Life
සැලකිලිමත් වෙමු ආඝාතය වළක්වමු
අතපය සතර පණ නැතිව ජීවත් වෙනවාට වඩා මරණය සුබයි යන්න අප අසා ඇත. ශරීරයේ පැත්තක් පණ නැතිව යාම අපි අංශභාගය හෙවත් ආඝාතය ලෙස (Stroke) හඳුන්වමු.
ඔක්තෝබර් 29 වැනිදාට යෙදෙන ලෝක ආඝාත දිනයේ මෙවර තේමාව ආඝාතය සඳහා ප්‍රතිකාර තිබේ යන්නයි (Stroke is treatable) මොළයට රුධිරය ගෙන යන නාළයක් ලේ කැටියක් හිර වීමෙන් හෝ අධි රුධිර පීඩනය නිසා මොළයේ රුධිර නාළයක් පිපිරී යාම නිසා එම රුධිර නාළය මගින් රුධිර සැපයෙන කොටසට තවදුරටත් රුධිරය සැපයීම අඩාළ වීමෙන් මෙම තත්ත්වය ඇතිවේ.
මොළයේ කොටසකට රුධිර සැපයුම අඩාළවීමෙන් ශරීරයේ කොටසක ක්‍රියාකාරිත්වය අඩපණ වේ. මෙය ආඝාතය තත්ත්වයයි. එනම් අපි සරලව හඳුන්වන අංශභාග තත්ත්වයයි.
මෙහිදී සියුම් ආඝාත තත්ත්වයක් (Transient Ischaemic Attack) ඇතිවීමෙන් පසු වඩාත් බරපතළ ආඝාත තත්ත්වයන්ට පත්වීම වළක්වා ගැනීමට උත්සුක විය යුතුවේ. සියුම් ආඝාත තත්ත්වයන් යනු කෙටි වෙලාවකට එක ඇසක පෙනීම, කථන හැකියාව, අත්පා තාවකාලිකව අඩපණ වන තත්ත්වයකි. මෙහිදී තාවකාලිකව මොළයේ රුධිර නාළයක් අවහිරවීමෙන් මොළයේ කොටසකට රුධිර සැපයුම තාවකාලිකව නැතිවීමෙන් ක්‍රියාකාරිත්වය නැති වන තත්ත්වයක් ඇතිවේ. මෙය අනාගතයේදී ආඝාත තත්ත්වයක් ඇතිවීමට අනතුරු ඇඟවීමකි. එම අනතුරු ඇඟවීම නොසලකා නොහැර ප්‍රතිකාර සඳහා යොමු වීම අවාසනාවන්ත ආඝාත තත්ත්වයට ගොදුරුවීමෙන් ආබාධිත බව හෝ මරණය හෝ ඇතිවීම වළක්වා ගත යුතුමය.
මුහුණේ එක් පසෙක හෝ ශරීරයේ එක් පසෙක අත්පා ආදියේ ඇතිවන බෙලහීනතාවය හෝ හිරිවැටීම, කථාකිරීමේ අපහසුතාව හෝ පිටවන වචන තේරුම් ගැනීමේ අපහසුතාව, ඇසක හෝ දෙකේම පෙනීම නැතිවී යාම හෝ දෙකක් ලෙස පෙනීම (Double Vision) ශරීර සමබරතාව නැතිවීම හා කැරකැවිල්ල, ගිලීමේ අපහසුතාව, ඉතාමත් තදබල හිසරදයක් ඇතිවීම ආඝාතයේ රෝග ලක්ෂණයි.
ආඝාතයෙන් රෝගීන් සංඛ්‍යාවක් යථා තත්ත්වයට පත්වන අතර, කොටසක් ආබාධ තත්ත්වයන් සහිතව සුව වේ. නමුත් සියලු දෙනා යථා තත්ත්වයට හෝ ස්වාධීනව ජීවිතය ගෙන යාහැකි තත්ත්වයට පත් නොවේ. මොළයේ ෙසෙල රුධිර සැපයුම අඩාළවීමෙන් ස්ථීරව විනාශ වුවහොත් ආබාධිත වීම සිදුවේ. ඉතා දරුණු තත්ත්වවලදී ස්වසනය පවා අවහිර වී මාරාන්තික තත්ත්වයට පත්වේ.
ආඝාතය යනු හදිසියේ ඇතිවන රෝග තත්ත්වයක් සේම ඊට ප්‍රතිකාර කිරීම ද හදිසියේ සිදුකළ යුතුය. රෝහල වෙත යාම පමා නොකළයුතු අතර රෝහල වෙතින් ඉක්මනින් රෝගයා වෙත ප්‍රතිකාර ලැබිම නිසා රෝගියාගේ සුවවීමද ඉක්මන් වේ. සාර්ථක වේ. අතුරු ආබාධ අවම කරයි.
ආඝාත තත්ත්වයකදී රෝහල්ගතවූ විට සී.ටී. ස්කෑන් (C.T. Scan) පරීක්ෂණය හා රුධිර පරීක්ෂණ මගින් රෝගයේ තත්ත්වය තහවුරු කර ගනී.
ආඝාතය නිවැරදිව ඉක්මන් හඳුනා ගැනීම රෝග ප්‍රතිකාර ඉක්මන් කිරීමට හේතුවන ප්‍රධානතම කරුණයි.
Face – රෝගියාට සිනාසීමට පවසන්න. කට පසෙකට ඇලවී පැත්තකට යාම සිදුවේද?
එසේ නම් ආඝාතය විය හැක.
Arm – රෝගියාට අත් දෙක එසවීමට පවසන්න. අත් හෝ අතක් එසවීමට නොහැකිද? ශරීරයේ පසෙක චලන දුර්වලතා දක්නට ලැබේද?
එසේ නම් ආඝාතය විය හැකිය.
Speech – රෝගියාට සරල වාක්‍යයක් කීමට ඉඩ දෙන්න. පිටවන වචන අපැහැදිලිද? නැවත එම සරල වාක්‍ය නිවැරදිව පැවසීමට නොහැකිද?
එසේ නම් ආඝාතය විය හැකිය.
Time- ඉහත රෝග ලක්ෂණවලින් කුමන හෝ ලක්ෂණයක් හෝ කීපයක් රෝගියා තුළ දක්නට ලැබේද?
එසේ නම් වහාම රෝහල වෙත රැගෙන යන්න.
ආඝාත තත්ත්වය සඳහා ප්‍රතිකාර ඇත. මෙහිදී මූලිකවම සිදු කරන ප්‍රතිකාර විවිධ වන්නේ රුධිර නාළය අවහිර වූ රුධිර කැටය දියකර හැරීමේ ඖෂධ (Clot Busting Medication) ලබා දීමයි. මෙහිදී පබඒ ප්‍රතිකාරය කරනු ලැබේ. එම ප්‍රතිකාරය රෝග ලක්ෂණ ඇතිවීමේ සිට පැය හතර හමාරක් (4 1/2) තුළ ලබා දීමෙන්ම වඩාත් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.
රුධිර නාළයක් පුපුරා යාම නිසි ඇතිවන ආඝාත තත්ත්වවලදී විටෙක ශල්‍ය ප්රතිකාරද සිදු කරනු ලැබේ. (eg. Aneurysm Clipping, Coil Embolization)
ආඝාතය ඇතිවීමට බල පෑ හැකි අවදානම් සාධක ලෙස අධි රුධිර පීඩනය, දුම් පානය, දියවැඩියාව, රුධිරගත ක්ලොස්ටේරා්ල් වැඩිවීම, ස්ථුලතාවය, ව්‍යායාම මදිකම, අධික මධ්‍යසාර භාවිතය, මානසික ආතතිය, උපත් පාලන පෙති ගැනීම මෙන්ම සෞඛ්‍යයට හිතකර නොවන ආහාර රටාවද හඳුන්වා දිය හැක.
ආඝාතය වියපත් වයසේදී පමණක් ඇතිවන රෝග තත්ත්වයක් නොවේ. එම නිස වළක්වා ගැනීමට පියවර ගත යුතුය.
අධිරුධිර පීඩනය, දියවැඩියාව, රුධිර ක්ලොස්ටේරා්ල් අධිකතාවය, ඇත්නම් නිරන්තරව වෛද්‍ය අවවාදයන්ට අනුව ඖෂධ පාවිච්චිය අත්‍යාවශ්‍යය. දුම් පානයෙන් මුළුමනින්ම තුරන් විය යුතු අතර මත්පැන් පානයද පාලනය කළ යුතුමයි. නිසි ව්‍යායාම නිතිපතා කිරීමෙන් ආඝාතය වළකාලයි. පලතුරු, එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගත යුතු අතර අධික පිෂ්ඨය, ලුණු, තෙල්, මේද පාලනය කළ ආහාර වේලක් ලබා ගැනීම අනිවාර්ය වේ. උසට සරිලන බරක් පවත්වාගෙන යාමෙන් සෞඛ්‍යමත් බව වඩාත් ආරක්ෂා වේ.
වරක් ආඝාතය වැලඳුණු අයට නැවත වරක් වැලඳීමේ ප්‍රවණතාව වැඩිය. පරම්පරාගත සාධක ද ආඝාතය ඇතිවීමට බලපායි. කාන්තාවන්ටම සුවිශේෂී වූ අවදානම් තත්ත්වයක් ඇතිවන්නේ හෝමෝනමය වෙනස් වීම් හේතුවෙනි. එනම් පිළිසිඳගැනීම, පුසූතිය, ඔසප් නතරවීම, උපත් පාලන පෙති භාවිතය දැක්විය හැකිය.
ආඝාතය වැලඳුණු කෙනෙකුට ප්‍රතිකාරය මෙන්ම සාත්තුව ද ඉතා වැදගත්ය.
ගිලීමේ අපහසුතාව ඇති විට නාසිකා නළයක් මගින් පෝෂණය සපයනු ලැබේ. මූත්‍රා පිටකිරීම ගැටලුකාරී අවස්ථාවලදී කැතීටරයක් මගින් සහාය ලබා දෙයි. මලපහ කිරීමේදී ගැටලුකාරී තත්ත්වයක් ලෙස මලබද්ධය හෝ නිතර මලපහවීම ඇතිවේ. මේ අවස්ථාවලදී ඊට සුදුසු ලෙස සාත්තු කිරීම කරයි. විශේෂයෙන්ම රෝගියාට ඇඳ වණ ඇතිවීම වළක්වා ගත යුතුමය. එකම ඉරියව්වක ඇඳ මත හොවා තැබිම නොකළ යුතුය. වරින්වර සුදුසු ලෙස ස්ථාපිත මාරු කිරීම කරනු ලැබේ.
රෝගියාගේ පුනරුත්තාපන ක්‍රියාවලියේදී චලනයන් නැවත ගොඩනැගීම හා ශාරීරික සමබරතාව ඇති කරලීම සඳහා භෞත චිකිත්සා ව්‍යායාම ඉතා වැදගත්ය. ආබාධයට ලක්වූ කථන හැකියාව නැවත උපරිමයට ගෙන ඒමට කථන චිකිත්සාවෙන් උත්සාහ කරනු ලැබේ. වෘත්තීය චිකිත්සාව මගින් රෝගියා ස්වාධීන කිරීමට, තමාගේ කාර්යයන් තමාම කර ගැනීමට බාහිර උපාංග යොදා ගැනීම පිළිබඳ පුනරුත්තාපනයට ලක් කෙරේ. මේ සෑම විටම උපදේශනය හා සමාජ සේවාවන් ලබාදීමට උත්සුක විය යුතුය.
ආඝාතය වැලඳුණු අයකුට නැවත රැකියාවට යාමට හැකිවන්නේ රැකියාවේ ස්වභාවය හා ආබාධිත තත්ත්වයේ ස්වභාවය අනුවය. එලෙසම ආබාධිත තත්ත්වය සුව වීමට ගතවන කාලය අනුව ද රැකියාවට යාම තීරණය වේ.
සමස්තයක් ලෙස රෝගියා විසින් කාලීන රෝග තත්ත්වවලට නිසි ප්‍රතිකාර නිතිපතා වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම, සෞඛ්‍යමත් ජීවන රටාවක් අනුගමනය කළ යුතුමය.
Wmqgd .ekSu wo forK fjí wvúh