Life
සම මත පැතිර යන අලුහම්
සම මත ඇතිවන අලුහම් අපට එතරම් නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඇතැම් දෙනා මෙය
රෝගයක් ලෙස සැලකුවද අතීතයේදී කාන්තාවෝ අලුහම් යනු සමට අලංකාරයක් ගෙන
දෙන්නක් ලෙස සැලකූහ. එනිසා ඔවුන් එය පෙතිගෝමර ලෙස පැවැසූහ.
වෛද්‍යතුමනි, සම මත අලුහම් ඇතිවීමට බලපාන හේතු මොනවාද?
අලුහම්
කියන්නේ දිලීර ආසාදනයකි. පිටිරෝස් ෙµdaරම් (චසඑහරදිදෙරමප) නමැති දිලීර
කාණ්ඩය මගින් අලුහම් හටගනී. මෙම දිලීරය සමට හිතකර ක්ෂුද්රජීවීන් ගණයට
(ඤපැබිaක) අයත් වර්ගයකි. එනිසා ඇතැම් අයට මෙම දිලීSරය නිසා අලුහම් ඇතිවුවත්
තවත් පිරිසකට එසේ ඇති නොවේ.
මෙම දිලීරය සම මත ආසාදනය වීමට බලපාන
හේතු ලෙස සම මතුපිට ඇති මේද ස්ථරයේ ඇතිවන වෙනස්කම්, සම මත නිතර දහදිය
එකතුවීම සමේ තෙත් බව ආදිය දැක්විය හැකියි.
වෛද්‍යතුමනි, මෙම අලුහම් වෙනත් සමේ රෝගවලින් වෙන්කර හඳුනාගන්නේ කෙසේද?
අලුහම් සම මත හට ගන්නාවිට එය රවුම් ලෙස දක්නට ලැබෙනවා. ඇතැම් විට මෙය රෝම කූපයක් වටා පැතිර තිබෙනවා.
මෙලෙස හට ගන්නා අනිසි රවුම් එකතුවී සුදු පැහැති ලපයක් ලෙස පැතිර යනවා.
ඇතැම්විට මෙම අලුහම් සමේ පැහැයට වඩා තද පැහැයක් ගන්නවා. තවත් අලුහම්, දුඹුරු, කළු ආදී පැහැයන්ගෙන් පැතිරෙනවා.
මෙම
අලුහම්, බොහෝවිට දක්නට ලැබෙන්නේ කිහිල්ල, බෙල්ල, පපුව, පිට ප්‍රදේශය
ආශ්‍රිතවයි. නමුත් සමේ ඕනෑම ස්ථානයක අලුහම් පැතිර යා හැකියි. තරබාරු අයට
අලුහම් ඇතිවීම ඇති ඉඩකඩ අන් අයට වඩා වැඩියි.
අලුහම් මගින් අධික ලෙස කැසීමක් හටගන්නේ නැහැ. දහදිය දැමූවිට කැසීමක් හට ගන්නව.
ඇතැම් අයගේ අලුහම් සම මත ඉලිප්පී පවතිනවා. වියළි සමක් සහිත අයගේ සම මත අලුහම් මතුවූ විට පොතු සහිත ස්වභාවයක් දක්නට ලැබෙනවා.
ස්නානය කළ පසු සහ දහදිය දැමූවිට අලුහම් සම මතුපිට ඉලිප්පී පවතිනවා.
මෙය
ඕනෑම වයස් මට්ටමක පුද්ගලයකුට මතුවිය හැකියි. ඉතා කුඩා දරුවන්ගේ අලුහම්
ඇතිවීම බොහෝවිට දක්නට ලැබෙන්නේ ඇස ප්‍රදේශය ආශ්‍රිතවය. ඊට හේතුවන්නේ
ඔවුන්ගේ ඇසින් නිතර කඳුළු ගැලීමය.
වෛද්‍යතුමනි අලුහම් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
අලුහම්
යනු දිලීර ආසාදනයක් නිසා ප්‍රතිකාර ලෙස ප්‍රති දිලීර ඖෂධ ලබා දෙනවා.
ඇතැම් දෙනා අලුහම් සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. නමුත් මෙය දිලීර
ආසාදනයක් නිසා ශරීරය පුරා පැතිර යනවා නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර
ලබාගත යුතුයි.
සම මත කුඩා ප්‍රදේශයක අලුහම් පැතිර ඇත්නම් ඒවා මතුපිට
ගල්වන ඖෂධ මගින් මතුව ඇති අලුහම් සුවපත්කර ගත හැකියි. එම ආලේප උදේ හවස
බැගින් මාසයක් පමණ ආලේප කළ යුතුයි.
එහිදී අලුහම් ඇතිවීමට බලපෑ දිලීරය ඉක්මනින් ඉවත්වුවත් ඉන් හටගත් සමේ ලප මැකී යැමට මාසයක් දෙකක් පමණ ගතවේ.
අලුහම් සමෙහි වැඩි ප්‍රදේශයක පැතිර ඇත්නම් දියරමය ඖෂධ ආලේපයද ලබාදෙනවා. එම ආලේප ස්නානය පැය භාගයකට පමණ පෙර ආලේප කළ යුතුයි.
අලුහම්
සිරුර පුරා පැතිර ගොස් ඇත්නම් එය පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට බාධාවක් වන
අයුරින් පවතීනම් මුඛ මාර්ගයෙන් ගනු ලබන ඖෂධ වර්ග ලබාදී එම පැතිර යැම
වළක්වා මතුව ඇති අලුහම් සුවපත් කළ හැකියි.
අලුහම් ඇතිකරන දිලීර වර්ගය සමෙන් ඉවත්කරන ඖෂධීය සබන් වර්ගද වෙළෙඳ පොළේ තිබෙනවා. ඒවා වෛද්‍ය උපදෙස් මත ඇඟ ගැල්වීම කළ යුතුයි.
අලුහම්
දිලීර ආසාදනයක් නිසා එය වරක් සුව වුවද යළිත් මතුවිය හැකියි. එනිසා සම මත
දහදිය රැඳීම වළක්වා ගැනීම, සම පිරිසිදුව තබා ගැනීම ආදී සනීපාරක්ෂක
කටයුතු නිසි ලෙස අනුගමනය කිරීම වැදගත්ය.
අලුහම් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවීමේ හැකියාව තිබෙනවා.
අලුහම් සම මත පැතිර යැම පුද්ගලයන්ගේ සමෙහි පිහිටීම සහ දිලීර වර්ගය අනුව සිදුවනවා.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks