ලිංගික එක්වීමට පෙර සූදානම් වීමේ දී මෙන්ම වෙනත් විවිධ අවස්ථාවන්හි දී සිපගැනීම් සිදු වෙනවා. සිප ගැනීම් ඔබේ සෞඛ්‍යයට විශාල බලපෑමක් කරනවා. එය ඔබේ සෞඛ්‍යයට වාසි ගෙන එනවා. ඒ වුණත්, කොච්චර වෙලාවක් සිප ගන්න ඕනෙද? මොන වෙලාවට මොන වගේ සිප ගන්න ඕනෙද කියන එක හරිම වැදගත්. සිපගැනීමේදී පිරිමින් කාන්තාවන්ගෙන් පොඩි පොඩි දේවල් ටිකක් බලාපොරොත්තු වෙනවා. සිප ගැනීමක දී ඔබේ පෙම්වතාව අසීමිත සතුටකට පත් කරන එක තියෙන්නෙ ඔබේ අතේ.
ඔහු ඔබව සිපගන්නා විට ඔබ ඔහුගේ ඇස්දෙක දිහාම බලාගෙන ඉන්න. ඇස් ඉවතට ගන්න එපා. සෙක්සි විදියට බලන්න ඕනෙ නැහැ. ඔබේ ඇස් දෙක ඔහුව වශී කරාවි. එයින් ඔහුට ඔබව සිපගන්නා විට ලොකු බැඳීමක් හා සතුටක් ඇති වේවි. දිගටම නොවේ කිසියම් කාලයක් මෙය නැවත නැවත කරන්න. සිපගන්නා වේගය පාලනය කිරීම වැදගත්. සිපගැනීම ඉතා සෙමින් ආරම්භ කරන්න. මෘදු ලෙස සිප ගන්න. ඔහුගේ දෙතොල් සෙමෙන් ඔබේ දෙතොලින් පිරිමදින්න. වරෙක ආවේගශීලී සිපගැනීමකින් ඔහුව කුල්මත් කරන්න. නැවතත් වේගය අඩු කරන්න.
සිපගැනීමට ඔබේ තොල්පෙති යොදවන අතර අත් දෙක නිකන් තියාගෙන ඉන්න එපා. පිරිමින් ගොඩක් කැමතියි ඔබේ ඇගිලි තුඩු ඔහුගේ හිසකෙස් අතරින් යවා හිස පිරිමදිනවා නම්. ඔබේ ඇගිලි තුඩුවලින් ඔහුගේ ගෙල වටා, දෙකන් වටා සෙමින් පිරිමදින්න. සෙමින් ඇගිලි තුඩු ඔහුගේ පපුව මතට ගෙන එන්න. අත් දෙක, පිට, ඉන පිරිමදින්න. ඔහුගේ තොල් උරන්න. යටි තොළ නිතරම තෙත් වෙන නිසා ඔබ එය වෙත ඔබේ උනන්දුව වැඩි කරන්න. ඔබේ දෙතොල්වලින් ඔහුගේ යටි තොළ උරන්න. විකන්න එපා නමුත් සෙමින් දත් වලින් අල්ලන්න. මෙය ඉතාම මෘදු ලෙස කළ යුතුයි.
කම්මුල් සහ කම්මුල් වලට පහලින් සිප ගන්න. දෙතොල්වලට මඳ විවේකයක් දෙන්න. ඔහුගේ කම්මුල් සහ පහළ හණුවේ මායිම සිප ගන්න. මෙහිදි ඔබේ දිවත් සුළු වශයෙන් හෝ භාවිතා කිරීමෙන් ඔහුට හොඳ උත්තේජනයක් ලැබේවි. දෙකන් සිප ගැනීමත් පිරිමින්ට හොඳ උත්තේජනයක් ලබා ගැනීමට ආධාරයක් වෙනවා.
සිප ගැනීමේ ත්‍රිකෝණය ඔබ අසා තිබේ ද? මුලින්ම තොල්වලින් පටන් ගන්න. ඊළඟට කන් පෙති සිප ගන්න. ඉන් පසු ගෙළ සිපගන්න. නැවත දෙතොල් වලට යන්න. මේ ත්‍රිකෝණාකාර සිපගැනීමෙන් පිරිමියෙකු වසඟයට පත් කරන්න පුළුවන් කියලා තමයි මේ පිළිබද පර්යේෂණ කල විශේෂඥයන් පවසන්නේ.