Life
සිරුරත් මනසත් දෙකම රැකදෙන ආනාපානසති භාවනාව
ආතතියට, පීඩාවට හෝ කැලඹීමකට හෝ ලක් වූ අවස්ථාවකදී හොඳට හුස්මක් දෙකක් ගන්න යැයි කියනු අපට බොහෝවිට අසන්නට ලැබෙයි.
ඇතැමෙක් මෙය හණමිටි අදහසක් යයි බැහැර කළද සියයට සියයක ප්‍රතිඵලයක් නැතත් එය එකහෙළා බැහැර කළ හැකි අදහසක් නම් නොවේ.
මෙයින් අපට හැඟෙන කාරණය නම් හුස්ම ගැනීම හුදෙක් ප්‍රාණය පවත්වාගෙන යාමට පමණක් නොව තවත් විවිධ වූ යහපත් සෞඛ්‍ය කාරණා සඳහා ක්‍රමවත්ව යොදාගත හැකි බවය. පුහුණු කළ හැකි බවය.
එ් කෙසේද යන්න සොයා බැලීමට පළමුව අප මඳක් සිතා බැලිය යුතු වන්නේ හුස්ම ගැනීම’ යන කාරණාව පිළිබඳව මිනිසුන් දක්වන ආකල්පය සහ ඒ පිළිබඳ ඔවුන් තුළ ඇති අවබෝධය ගැනය. බොහෝ දෙනා කල්පනා කරන්නේ හුස්ම ගැනීම ඉබේ සිදුවන ක්‍රියාවලියක් වන බැවින් ඒ ගැන තව තවත් කල්පනා කරන්නට දෙයක් නැති බවය. හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පෙණහලු ආශ්රිත රෝගාබාධයක් හටගත් අවස්ථාවක් ඉස්මතු වුවහොත් පමණක් අප මේ ගැන අවධානය යොමු කරන්නේ.
එහෙත් එයින් ඔබ්බට ගොස් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය මිනිස් සිරුරට හා මොළයට බලපාන්නා වූ ආකාරය හඳුනාගන්නට යමෙක් උත්සාහ කළහොත් එය ඔහුගේ හෝ ඇයගේ ජීවන තත්ත්වය වඩා යහපත් බවකට පමුණුවා ගතහැකි බව පෙරදිග – ඉන්දියානු යෝගී අධ්‍යාපනයේ සිට නවීන තාක්ෂණය මත පදනම් වූ බටහිර වෛද්‍ය විද්‍යාව දක්වා වූ පුළුල් පරාසයකට අයත් උගතුන්ගේ මතය වී තිබේ. එසේම නොයෙක් පර්යේෂණ අධ්යයනාදියෙන් ඔප්පු කර ඇති කාරණයක් බවට පත්ව තිබේ.
වෙසෙසින්ම මෙය හුස්ම ගැනීමේ රිද්මය (rgthm of breathing) මත පදනම් වූ කාරණයකි. මේ රිද්මයානුකූල බව මතකය සහ භාවාත්මක තීරණ කරා එළැඹීම යන කාරණයන් සම්බන්ධව මිනිස් මොළයට දැඩි බලපෑමක් සිදු කරන බව නවීන විද්‍යාව ඔප්පු කර තිබේ.
මේ කාරණය පිළිබඳව නිසි අධ්‍යනයන්හි යෙදුනු ආයතන අතරින් (Northwestern University Feinberg School Of Medicine) කැපී පෙනෙයි. ඔවුනගේ අධ්‍යයනය කොටස් කිහිපයකට අයත් වූ අතර එහිදී පළමු වශයෙන් යොදාගත්තේ සරල නිරීක්ෂණයකි. යමක් හඳුනාගන්නට වඩා පහසු වන්නේ හුස්ම ගන්නා අවස්ථාවේද, හුස්ම පිටකරන අවස්ථාවේදීද යන්න සොයා බැලීමට ඔවුන්ගේ මූලික අවධානය යොමු විය. අනෙක් අතට අපගේ මතකයේ වඩා හොඳින් රැඳෙන්නේ හුස්ම ගන්නා (inhale) අවස්ථාවේ දර්ශනය වන දේද නැතිනම් හුස්ම පිටකරන අවස්ථාවේ (exhale) දකින දෙයදැයි සෙවීමද ඔවුනගේ අරමුණ විය.
