්ද්‍රියයන්වල සෛලවලට හානිවීම සිදුවෙයිග මෙය දිගුකාලීනව සිදුවීමෙන් ඉන්ද්රියයන් දුර්වලවීමට පටන්ගනීග
ඇස්වලට වන බලපෑමග
දියවැඩියාව හේතුවෙන් ඇසේ දෘෂ්ටි විතානයට හානි සිදුවිය හැකග එනම් දියවැඩියාව හේතුවෙන් යම් විටෙක ඇසේ දෘෂ්ටි විතානයෙන් රුධිරය කාන්දුවීමක් සිදුවිය හැකග ඊට අමතරව දියවැඩියාව නිසා ඇතිවන දිගුකාලීන බලපෑම් මඟින් අන්ධභාවයට ගොදුරු විය හැකග ඇසේ ප්‍රෙෂර් එක ලෙස හඳුන්වන තත්ත්වය :එනම් ග්ලෝකෝමා- හටගත හැකිවේග මෙයින් ඇස අන්ධභාවයට ගොදුරු විය හැකිවේග
එසේම ඇසේ සුද හටගැනීම ආදී වූ තත්ත්වලට දියවැඩියාව ප්‍රධාන හේතුවකිග
වකුගඩුවලට සිදුවිය හැකි බලපෑම්
දියවැඩියාව හේතුවෙන් වකුගඩුවල සෛල හානිවීමට පටන්ගනීග මෙහි රෝග ලක්ෂණයක් ලෙස මුත්‍රාවලින් ප්‍රෝටීන් පිටවිය හැකග යූරින් මයික්රොඇල්බියුමින් පරීක්ෂණයෙන් මෙය හඳුනාගත හැකි අතර මෙම ගැටලුවලට අදාල ප්‍රතිකාර නොකළහොත් වකුගඩු අක්රීයවීමට පටන්ගනීග
ලංකාවේ වකුගඩු අක්‍රීය වීමට බලපාන ප්‍රධානතම හේතුව වනුයේ දියවැඩියාවයග ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල ඇති හඳුනානොගත් වකුගඩු රෝගයටත් වඩා දියවැඩියයාව නිසා ඇතිවන වකුගඩු රෝගය වඩා ප්රබලයග
පාදවලට සිදුවන හානි
දියවැඩියාවෙන් ඇතිවන බලපෑම් මඟින් පාදයට සම්බන්ධ ස්නායු දුර්වලවීමට පටන්ගනීග මෙය නියුරොපති ලෙස හඳුන්වයිග
මේ තත්ත්වයේදී කකුලේ දැනීම අඩුවේග පාදය බිම තබනවිට දැනීමක් නොදැනෙන අතර මේ හේතුවෙන් ඉතා පහසුවෙන් කකුළේ තුවාල ඇතිවිය හැකග තවද ඒ පිළිබඳ නොදැනීම හේතුවෙන් තුවාලය විශාල වනතුරුත් රෝගියා ඒ පිළිබඳ නොදැන සිටිය හැකග
මේ තත්ත්වය මත පාදයේ ආරක්ෂාව අඩුවී යා හැකි අතර පුද්ගලයකු පහසුවෙන් පාද ආශි‍්‍රත බරපතළ රෝගාබාධ පවා ගොදුරුවීමේ අවදානමක් සහිත වේග
හෘදයට හා මොළයට සිදුවන හානි
හෘදයාබාධ සේම ආඝාත තත්ත්වවලටද ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ දියවැඩියාවයග
හෘදයාබාධවලින් තුනෙන් දෙකකට සේම ආඝාතවලින් 40්‍ර කටම දියවැඩියාව බලපාන බව හඳුනාගෙන තිබේග ඊට හේතුව නම් නහරවල කොලෙස්ටරෝල් තැන්පත් වීමේ :ඇතරොස්ක්ලෙරෝසිස්- තත්ත්වයයිග
තවද මේ ආකාරයට ලේ ගමනයේ අවහිරතාවයක් ඇතිවීමෙන් හෘදයාබාධ වැඩිවාර ගණනකට ලක්වීමෙන් දියවැඩියාව රෝගියකු මරණයට පත්විය හැකග
මීට අමතරව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්රියයන් පාලනය කරන ස්නායු දුර්වල වූ විටද ගැටලු හට ගැනීමේ හැකියාවක් පවතීග
මෙවැනි තත්ත්වයකදී ආමාශයේ ආහාර නොදිරවීමේ ගැටලු මහබඩවැලේ ගැටලු මතුවීමෙන් මලබද්ධය හෝ මල බුරුලට යාමේ තත්ත්ව හටගත හැකග
පාලනය
යම් පුද්ගලයකු හට දියවැඩියාව ඇති බව හඳුනාගත් වහාම ලේවල සීනිල කොලෙස්ටරෝල්ල රුධිර පීඩනය ආදී තත්ත්ව පාලනය කර ගැනීමට දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේග යම් පුද්ගලයකු මුල් දිනයේ සිටම දියවැඩියාව පාලනය කරගත හොත් සෛල නොමැරී පවත්වා ගැනීමේ හැකියාව ඇතග එමඟින් ඉන්ද්රියයන් දුර්වලවීම වළක්වාගත හැකි අතර ඇතිවිය හැකි බරපතළ සංකුලතා වළක්වා ගැනීමේ ඉඩකඩ හොඳින්ම පවතීග
දියවැඩියා රෝගය සම්බන්ධයෙන් මිනිසුන් තුළ බොහෝවිට ඇත්තේ වැරදි මතයන් වේග
හැදුණාට පසු කොහොමත් එකයිග ගොඩයෑමක් නැහැනේග ඉතින් බෙහෙත් බිබී ඉන්නයි වෙන්නේග හැදුණායින් පස්සේ අමුතුවෙන් පරෙස්සම් වෙලා වැඩක් නැහැග ආදී වූ වැරදි මතයන් සමාජය පුරා අස්සක් මුල්ලක් නෑර පවතීග එහෙත් සත්‍යය එය නොවේග
දියවැඩියාව ඇතැයි ඉක්මණින් හඳුනාගත හොත් හා හඳුනාගත් මුල් දිනයේ සිට එය පාලනය කරගැනීමෙන් දිගුකල් හොඳින් ජීවත්වීමේ හැකියාව පවතීග ඔබ එය දැන සිටියාදගගගරෑ
වෛද්‍ය උපදෙස් මත නිසිපරිදි ඖෂධ ලබාගැනීමෙන්දල වෙනත් රෝග තත්ත්වයන් හොඳින් පාලනය කරගැනීමෙන්ද ඔබටත් වෙනත් සාමාන්‍ය පුද්ගලයකු හා සමානව දිගුකල් ජීවත් විය හැකග අවශ්‍ය වනුයේ ඒ සඳහා ඔබගේ ඕනෑකම හා මනා සැලකිලිමත්භාවයයි
curtesy :
dinamina.lk