Health
ස්වසන රෝග මට්ටුකරන භෞත චිකිත්සාව
ශ්වාස නාළ පද්ධතිය හා සම්බන්ධ රෝග ශ්වසන රෝග යනුවෙන් හැඳින්වෙන අතර මෙම රෝග සඳහා හේතු බොහෝයග මෙම රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ වෛරසයක්ල බැක්ටීරියාවක් හෝ විෂබීජයක් ශ්වාස නාළ පද්ධතියට ඇතුළුවීමයිග දුවිලි ආඝ්රාණවීමෙන්ද මේවා ශරීරයට ඇතුළු වේග තවද රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට ශරීරගත විය හැකග ශ්වසන රෝග සාදන බැක්ටීරියා කිහිපයකට උදාහරණ නම් නියුමෝකොකස්ල නියුමෝනියේ සහ ස්ටේරප්ටොකොකස් පෙන්වා දිය හැකග එමෙන්ම නොයෙකුත් රසායනික ද්‍රව්‍යල විෂ වායු නිසාද ශ්වසන රෝග ඇති වේග තවද අසාත්මිකතා නිසාද මෙම රෝග ඇති වේග
ස්වසන රෝග ඇතිවන්නේ ඇයිරෑ
මෙවැනිම රෝගවලට ප්‍රධාන හේතුවක් වන්නේ සමහර රෝගීන් නොයෙකුත් අනතුරු වලට මුහුණ දී එක්තැන්වී සිටිමයිග එනම් අංශභාගය වැනි රෝගවලදීත්ල කැඩුම්-බිඳුම් වලට ලක්වූ අවස්ථාවලදීත්ල නොයෙකුත් ශල්‍යකර්ම වලට මුහුණ දී ඇති අවස්ථාවලදීත් රෝගීන් එක්තැන් වී සිටීම නිසා ශ්වසන රෝග ඇති විය හැකග සමහර අවස්ථාවල ශ්වසන පද්ධතියේ ඇති අර්බුද නිසාදල ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍යයක් නිසාද මෙය ඇති විය හැකග
එසේම මානසික හේතුද මේ සඳහා බලපායිග බහුලව දක්නට ලැබෙන ශ්වසන රෝග කීපයක් නම් නියුමෝනියාල බ්රොන්කයිටිස්ල බ්‍රොන්කියෝලයිටිස් ඇදුමල බ්රොන්කියෙක්ටේසිස්ල ප්ලූරල් එෆියුෂන් සහ පෙණහලූ හැකිළීම යනාදිය පෙන්වා දිය හැකග
මෙහි රෝග ලක්ෂණ මොනවාදරෑ
වැළඳී ඇති රෝගය අනුව රෝග ලක්ෂණ විවිධ වේග එමෙන්ම ප්රතිකාරද විවිධයග මෙම රෝගවල රෝග ලක්ෂණ ලෙස වියළි හෝ බුරුල් කැස්සල හතිය නැතහොත් මහන්සියල හුස්ම ගැනීමේදී ඇති වන පපුවේ වේදනාවල උණල වමනයල කෑම අරුචියල බඬේ වේදනාවල හිසේ කැක්කුම හැඳින්විය හැකග මෙම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්රතිකාරද අත්‍යවශ්‍ය වේග භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස පොස්චරල් ඩේරනේජ් ක්‍රමය ඉතා වැදගත් වේග එනම් රෝගියා විවිධ ඉරියව්වල තබා ගුරුත්වාකර්ෂණය උපයෝගී කර ගනිමින් හාල අතින් තට්ටු කරමින් සෙම ඉවත් කිරීමේ ක්රමයයිග රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිබෙන ස්ථානය අනුව වෙනස් වේග උදාහරණයක් ලෙස රෝගියාගේ දකුණු හෝ වම් පෙණහැල්ලේ යට ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා මුනින් අතට හරවා බඩ යටින් කොට්ට කීපයක් තබා හිස පහතට වැටෙනසේ තබමින් රෝගියාගේ පිටට තට්ටු කළ යුතුයග දකුණු පෙණහැල්ලේ මැද ඛන්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියාගේ දකුණු අත පැත්ත ඉහළට දිස්වෙන ලෙස පැත්තට හරවා බඩ යටින් කොට්ටයක් තබා පපුවේ මැද කොටසට සහ පිටේ මැද කොටසට තට්ටු කරමින් සෙම ඉවත් කර ගත හැකග එමෙන්ම දකුණු හෝ වම් පෙණහලූවල ඉහළ ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා උඩුබැලි අතට තබා පපුවට තට්ටු කරමින් කැස්ස ඇති කරවීමෙන් රෝගියාගේ සෙම ඉවත් කර ගත හැකග
මේ සඳහා ඇති භෞත චිකිත්සක ප්‍රතිකාර මොනවාදරෑ
මෙම ප්‍රතිකාරවලට පෙර සමහර රෝගීන්ට ජල වාෂ්ප ආඝ්‍රාණය හෝ නිබියුලයිසර් ප්‍රතිකාරයද කරනු ලබයිග මෙය වෛද්‍ය නිර්දේශ අනුව සිදු කරයිග භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස මෙම රෝග සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාමද වැදගත් වේග අවධාරණය කළ යුතු වැදගත්කම කාරණාව වන්නේ අද අප රටේ බහුලව දක්නට ලැබෙන ඇදුම රෝග තත්ත්වයද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම ම`ගින් පාලනය කරගත හැකි වීමයිග ඔවුන් සඳහා සුදුසු ව්‍යායාමයක් නම් ගැඹුරට හුස්ම ගෙන එය හැකි තරම් දරා සිට මුඛයෙන් එක්වර පිඹ හුස්ම පිට කිරීමයිග මෙහිදී ශ්වසන මාර්ගය පළල් වේග ඇදුම රෝගීන්ගේ ශ්වසන පේශිවල දරදඬු භාවය නිසා ඒවා සිහින් වී ඇතග ශ්වසන පේශි සංකෝචනය ම`ගින් අපේ හුස්ම ගැනීම සිදුවන අතර ශ්වසන පේශි ඉහිල් වීම ම`ගින් ප්‍රශ්වාසය සිදු වේග ශ්වසන මාර්ගය සෑදී ඇති බ්‍රොන්කියල් පේශියේ දරදඬු භාවය බ්රොන්කොස්පැස්ම් ථඊරදබජයදිච්ිපෆ ලෙස හැඳින්වේග මෙම රෝගීන්ගේ ශ්වසන බ්‍රොන්කියල් පේශිය හරියාකාරව
ඉහිල් නොවන නිසා ප්‍රශ්වාසය නිවැරදිව සිදු නොවේග ඒ නිසා ආශ්වාස කිරීම තුළින් ඇතුළට ගන්නා වාතය ප්‍රශ්වාසය මගින් සියල්ල පිට කිරීමට රෝගියා අපොහොසත් වේග එවිට පෙණහලූ තුළ රැඳෙන වාතය වැඩි වේග මේ තුළ කාබන්ඩයොක්සයිඩ් බහුල වේග
පෙණහලූවලින් සිදුකෙරන කාර්යය කුමක්දරෑ
අපේ පෙණහලූවල කාර්යය වන්නේ වායුගෝලයේ තිබෙන වාතයේ අඩංගු ඔක්සිජන් රුධිරයට ලබාදීමයිග මෙම කාර්යයට බාධාවක් වන්නේ පෙර කී අපිරිසුදු වාතය වැඩියෙන් එකතු වීමයිග එවිට රුධිරයේ ඔක්සිජන් අඩු වී කාබන්ඩයොක්සයිඞ් ඉහළ යයිග එවිට මොළයේ තිබෙන ශ්වසන මධ්‍යස්ථානය මගින් අඩු ඔක්සිජන් ලබාගැනීම පිණිස ශ්වසන වේගය වැඩි කරයිග මේ තත්ත්වයේදී විශේෂිත හුස්ම ගැනීමේ ව්‍යායාම ක්‍රම මගින් වැඩි අපිරිසුදු වාතය ඉවත් කළ හැකග එනම් එක් උදාහරණයක් නම් රෝගියාගේ පපුව දෙපසට අත්ල තබා රෝගියා හුස්ම පිට කරන විට අත්ල ගස්සවමින් පෙණහලූ තෙරපිය යුතුයග එවිට වැඩි අපිරිසිදු වාතය පිට වී පිරිසිදු වාතය පැමිණේග එවිට නැවතත් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ ගොස් ශ්වසන වේගය සාමාන්‍ය අතට පත් වේග හුස්ම පිට කරන වේගය මනින උපකරණ උපයෝගි කරගෙන දළ මිනුමක් ලබාගෙන හුස්ම ගැනීමේ ව්‍යායාමද වෙනස් කරමින් කළ යුතුව ඇතග පෙණහලූවල ඇති එක් එක් ඛණ්ඩිකා පිම්බෙන අයුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කිරීමද භෞතචිකිත්සකවරු අතින් සිදු වේග සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීම කළ යුතුව ඇති අතරල සමහර රෝග සඳහා කෙටි හුස්ම ගැනීම කළ යුතුයග හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාමද ඇතග තවද ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව් කීපයක්ද භෞතචිකිත්සාවේ උගන්වනු ලැබේග උදාහරණ ලෙස ඇදුම ඇති අවස්ථාවලදී පුටුවක වාඩි වී උකුළ මත කොට්ට කීපයක් තබාගෙන ඉදිරියට නැමී හිස පහත් කරගෙන සිටීම වැනි ඉරියව් පෙන්වා දිය හැකග මෙම ඉරියව්වේදී බ්රොන්යල් පේශිවල දරදඬු භාවය අඩු මෙම භෞතචිකිත්සක ප්‍රතිකාර ආහාර ගැනීමට පෙර කළ යුතුයග නැතහොත් වමනය ඇති විය හැකග උදේ කෑමටල දවල් කෑමට සහ රෑ කෑමට ප්‍රථම දිනකට 3 වරක් මෙය කළ යුතුයග තවද සෙම ඉවත් කිරීමට කැස්ස ඇති කළ යුතුයග
කුඩා දරුවන්ටත් මේ සඳහා ප්‍රතිකාර තිබේදරෑ
කුඩා දරුවන්ට කැස්ස උත්තේජනය කරන ක්‍රමද ඇතග සුදුසුකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි ගෙලෙහි ඇති ට්රැකියල් නොච් තෙරපීමෙන් කැස්ස ඇති කළ හැකග තවද දෙමාපියන්ට දිය යුතු අවවාදයක් නම් දරුවාගේ කැස්ස ඇති වූවාට කලබල නොවිය යුතුය යන්නයග එය ශරීරයේ ඇති මහඟු ප්රතිකි්රයාවකිග එය වැකුම් ක්රමයකිග එම`ගින් සෙම පෙණහලූවලින් ඉවතට අදීග ශ්වසන මාර්ගයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතු`ඵ වන විටදීත් කැස්ස ඇති වී එය ඉවත් කරයිග සමහර අවස්ථාවලදී සෙම නැතිවත් කැස්ස ඇති වන අවස්ථා ඇතග උදාහරණ ලෙස ශ්වසන මාර්ගය හැකිළීමේදී කැස්ස උත්තේජනය වේග මෙය වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන නිසි ඖෂධ ලබා දේග සාමාන්‍යයෙන් ඔබ වෛද්‍යවරයෙක් ළඟට යන විට කැස්ස ඇති වන ස්වභාවයල එය මතුවන වේලාව ආදි දේ පැවසීම තුළින් වෛද්‍යවරුන්ට එය විනිශ්චය කිරීම පහසුයග උදාහරණයක් ලෙස පාන්දර 2න් පසු කැස්ස ඇති වන්නේ බොහෝ විට ශ්වසන මාර්ගය දරදඬු වී ඇති වන හතිය තත්ත්වය නිසායග එය උදෑසන 8-9 වන විට අඩු වේග සමහර විට ආහාර ගන්නා විට කැස්ස ඇති වේග සමහර අයට නිදාගන්න ඉරියව්වේදී කැස්ස ඇති වේල මේ ආකාරයට විවිධ රෝග තත්ත්ව වලට කැස්ස එන ක්‍රමද විවිධයග එබැවින් හරියට ඒ දෙස විමසිලිමත් වී වෛද්‍යවරුන්ට පවසන්නග තවද රෝගින් වැඩි අවධානය යොමු කරගැනීමට කැස්ස උදෙන් එනවාල දවලූත් එනවා නිතරම එනවා ලෙස පවසයිග එවිට එය විනිශ්චය කිරීමට අපහසු වී රෝග නිදන්ගත තත්ත්වයට පත් වේග අනෙක් කාරණාව නම් බොහෝ දෙමාපියන් සිතන්නේ කුඩා දරුවන් සෙම කටින් පිට නොකිරීම නිසා මෙම රෝග තත්ත්වය අඩු නොවන බවයග දරුවා කැස්සත් සමඟ සෙම ගිල දමයිග ඒවා ආමාශයට ගොස් මල සමඟ පිට වේග සෙම ජීර්ණය නොවන නිසා සමහර විට මල බුරුල් වී කිහිපවරක්ම යා හැකියග දරුවා සෙම ස්රාවයන් ගිලින නිසා ආමාශය එම ස්රාවයන්ගෙන් පිරී යයිග එම නිසා දරුවාගේ කෑම රුචිය අඩු වේග තවද කිරි බිව් පසු වමනයද ඇති විය හැකග
දරුවන්ට ඇතිවන සංකූලතා මොනවාදරෑ
කුඩා දරුවන්ගේ නාස් කුහරද ස්රාවයන්ගෙන් පිරී යයිග එවිට දරුවා හුස්ම ගැනීමට මුඛය භාවිත කරන අතර කිරි උරා බීම ප්‍රතික්ෂේප කරයිග මෙවැනි තත්ත්ව වලදී සක්ෂන් උපකරණයක් ම`ගින් සෙම ස්රාවයන් පිටතට ගැනීම සුදුසුයග එවිට දරුවාගේ අපහසුතා දුරු වී යයිග තවත් වැදගත් කරුණක් වන්නේ නියුමෝනියා වැනි රෝග තත්ත්වවලදී පෙණහලූවල ඇති වන සෙම පැල්ලම් ඉතුරු නොවී ඉවත් කළ යුතු වීමයිග නැතහොත් අප හුස්ම ගන්නා වාතය සමඟ එන ක්ෂුද්‍ර ජීවින් එම සෙම පැල්ලම් තුළ නැවත ව්‍යාප්ත වී අපව යළිත් ලෙඩ කරවයිග හරියට බිමට කෑම කොටසක් වැටී ඇති විට කුහුඹුවන් එය වට කරගන්නා සේ අප ගන්නා වාතයේ පාවී එන ක්ෂුද්‍ර ජීවින් එම සෙම පැල්ලම වටා රොක්වී එයින් පෝෂණය ගෙන එම ක්ෂුද්‍ර ජීවින්ගේ ගහනය වැඩි වී අපට පාලනය කර ගත නොහැකිව නැවත ආසාදනයක් පටන් ගනීග සතුරන්ට ආයුධ දෙන්නාක් සේ එම සෙමවලින් ක්ෂුද්‍ර ජීවින්ට ආහාර ලැබේග එබැවින් එම සෙම පැල්ලම ඉවත් වන තුරු ගෙදරදී එම භෞතචිකිත්සක ව්‍යායාම දිනකට 3 වරක් බැගින් දින 7ක් පමණ කළ යුතුයග
පෙණහලූ වටා ඇති ප්ලූරල් අවකාශය තුළ සමහර අවස්ථාවල සැරව ඇති වේග එය ප්ලූරල් එෆියුෂන් ලෙස හැඳින්වේග එවිට ශල්‍ය වෛද්‍යවරු අන්තර් පර්ශුක බට දමා එම සැරව පිටතට ගනීග එම කි‍්‍රයාවලියේදී එය පහසුවෙන් ඉවත් කිරීමට භෞතචිකිත්සාවේදී කරන ව්‍යායාම වැදගත් වේග
curtesy :
http://www.lankadeepa.lk