Beauty
ස්වභාවිකව පැහැපත් සමක් ඇතිකර ගන්නේ කෙසේද?
පැහැපත් සමක් උරුම කර ගැනීම ගොඩක් ආසියාතික ගැහැණු ළමයින්ගේ හීනයක්. මේ නිසා බොහෝ රසායනික නිෂ්පාදන වෙළඳපොළට පැමිණ තිබෙනවා. ඒවායින් සමහරක් ඔබේ සෞකයට අහිතකරයි. නමුත් ක්‍රීම් වර්ග විතරක් නෙවෙයි වෙනත් හානිදායක ඉන්ජෙක්ෂන් පවා ඕනෙම ගානක් දීල භාවිතා කරන්න ගොඩක් අය උත්සහ කරනවා. ඔබේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය තීරණය කළා ඔබට ස්වභාවිකව පැහැපත් වීමට මග කියා දීමට.
උපතින් ඔබ ලද සමේ පැහැපත් බව ආරක්ෂා කිරීමට නම් හොඳ පුරුදු කීපයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ මොනවද බලමු.
fb- like-beg
1) ඉර එලිය තමයි ඔබේ හමේ හතුරා
ඔබේ සම දුර්වර්ණ කිරීමේ ප්‍රධානම නියෝජිතයා තමයි ඉර එලිය කියන්නේ. විශේෂයෙන්ම අවුරුද්දේ මාස 12ම තද හිරු එළියක් වැටෙන ඝර්ම කලාපීය රටක ජීවත්වෙන අපිට මේ ප්රශ්නය තදින්ම බලපානවා. හිර එළියේ තිබෙන පාර ජම්බුල කිරණ හෙවත් ultraviolet rays තමයි ඔබේ සම අව පැහැ ගන්වන්නේ. එම නිසා ඔබ සමේ වර්ණය ගැන සැලකිලිමත් වෙනවා නම් පුරුද්දක් ලෙසම ඉර එලිය මගහරින්න ඕනේ.
ඉර එළියේ යන විට SPF අගය 30 දරන sunblock හෙවත් හිරු ආවරණ ක්‍රීම් වර්ගයක් අලේප නොකර ඉර එලියට යන්න එපා. ස්ප්ෆ් අගය 15 තව දුරටත් ඔබේ සම ආරක්ෂා කරන්නට සමත් නැහැ. එම නිසා නිසි අගයෙන් යුතු හොඳම ප්‍රමිතියේ sunblock එකක් භාවිතා කිරීම හැම විටම අවශ්‍යයි.
ඒ වගේම මූණ වැහෙන තොප්පියක් ඔබේ විලාසිතා වලට එකතු කර ගැනීමත් වැදගත්. අපේ වගේ හිරු එලිය වැඩි රටක අනිවාර්යයෙන්ම තොප්පියක් පැළඳීම කළ යුතුයි. ලස්සන තොප්පි ඕනා තරම් වෙළඳ පොලේ තිබෙනවා.
2) සතියට දෙවතාවක් මැරුණ සම ඉවත් කිරීම
ඔබට ගෙදරදීම කරන්න පුළුවන් දේ තමයි ඔබේ සාමාන්‍ය පිරිසිදු කරන වෙලාවටම සම හොඳින් ක්ලේන්සර් කිරීම. සීනි ස්වල්පයක් ඔබේ ෆේස් වොශ් එකට මිශ්‍ර කරන්න. සීනි ප්‍රමාණයෙන් කුඩා විය යුතුයි. ලොකු කැට මුහුණට සුදුසු නැහැ. එයින් මුහුණේ මෘදු සම සීරෙන්න බලනවා. ඉන් පසු රවුමට උඩු අතට හොඳින් සීනි සහ ෆේෂ් වොෂ් ආලේපය ගාමින් මදක් සම්බාහනය කරන්න. පිරිසිදු වතුරෙන් විනාඩි තුනකට පස්සේ මුහුණ සෝදලා ටෝනර් එකක් අලේප කරන්න.
ඉන් පසු හොඳ ස්වභාවික පැක් එකක් දාන්නත් පුලුවන්.
මුහුණේ මැරුණ සම ඉවත් කිරීමට නොයෙක් වර්ගයේ උපකරණ සැලුන් වල නම් තිබෙනවා. Diamond Microdermabrasion කියන්නේ එවැනි හානියෙන් තොර හොඳ ක්‍රමයක්. නමුත් මෙවැනි ක්‍රම ඉතාම මිල අධිකයි.
3) සම පැහැපත් කරන ස්වභාවික සත්කාර
එවැනි සත්කාර කීපයක් ඔබට හඳුන්වලා දෙන්න අපි තීරණය කළා. අවට පරිසරයෙන් වියදමක් නැතුව කරන්න පුළුවන් මේ සත්කාර සෞක්‍ය ආරක්ෂිතයි. අහිතකර ප්‍රතිපල නැහැ.
ලෙමන් වතුරෙන් සේදීම
ලෙමන් යුෂ කියන්නේ හොඳම පැහැපත් කාරකයක්. මොකද එහි තිබෙන alpha-hydroxy acids (AHA) කියන සංඝටකය කියන්නේ මැරුණ සම ඉවත් කිරීමට නියම සත්කාරයක්. ලෙමන් සත්කාරයෙන් සෑහෙන්න පැහැපත් සමක් උරුම කරගන්න ඔබට පුලුවන්.
පළමුව ලෙමන් පලුවක් කෝප්පයකට මිරිකන්න. එයට සමාන ප්‍රමාණයක් පිරිසිඳු වතුර එක කරන්න. තනිකර ලෙමන් යුෂ භාවිතා කරන්න එපා. එය ඔබේ සම අසීරු තාවයට පත් කරාවි.
ඉන් පසු පුළුන් කැබැල්ලක් ගෙන මේ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ඔබ සතුටු නම් මුළු ශරීරයේම හොඳින් තවරන්න. විනාඩි 20 ක් පමණ වේලෙන්න තියන්න, ඉන් පසු මැද උණු ජලයෙන් සෝදා හරින්න.
ලෙමන් වතුර ඔබේ සම සංවේදී බවට පත් කරන නිසා මේ සත්කාරය කරලා අවුවේ යන්න එපා. ඒ වගේම ලෙමන් යුසහ මගින් සම වියලි බවට පමුනවන්න පුලුවන්. සත්කාරය ඉවර වුන පසු සමේ තෙතමනය රකින moisturizer ක්‍රීම් එකක් අලේප කරන්න.
මේ සත්කාරය සතියට තුන් වතාවට වඩා කරන්න එපා.
කෝමාරිකා සත්කාරය
අපේ රටේ පහසුවෙන්ම හැදෙන මේ දිවය ඖශධය තුල සමේ සුන්දරත්වය රකින වටිනා සංඝටක රාශියක් අඩංගුයි. මේ මගින් ඉර එලියට පිළිස්සුන සම ඉතා වේගෙන් නැවත යථා තත්වයට පත් කරනවා. ඒ වගේම සමේ ඉහළ ස්ථරය ඉවත් කිරීමටත් සමත්.
කෝමාරිකා සෑම රූපලාවන්‍ය නිෂ්පාදනයකම පාහේ අඩංගු බව කියවුණත් ඔබ ස්වභාවිය කොමරිකාම යොදා ගන්න. කොලයක් අරගෙන රියළුම මාංශය සූරා පොඩිකර සම මත අලේප කරන්න. වෙලිගෙන එද්දී පොඩි කසන ගතියක් ඇති වේවි. නමුත් විනාඩි 20 ක් පමණ තබා හොදා දමන්න පුළුවන්. වෙලාව වැඩි වෙන තරමට ඔබේ සමට හොඳයි. රැයක් එලි වෙන තුරු තිබ්බත් වඩා හොඳයි. එමගින් සමේ තෙතමනය, දීප්තිය වැඩි කරනවා.
ඔබේ සම උපතින් ගෙනෙන පැහැය කියන්නේ ඔබට ඉතාම ගැලපෙන පැහැයයි. එය අවලස්සන වෙන්නේ පාටින් නෙවෙයි. ඔබ එයට සත්කාර නොකර හිටියොත් එහි ඇති නීරෝගී බව දුරු වෙනවා. ඉර අවුවට පිළිස්සුන සමක් ඕනෙම කෙනෙක්ට අවලස්සනක් එක් කරනවා. එම නිසා හිර අවුවට පිළිස්සීම වලක්වලා , මැරුණ සම හොඳින් අයින් කරගෙන , සැමට අවශ්‍ය පෝෂණය ලබා දීමෙන් පැහැපත් බව ලඟා කර ගන්න පුළුවන්. ඒ වගේම වැදගත් දේ එක රැයෙන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැහැ. කැපී පෙනෙන වෙනසක් දකින්න නම් නොකඩවා මාස දෙකක් වත් මේ දේවල් පිළිපැදිය යුතුමයි.
goodhousekeeping.lk
(under the courtesy of goodhousekeeping.lk web)