මේ පර්යේෂණ මාලාවේදී අප පුදුමයට පත් කරවන කාරණා ගණනාවක් අනාවරණය කර ගන්නට අපට හැකිවුණා. ඉන් එකක් නම් හුස්ම ගැනීමේ අවස්ථාවේදී හුස්ම පිටකරන අවස්ථාවට වඩා පුදුමාකාර වෙනසක් හිපෝකැම්පසියෙන් (hippocompus) හා ඇමින්ඩලාවෙන් (amygdala) දැක ගන්නට ලැබිමයි. ආශ්වාස කිරීමේදී අපට දැක ගන්නට ලැබුණා නියුරෝන උත්තේජනයට ලක්වීමක්. මා මේ කියන්නේ ආඝ්‍රාණය පිළිබඳ වූ බාහිකයෙන් ඇමිග්ඩලා හා හිපොකැම්පසයේත් නියුරෝන ගැනයි.
මේ කාර්ය සඳහා දායක වූ පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයකු වන ස්නායුවේදය පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන ක්‍රිස්ටිනා සෙලානෝ (Christina Zelano) ඒ ගැන විවරණය කරන්නේ එලෙසිනි.
ඔවුන් මේ පර්යේෂණය ආරම්භ කරන්නට නිමිත්ත කර ගත්තේ මොළයේ සැත්කම් සඳහා නියමිතව සිටි අපස්මාර රෝගීන් හත් දෙනකු පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක් සමගිනි.
මෙකී ශල්‍යකර්මයට සතියකට පමණ පෙර රෝගීන්ගේ මොළයෙහි ඉලෙක්ටේරා්ඩ රෝපණය කිරීමක් සිදු කරන ලදී. එහි අපේක්ෂිත අරමුණ වූයේ ඔවුන්ගේ රෝගී තත්ත්වයේ මුලාරම්භය නොහොත් රෝග නිදානය හඳුනා ගැනීමයි. අනෙක් අතට මේ හරහා වෛද්‍යවරුන්ට ඉතා පහසුවෙන් විද්‍යුත් මානසික ඉඟි හෝ දත්ත ලබා ගැනීමට හැකි විය. එසේ පටිගත කර වාර්තා කරගන්නා ලද විද්‍යුත් සංඥාවලින් පෙනී ගියේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී මොළයේ ක්‍රියාකාරීත්වය උච්චාවචනයකට ලක් වූ බවයි. වෙනසට ලක් වූ මොළයේ කොටස් ලෙස හඳුනා ගැනුනේ චිත්තවේග, මතකය හා ආඝ්‍රාණය සම්බන්ධ වූ ප්රදේශයි.
මේ හඳුනා ගැනීම තුළින් විවර වූයේ නව දොරටුවකි. එනම් බිය, චිත්තවේග හා මතකය හා සම්බන්ධ කාරණා සමග ආශ්වාස – ප්‍රශ්වාසය සෘජුවම බලපාන්නා වූ බවයි.
මොළයේ මේ සුවිශේෂී කොටස (amygdala) තදින්ම බලපාන්නේ චිත්තවේග සැකසුම කෙරෙහිය. විශේෂයෙන්ම බිය හා බැඳුනු චිත්තවේග කෙරෙහිය. මේ කාර්ය සඳහාද යොදා ගැනුනේ සරල පරීක්ෂණයකි. හැට දෙනෙකුගෙන් සමන්විත වූ පිරිසක් මේ සඳහා යොදා ගැනුණු අතර ඉතා ක්ෂණිකව චිත්තවේග අවස්ථාවක් – කැලඹිලි අවස්ථාවක් සිහියට නගා ගන්නා ලෙස උපදෙස් ලැබුනි. ඉනික්බිති ඔවුන් වෙත භීතිය හා පුදුමය’ යන චිත්තවේග දෙවර්ගය පෙන්වන පින්තූර (මුහුණු) ගණනාවක් ඉදිරිපත් කරන ලදී. ඒ අතුරින් ඒ මොහොතේ තමාගේ චිත්තවේගය හා බැදුනු පින්තූරය (මුහුණ) කවරේදැයි පෙන්වන ලෙසද ඔවුනට දන්වන ලදී.
ආශ්වාසයත් සමග චිත්තවේගය පහළ වූ පුද්ගලයන් බොහෝ දෙනෙකු හඳුනාගත්තේ භීතිය හා සම්බන්ධව මුහුණුය. ප්‍රශ්වාස අවස්ථාවේදී වාර්තා (Recoded) චිත්තවේගවලට වඩා එය බෙහෙවින් වෙනස් විය. ඔවුන් අතරින් කෝපය සම්බන්ධ පින්තූරවලට ලැබුණේ අඩු එකඟතාවයකි. අනෙක් අතට මුවින් හුස්ම ගන්නා අවස්ථාද වාර්තා කර ගනිමින් මේ ක්‍රියාවලිය සිදු කළද එහිදී අපේක්ෂිත ප්‍රතිඵල උදාවූයේ නැත. මතකය සම්බන්ධ ද මේ ආකාරයේම පර්යේෂණයක් සිදු කරන්නට යෙදුනි. ආශ්වාස අවස්ථාවේදී වාර්තා කරගත් (Recoded) පුද්ගලයන්ගේ මොළය ඉතා පහසුවෙන් මෙකී හඳුනාගැනීම්වල යෙදෙනු දක්නට පිළිවන් විය.
මේ කාරණා අනුව අපට කියන්නට පුළුවන් තදින් හුස්ම ගැනීම යම් ආකාරයට වාසියක් උදා කරන්නටත් පුළුවන් කියා. ටිකක් විතර කලබලයට පත් වූ විට අපේ හුස්ම ගැනීමේ රිද්මය වෙනස් වෙනවා. සාමාන්‍ය අවස්ථාවකදී වගේ නෙවෙයි ඊට වඩා වැඩිපුර කාලයක් අපි හුස්ම ඉහළට ඇදගන්නවා. බාගවිට අපිට මුහුණ දී සිටින තත්ත්වයෙන් ගොඩ එන්නට කළ යුත්තේ මොන වගේ දෙයක්ද කියලා තීරණයකට යන්නත් මේ හොඳ අවස්ථාවක් වෙන්න පුලුවන්.
මේ පර්යේෂණය හරහා ඔප්පු වූ ප්‍රධාන කාරණාව වූයේ හුස්ම ගැනීමේ සහ පිටකිරීමේ ක්‍රියාත්මක වීමේ වේගය කෙරේ බලපාන්නා වූ බවයි. එයින් ලැබුණු ඉඟිය නම් ආශ්වාස ප්‍රශ්වාස කාර්යයද නිසි කළමනාකරණයකට ලක් විය යුතු බවයි. භාවනාවේදී මෙන්ම යෝග ශාස්ත්රයේ ප්‍රාණයාමයේදී ද සිදුවන්නේ හුස්ම ගැනීම නිසි පාලනයකට රිද්මයකට පවත්වාගෙන යාමයි.
මේ සියලු පර්යේෂණය හෙළිදරව් කිරීම් හා අදහස් තුළින් එක දෙයක් ඔප්පු වෙනවා. ඒ ශරිරය නඩත්තු කරද්දී අපි ආහාර පාන ව්‍යායම ගැන උනන්දු වන්නා වගේම ආශ්වාසය ප්‍රශ්වාසය ගැනත් උනන්දු විය යුතු බවයි. ආශ්වාසය හා ප්‍රශ්වාසය අරමුණු කෙරෙමින් වඩන භාවනාවක යෙදෙන්නට ඉඳහිට හෝ ඉඩක් වෙන් කර ගන්නට හැකි නම් ශාරීරික වගේම මානසික සෞඛ්‍යයත් යහපත් කරන්නට එය හේතු වේවි.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks