Life
සාර්ථක කාන්තාවන් හැමදාම එක වගේ ඇඳුම් අඳින්නේ ඇයි..?
සාර්ථක කාන්තාවන් හැමදාම එක වගේ ඇඳුම් අඳින්නේ ඇයි..?
පසුගිය දවසක ලෝකප්‍රකට තඪදඬඥඤඪද වෙබ්සයිට් එක ටිකක් අමුතු දෙයක් කරලා තිබුණා. මේක පර්යේෂණයක්. ඒගොල්ලො පර්යේෂණය කළේ වැඩි දෙනෙක් පර්යේෂණයක් කරන්න සිතන දෙයක් ගැන නෙවෙයි.
සාමාන්‍යයෙන් ලෝකයේ සාර්ථක වෙලා තියෙනවා කියල හිතන කාන්තාවන් සිය දෙනකුව මේ අය පර්යේෂණයට සම්බන්ධ කරගෙන තියෙනවා. අවුරුදු දෙකක් පුරා ඒ සිය දෙනාම දැඩි ලෙසම අධ්‍යයනය කළාම සොයා ගන්න පුළුවන් වුණු කරුණක් තමයි මේ අයගෙන් වැඩි දෙනෙක් ඇඳුම් ගැන ඒ තරම් සැලකිල්ලක් නැහැ. ඒ කියන්නෙ එයාලා එකම ඇඳුම සතියෙ දවස් කීපයක්ම අඳිනවා. ඒ විතරක් නෙවෙයි එයාලා අඳින්න තෝරා ගන්නෙ එකම වගේ ඇඳුම්. ඒ කියන්නේ අද කළුපාට ජීන්ස් එකක් ඇන්ෙදාත් හෙටත් කළු පාට වෙනස් විදියක ජීන්ස් එකක් අඳිනවා. අද කළුපාට බ්ලවුස් එකක් ඇන්ෙදාත් හෙට කළු පාට වෙනස් විදියට බ්ලවුස් එකක් අඳිනවා. එකම විදියෙ එකම පාට ඇඳුම් හැමදාම අඳිනවා. ඉතින් මේ විදියට එකම විදියෙ එකම පාට ඇඳුම් අඳින්නෙ ඇයි කියන එක ගැන තමයි රිසර්ච් එක කළේ. මේ හැමෝගෙන්ම අහපු ප්‍රශ්නවලින් ලැබුණු පිළිතුරු විශ්ලේෂණය කරලා තමයි උත්තර ටික හදලා තියෙන්නේ.
1. අනෙත් අය තමන් ගැන හිතන විදිය ගැන හිතන්න සාර්ථක කාන්තාවන් උත්සාහ කරන්නෙ නැහැ. ඒ අය හැම තිස්සෙම උත්සාහ කරන්නෙ තමන්ගෙන් අනිත් අයට වෙන්න ඕනෙ දේවල් ගැන හිතන්නයි. ඒ අය තමන් ගැන හොඳින්ම දන්න නිසා අනිත් අය තමන්ගෙ ඇඳුම් පැලැඳුම් ගැන හිතන ඒවා ගණන් ගන්නෙ නැහැ. සාර්ථක කාන්තාවන් තමන්ට පහසු විදියට ජීවත් වෙනවා.
2. ගොඩක් කාන්තාවන් හිතන්නෙ තමන්ගෙ වටිනාකම තීරණය වෙන්නෙ ඇඳුම් සහ පැලැඳුම් මත කියලයි. නමුත් සාර්ථක කාන්තාවන් දන්නවා තමන්ගෙ වටිනාකම් තීරණය කරන්න ඇඳුම්වලට බැහැ කියන එක. ඒ නිසා ඇඳුම්වලට මිනිස්සුන්ගේ ජීවිතය තීරණය කරන්න ඒ අය ඉඩ තියන්නෙ නැහැ.
3. ඇඳුම් ගැන හොයනවට වඩා කරන දේවල් ගැන අවධානය යොමු කරන එක සාර්ථක අයගෙ සිරිතක්. ඒ නිසා ඇඳුම් කියන්නෙ ඒ අයට ලොකු දෙයක් නෙවෙයි.
4. වර්තමානයේ ගොඩක් කාන්තාවන් ජීවත් වෙන්නෙ අනිත් අයගෙ ඇඳුම් පැලැඳුම් ගැන අවධානයෙන්. හරියටම කියනවා නම් ෆැෂන් කරන්නම, ෆැෂන් නිසාම ජීවත් වෙනවා වගේ. හැමෝටම කරන්න දේවල් තියෙනවා. ඉතින් කරන්න මොකුත්ම නැති අයටත් කරන්න දෙයක් තියෙන්න එපායැ. ඒ අය අනිත් අයගෙ ඇඳුම් ගැන හොයපුවාවෙ.
5. සාර්ථක අය හිතන්නෙ තමන් ගැන නෙවෙයි අනිත් අය ගැන. අනිත් අය නරක විදියට ජීවත් වෙනවා නම් ඒ අයව හොඳ විදියට ජීවත් කරවන්න උත්සාහ දරනවා. ඒ නිසා තමයි සාර්ථක අය අනිත් අයට වඩා වෙනස් වෙන්නෙ. ඒ හැර එකම ඇඳුම දවස් දෙකක් තුනක් අඳින නිසා නෙවෙයි.
6. ඇඳුම් ගැන හිතලා ඒ ගැන හිත කරදර කර ගන්නවාට වඩා සාර්ථක වෙන්න පුළුවන් දෙයක් ගැන හිතන එක. ඒ ගැන හිත කරදර කර ගන්න එක හොඳ නැද්ද? සාර්ථක අය හිතන්නෙ අන්න එහෙමයි.
7. වැදගත් දේවල්වලට වැඩි අවධානයක් දෙන්න ඕන කියන එක තමයි සියයට සියයක් නිවැරැදි ඇත්ත. ඉතින් ඇඳුම් හෝ ෆැෂන් කියලා කියන්නෙ වැඩි අවධානයක් දෙන්න ඕනෙ දේවල්ද? ඊට වඩා හිතන්න දේවල් මේ ලෝකෙ නැද්ද? ඇඳුම් කියලා කියන්නෙ යන්තම් විලි වසාගන්න පුළුවන් තරමට තියෙනවා නම් ප්‍රමාණවත් දෙයක්.
මේ විදියට හිතන්නෙ. මේ විදියෙ දේවල් කියන්නෙ ගොඩක් සාර්ථක වුණු කාන්තාවන්. හැබැයි ඔබත් එහෙම වෙන්න හිතාගෙන එකම ඇඳුම දවස් ගණන් අඳින්න ලෑස්ති වෙන්න එපා. මේ අය කියන කතාවල ඇත්ත නැත්ත ගැන හිතින් විමසා බලන්න. ඒ වගේම එකම ඇඳුම දවස් දෙක තුනක් ඇන්දා කියලා සාර්ථක කාන්තාවක් වෙන්නෙ නැහැ කියන එකත් හිතට ගන්න ඕනෙ.
Wmqgd .ekSu u