Health
සාර්ථකව ප්‍රශ්න විසඳන්නට සන්සුන් මනසක් තිබිය යුතුයි
කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ කථාකාචාර්ය රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය
ආසිරි රොද්‍රිගු
අපිට මුහුණ දෙන්නට වන විවිධාකාර ප්‍රශ්න හිතේ තියාගෙන දුක් විදිනවට වඩා කාට හරි පැවසුවහොත් හිතට දැනෙන සැහැල්ලුව වචන වලින් කියන්න බැරි තරම්ග ඒ වුණත් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට තරම් අපේ සිත ශක්තිමත් ද යන්න පිළිබඳ දෙවරක් සිතා බලන්නට අවශ්‍යයිග
විවිධ අය ප්‍රශ්නයක් ඇති වුණු අවස්ථාවේදී ක්‍රියාකරන්නේ විවිධ ආකාරයටග ඇතැම් අය ප්‍රශ්න හමුවේ කලබල වී පීඩාවට පත් වී නොසන්සුන්ව කටයුතු කරනවා වගේම තවත් පිරිසක් ඉතාම සන්සුන්ව සැහැල්ලු සිතකින් ඕනෑම බරපතල ප්‍රශ්නයක් ඉක්මනින්ම විසඳනවාග එවැනි පුද්ගලයන්ගේ මනස මේ තරම් සැහැල්ලුවෙන් තබා ගන්නේ කොහොමදරෑ මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විමසා බලමුග
හැමෝටම ප්‍රශ්න තිබුණට විසඳන්නේ වෙනස් විදිහට
අපි කාටත් එදිනෙදා ජීවිතේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවාග ඒවා තමන්ට තනිව විසඳගන්න නොහැකි වු විට කාටහරි ඒ දේවල් කියලා හිත සැහැල්ලු කරගන්න අපි උත්සාහ කරනවාග ඒත් කියන්නේ කාටද කියලා අපිට නැවතත් ප්රශ්නයක්රෑ සමහර අයට අපි අපේ ප්‍රශ්නයක් පැවසුවම ඒ අයට තරහා යනවාග ඒ විතරක්ම නෙවෙයි කලබල වෙනවාග තිබෙන ගැටලුව තව තවත් සංකීර්ණ කරවනවාග එහෙම වුණාම ප්රශ්නය කියපු කෙනාටත් ප්රශ්නය අහපු කෙනාටත් දෙන්නටම කිසිම ප්‍රයෝජනයක් නැහැග
තවත් සමහර අය ප්‍රශ්නයක් ඇති වුණාම ඉතාම සන්සුන්ව කටයුතු කරනවාග තමාට මුහුණ දෙන්නට සිදුවුු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට තරම් ඔවුන්ට දැඩි ආත්ම ශක්තියක්ල ආත්ම විශ්වාසයක් තිබෙනවාග එවැනි අයෙක් සමඟ ඔබට තිබෙන යම් ගැටලුවක් පැවසුවොත් ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබෙනවා විතරක් නොවෙයි ප්රශ්නය නිසා සිතේ ඇතිවුණු කලබලය ප්රශ්නය පැවසූ පුද්ගලයාගේ තිබෙන සන්සුන්කමින් මැකිලා යනවාග ඒ නිසාම සන්සුන් මනසක් ඇති මෙවැනි අය ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න අය වෙනවාග ඒ විතරක්ම නෙවෙයි සමාජයේ කවුරු අතරත් ජනපි‍්‍රය වගේම ආකර්ෂණීය පුද්ගලයන් බවට ද පත් වෙනවාග වර්තමානයේදී මෙවැනි අය හඳුන්වන්න ර්ණඣධඛ” වැනි ඉංගි්රසි යෙදුම් පවා භාවිතා කරනවාග
සාර්ථකව ප්‍රශ්න විසදන පුද්ගලයෙකුගේ තිබෙන විශේෂ ලක්ෂණ
මෙවැනි සාර්ථක ප්‍රශ්න විසඳන්නෙකුගේ චරිතය පිළිබඳ අවබෝධය ඉතාමත් වැදගත්ග මන්දයත් අපටත් ඔවුන්ට මෙන් ඉතාම ආකර්ෂණීය සංසුන් පුද්ගලයන් බවට පත් වීමට මේ හරහා ඉඩකඩ ලබා ගන්නට පුළුවන්ග
මෙම පුද්ගලයන්ගේ තිබෙන ප්‍රධාන ලක්ෂණය ඔවුන් ප්‍රශ්න ගොඩක් එකතු කර ගන්නේ නැහැග ඔවුන්ට යම් ගැටලුවක් ඇති වුණු අවස්ථාවක ඒ ඒ වෙලාවේදීම අදාළ ප්රශ්නය විසඳගන්නට උත්සාහ කරනවාග ඒ වුණත් ඔවුන් වෙතට පැමිණෙන සෑම ප්‍රශ්නයක්ම විසඳන්නටත් ඔවුන් කිසිවිටෙකත් උත්සාහ කරන්නේ නැහැග මුලින්ම ඔවුන් තමන්ට තිබෙන බරපතළ ප්‍රශ්න මොනවාද ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්න මොනවාද කියා තෝරා බේරා ගැනීමක් සිදු කරනවාග අනෙකුත් ප්‍රශ්න පසුවට කල් තබනවාග ඊට හේතුව හැම ප්‍රශ්නයක්ම එකම වෙලාවක විසඳන්න අපහසු නිසාග
තවත් සමහර ප්‍රශ්න විසදීම එතරම් නුවණට හුරු නොවන බව ඔවුන් දන්නා නිසා ඒවා තරමක් දුරට මඟහරින්නට උත්සාහ කරනවාග එයින් අදහස් වෙන්නේ ඔවුන් ප්‍රශ්න මඟහරින බව නෙවෙයිග ඔවුන් කාලයට ඒ ප්‍රශ්නවලට විසදුම් සොයන්නට ඉඩ ලබා දෙනවාග
ඒ වගේම ප්‍රශ්නවලට මුහුණ දීමට තරම් සන්සුන් මනසක් තිබෙන මෙවැනි අය තමාට මුහුණ දීමට සිදු වී තිබෙන ප්රශ්නය වගේම ඒ අවස්ථාවේදී තමා ප්‍රමුඛත්වය ලබා දෙන්නට අවශ්‍ය කුමකටද යන්න පිළිබඳවත් හොඳ අවබෝධයකින් පසු වෙනවාග උදාහරණයක් ලෙසින් සමහර අය අදාළ අවස්ථාවේදී තමාට වැදගත්ම දේ තමාගේ පවුල බව සිතනවාග
ඒ අනුව තමාට වැදගත් මොනවාද යන්න තේරුම් අරන් ඉන්න අය ඉතාම සන්සුන් පුද්ගලයන්ග ඔවුන් තමාට හැකි මොනවාද නොහැකි මොනවාද යන්න හොඳින්ම අවබෝධ කරගෙන තිබෙනවාග ඔවුන් කිසිම අවස්ථාවක බැහැ කිව යුතු දේට බැහැ කීමටත් පුළුවන් කිවයුතු දේට පුළුවන් කීමටත් පසුබට වෙන්නේ නැහැග සමහර පුද්ගලයන් තමන්ට විසදාගන්නට නොහැකි හැමදේටම මට පුළුවන් යැයි සිතමින් සිතේ සන්සුන් බව තමා විසින්ම නැති කර ගන්නවාග ඒ විතරක් නෙවෙයි සමහර දේවලට අපට බැහැ කියන්න වුවමනා වුණත් අපි එහෙම කරන්නේ නැහැග බොහෝදෙනෙක් බැරි දේට බැරි බව නොකියා සිටින්නට පෙළඹෙන්නේ අනෙකාගේ සිත ඒ නිසා රිදේවි යන බිය නිසයිග
නුවන්ති කුලරත්න
curtesy : dinamina.lk