සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා ද්වීපයේ පෙරදිග මුතු ඇටයේ සුන්දරත්වය නිර්මාණය කිරීමට බෙහෙවින්ම උපස්ථම්බක වූයේ සමනොල කන්ද (ගිරිකුළු පව්ව) ශ්‍රීපාද කන්දය. එම පර්වතය මුල්කරගෙන එම උස් කඳු මුදුනට සහ ලංකාවේ පිහිටි අනෙකුත් උස් කඳු වැටිද මුල්කරගෙන ස්වාභාවිකව එම කඳු මුදුන්වලට ලැබෙන ස්වාභාවික වැස්ස. ගිරිමුදුන් සිප වැළඳගෙන ජල දහරාව ගංඟාවන් නිර්මාණය කර මේ මහා පින්බිමේ සරුසාරවත් කෙත්වතු නිර්මාණය කරමින් ජනී ජනයාගේ ජන ජීවිත මල්ඵල ගැන්වීමට ඉවහල්වන මේ මිහිකතේ සියත් ආයු වළඳවා වසවිසෙන් තොර මිහිරි රසයෙන් යුතු රෝග මර්දනය කරන පලතුරු ඵලදායී කර ලබාදීමට මූලික වූයේ ගංඟාවන් බව අවිවාදයෙන් තොරව මා මෙහි සහතික කර ලියමි. ගංඟාවන් මැවුනේ නැති නම් සරුසාරවත් කෙත්වතු ඇතිවන්නේද නැත. සතා සිවුපාවා ඇති නොවනු ඇත. ජාතියේ, දේශයේ පණ වැනි ඔසු ඇති වන්නේද නැත. පලතුරු ඇති වන්නේද නැත.
අද අපි හැම අයකුම දන්නා "සියඹලා" හඳුනා ගනිමු. අපේ රටේ බොහෝම ප්‍රදේශවල වැවෙන වැඩෙන විශාලව පැතිරී යන ගස් විශේෂයකි. අධික ශීත දේශගුණයෙන් යුතු බදුල්ල, වැලිමඩ, නුවරඑළිය සිංහරාජයේත් මෙම (ශාකය) ගස් දක්නට ලැබීම අසීරු කරුණකි. සෑම වසරකම අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙක කාලයේදී අස්වැන්න නෙලා ගත හැකි වේ. සියඹලා වෘක්ෂය බහුලව දක්නට ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්රික්කයේය. තංගල්ල - රන්න - නෙටොල්පිටිය - හුංගම - බෙලිඅත්ත - වීරකැටිය - මිද්දෙණිය - දෙබොක්කාව - කලාව - විතාරන්දෙණිය යන ප්රදේශවලය. එම ප්‍රදේශ හැරුණ විට දක්නට ලැබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ විතරමය.
අති විශාල ලෙස වැවෙන සියඹලා ගසේ කරල් පැසී ඉදී බිමට වැටේ. මේවා එකතු කර කරල්වල පොතු ගලවා ගෙන සුරක්ෂිතව වෙළෙඳපොළ දක්වා ප්‍රවේශ වේ.
සියඹලා මදයේ නියම උපරිම ප්‍රතිඵලය භුක්ති විඳින්නේ උතුරේ දෙමළ ජනතාවය. මෙය පලතුරක් මෙන් කුළුබඩු ගණයටද ගැනේ. කිරි හොද්දට - මිරිස් හොද්දට - මස් හොද්දට අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක් වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකිය.
සියඹලා පලතුරක් ලෙස ගැනෙනුයේ භාගයට ඉදුණු පසු සහ හොඳටම ඉදුණු අවස්ථාවේදීය. මිහිරි රසයෙන් අනුන වේ. මුල් අවස්ථාවේ නොඉදුණු කරල් ඇඹුල් රසයෙන් යුක්තය. සියඹලා පලතුරක්a ලෙසින් අනුභව කිරීමට ළමුන් රුචියක් දක්වනු ලැබේ.
භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම - බඩේ වාතය හිරවී කපන්නාක් මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි. කෙලෙස්ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවකි. වසවිසෙන් තොර ස්වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ඇත. සියඹලා ජූස් බඳුනක් පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයකි. සියඹලා මදය යොදා ගනිමින් වර්තමානයේ වෙළෙඳපොලේ සියඹලා ටොෆීද දකින්නට ඇත. සෙම පවතින අවස්ථාවට ඉතා යෝග්‍යය. ලංකාවේ දුරාතීතයේ වැසියන් සෑම කිරි එළවලුවකටම සියඹලා මදයක් දෙකක්a යොදා ගත් බව සඳහන් කළහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත.
ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක් ලබාදෙයි.
එමෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට සියඹලා කරල් මද සහ එහි පොත්ත සියඹලා ඇට, මදය, සියඹලා කොළ, සියඹලා ගහේ පොත්ත අත්‍යවශ්‍ය වේ. රෝගීන්ට ප්‍රතිකාර යෙදීමේදීද දක්ෂ කෘතහස්ත ප්‍රවීණ වෛද්‍යවරයා අවස්ථානුකූලව වෛද්‍ය ඥනය මෙහෙයවා ඖෂධ සංයෝජනය යොදවා රෝගී වූ තැනත්තා නිරෝගී භාවයට පාත්‍ර කරන්නේය.
තදට පායන නියං සමයේ සියඹලා ගසක් යටට ගොස් නියං උවදුරින් දාහපීඩවට බඳුන් වූයේ නම් එම දැවිල්ල සංසිඳවා හිසට සිසිලක් කයට සිසිලත් ලබාගත හැකිය. අයාලේ ලන (යන) කිරි ගවයන්ද රංචු පිටින් සියඹලා ගස් යට ලැඟුම් ගෙන සිටිනු දැකීමට ලැබෙන අවස්ථා සුලබය.
ශෝථ රෝගයේදී ප්‍රතිකාර යෙදීමේ ලෞහභෂ්ම කිරීමටද සියඹලා නැතිව බැරි දෙයකි. එහෙත් ඒ සා විශාල වටිනාකමින් යුතු මේ සියඹලා වෘක්ෂය දිවයිනේ ඇතැම් දර ව්‍යාපාරිකයන් විසින් කපා කොටා දරවලටද ගන්නා බව නොරහසකි.
අපේ දේශයේ අපේ පලතුරු අපේ සංස්කෘතික උරුමයයි,
එය රැකගැනීම අපේ පරම යුතුකමයි·
"සියඹලා" යන නම සිංහල භාෂාවේ ව්‍යවහාරයට ගැනේ.
සංස්කෘත භාෂාවෙන් සඳහන් වනුයේ සිනිඹලා නමින් "සීනි" මිහිරි රසය දැනවීමත් ඹලා යන අරුත ඔප්නැංවීමේදී "ඇඹුල" යන අරුත ගැබ් වී තිබීමය. සීනි, ඇඹුල - සීනිඹල සියඹලා වශයෙන් වත්මන් ව්‍යවහාරය එක්වූ වගයි. ලංකාවේ මහා වෘක්ෂ අතරින් සියඹලා ගසද මහා වෘක්ෂ ගණයට ගැනේ.