Beauty
සාමාන්‍ය සමක් නඩත්තු කරන්න ඕන කොහොමද?
එක් එක් අයට ආවේණික වූ සමේ ස්වරූපයන් කීපයක් තිබෙනවා. සාමාන්‍ය සම, වියළි සම සහ තෙල් සහිත සම වශයෙන් එය හඳුනාගත හැකියි. අද මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ සාමාන්‍ය සම සහ එයට ආවේනික වූ ලක්ෂණ මොනවාද යන්න පිළිබඳවයි.
වර්තමානයේ අප අතර බහුල ලෙස ප්‍රචලිත වී ඇති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන දැන්වීම් නිසාවෙන් සමහරෙක් කිසිදු සොයා බැලීමක් නොමැතිව තම සම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා. මේ තත්වය ඉතාම භයානක අහිතකර තත්වයක්.
අපි ඉහතින් සඳහන් කළ ආකාරයට අපට හිමිව ඇත්තේ කුමන වර්ගයේ සමක් ද යන්න ගැන රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතයට පළමුව අප දැන සිටිය යුතුයි
සාමාන්‍ය සමක් හිමිවන පුද්ගලයා ඉතාම වාසනාවන්ත කෙනෙක් හැටියට තමයි රූපලාවණ්‍ය ක්ෂේත්රයේ හඳුන්වන්නේ. සාමාන්‍ය සමක් පිහිටි කෙනකුට මේ සම නඩත්තු කරන්නට දැඩි වෙහෙසක් දරන්න අවශ්‍ය නෑ. සාමාන්‍ය සමක් ඉතාමත් පහසුවෙන් නඩත්තු කළ හැකියි. සාමාන්‍ය සම ඉතාමත් ම සුමුදුයි. පෝෂණීය පෙනුමකින් යුක්තයි. පී.එච්. අගය 5.5 – 6.5 අතර ප්‍රමාණයක් ගන්නවා.
සාමාන්‍ය සම වියළි ස්වභාවයෙන් යුක්ත වන්නේත් නෑ. තෙල් ගතියෙන් යුක්ත වන්නේත් නෑ. අනවශ්‍ය ලප කැළල්, කුරුලෑ මේ සමේ දකින්න ලැබෙන්නේ නෑ.
ඔබටත් පිහිටා තිබෙන්නේ මෙවැනි සාමාන්‍ය සමක් නම් එහි නඩත්තුව කරගෙන යා යුත්තේ කෙසේද කියාත් අපි දැනගනිමු. මුලින් ම සඳහන් කළානේ මේ සම පිහිටන කෙනා හරිම වාසනාවන්තයි කියලා. ඒකට විශේෂම හේතුව තමයි නඩත්තුවේ පහසුව.
සාමාන්‍ය සම ඉතා හොඳින් නඩත්තු කිරීම සඳහා මැරුණු සම ඉවත් කළ යුතුයි.
සමේ තෙතමනය රැක ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක්. සාමාන්‍ය සමක් හිමි අවුරුදු 25 ට අඩු කෙනකුට නම් මාස එක හමාරකට (1 1/2) සැරයක් ක්ලීන් අප් (Clean up) එකක් කර ගැනීමත් ප්‍රමාණවත්. එහෙත් අවුරුදු 35 පසුවුණු අයකුට නම් ෆේෂල් එකක් (facial) කරගත යුතුයි. වයස අනුව රූපලාවණ්‍ය ශිල්පිනිය ලබාදෙන උපදෙස් පිළිපැදීමත් අනිවාර්යයි. ඒ වගේ ම තමයි අධික හිරු එළියෙන් ආරක්ෂාවීම සඳහා හිරු එළියෙන් ආරක්ෂා කරන ක්‍රීම් වර්ගයක් (Sun Protection) පාවිචිචි කළ යුතුයි. සමේ නියමිත නඩත්තුව සඳහා උදයට සහ රාත්‍රියට ක්‍රීම් වර්ග දෙකක් ආලේප කිරීම ප්‍රමාණවත්.
ක්‍රීම් වර්ග, ආලේපන තෝරා ගැනීමේදී නිසි ප්‍රමිතියකින් යුතු ආලේපන වර්ග තෝරා ගැනීමටත් ඔබ සැලකිලිමත් විය යුතුයි.
සම නිරෝගීව පවත්වාගෙන යාමටත් මුහුණේ සම ආරක්ෂා කර ගැනීමටත් ඔබ නිරතුරුවම ඔබේ කෙස් කළඹේ පිරිසුදු භාවය ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ ‘හිස් හොරි’ වැනි දෙයක් ඔබේ ඇස්වලට, කම්මුලට, මුහුණට වැටුණහොත් ඉන් ද සමට බලපෑමක් ඇතිවිය හැකි නිසායි.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks