Beauty
සම දුර්වර්ණ බව නැති කරන සුවිශේෂි ප්‍රතිකර්ම
සම දුර්වර්ණ වන්නේ ඇයිද යන්න සහ එයට මුල්වන හේතූන් මොනවාද යන්න අප මේ යටතේ මුලින්ම කතාබහ කළ කරුණු වලින් ඔබට පැහැදිලි වන්නට ඇති.සැබැවින්ම සමෙහි දුර්වර්ණ ලප කැළැල් ඇතිවීම සමෙහි පැහැපත් බවට හිතකර දෙයක් නොවෙයි. මෙම තත්ත්වයන් මගහරවා ගත හැකි ප්‍රතිකර්ම තිබෙනවාද? එය සිදු කරන්නේ මොන ආකාරයෙන්ද? එයයි මෙවර රුව තුළින් විමසා බැලෙන්නෙ. සමෙහි දුර්වර්ණවත් බව මකාලන්නට හැකි ප්‍රතිකර්ම වශයෙන් ආලේප කළ හැකි යම් යම් දේ පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වනවා. නමුත් බොහෝ දෙනකු මැසිවිලි නගන්නේ මේවා භාවිතා කළත් ඉන් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවූ බවයි.
එසේ වීමට එක් හේතුවක් නම් එම ප්‍රතිකර්ම නිසි ලෙස නොකඩවා අනුගමනය නොකිරීමයි. අනෙක් කරුණ නම් දුර්වර්ණ ලප කැළැල් ඇතිවීමට මුල් වු හේතුව නොදැන ප්‍රතිකර්ම අනුගමනය කිරීමට යාමයි.සමහර විට ඔබ මේ සඳහා යම් යම් ආලේප ගැල්වූවත් එයට මුල් වූ හේතුවට අවශ්‍ය වන නිසි ප්‍රතිකාරය එය නොවිය හැකියි. මේ නිසා මෙවන් දෙයකට ප්‍රතිකර්ම ලබා ගැන්මේදී ඒ සඳහා වන නිසි ප්‍රතිකර්ම සඳහා යොමුවීම වැදගත් කොට සැලකිය යුතුයි.මෙහිදී වෛද්‍යවරයකු වෙතින් හෝ රූපලාවන්‍ය උපදේශක වරයකුගේ උපදෙස් පිළිපැදීම සහ ඒ අනුව කටයුතු කිරීමයි වඩාත් ම වැදගත් සහ සාර්ථකම පියවර. මේ සඳහා රූපලාවන්‍ය ආයතන වල සිදු කෙරෙන ප්‍රතිකර්ම මොනවාද යන්න දැන් විමසා බලමු.
මේ සඳහා ප්‍රතිකාර සිදු කෙරෙන ක්‍රම කීපයක් තිබෙයි. ප්‍රතිකර්ම කිරීමට පෙර සම දුර්වර්ණ වීටම හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුයි.පිග්මන්ටේෂන්, සම අව්වට පිළිස්සීම, දිලීර ආසාදන හෝ සමෙහි මැරුණු සෛල ගොඩගැසීම හා අළුහම් වැනි තත්ත්වයන් නිසාද සම දුර්වර්ණ විය හැකියි. මෙලනින් පිග්මන්ටේෂන් එකකදී නම් ලේසර් ප්රතිකර්මය අනුගමනය කෙරෙන අතර අව්වට පිළිස්සී තිබීම වැනි තත්ත්වයක් නම් කැරොටින් ප්‍රතිකාරය භාවිතා කෙරෙයි. ඒ සමගම සමට පැහැපත් බව ගෙන දෙන ගෝල්ඩ් ටී්රට්මන් එකද සිදු කෙරෙයි.සම දුර්වර්ණ වීමත් සමඟම සම රළු වී තිබෙන විට ඒ සඳහා ලේසර් ප්‍රතිකාරය, මැෂින් ෆීලින් ප්රතිකර්මය භාවිතා කරන අතර මේ සඳහා කෙරෙන තවත් ප්‍රතිකර්ම වශයෙන් එන්සයිම ෆීලින්, මැෂින් ෆීලින්, කෙමිකල් ෆීලින් සහ ලේසර් ෆීලින් සඳහන් කළ හැකියි. එම ප්‍රතිකර්ම මගින් සම රළුවීම සහ දුර්වර්ණ බව මඟ හරවා ලීම සිදු කෙරෙයි.කැරොටින් ප්‍රතිකාරයද මෙහිදී සිදු කෙරෙන තවත් ප්‍රතිකාරයක්. කැරොටින් යනු සමේ තිබෙන කහපාට වර්ණයක්. මෙය බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ලබාදීම කැරොටින් ප්‍රතිකාරයයි. මේ සඳහා භාවිතා කළ හැකි පෙති තිබෙනවා. ඒ සමගම හොට් කැරොටින් නම් ප්‍රතිකාරයක්ද අනුගමනය කෙරෙනවා. මෙවන් ප්රතිකර්මයන් කෙරෙන අතරතුරදී කැරොටින් ෆේෂල් ටී්රට්මන්ට් එකක් කෙරෙන අතර එය යොදනු ලබන්නේ මුහුණ සහ බෙල්ල ආශී‍්‍රත සම පැහැපත් කරන්නටයි.අප මෙතෙක් කතා කළේ මුහුණට සිදු කෙරෙන ප්රතිකර්මයි. ඒ හැරෙන්නට දක්නට ලැබෙන තවත් බහුල තත්ත්වයක් නම් අත්, පා දුර්වර්ණ වීමයි. මෙවන් අවස්ථාවකදී බොහෝ විට සිදු කෙරෙන්නේ ලේසර් ප්‍රතිකාරයයි.
සමෙහි වන කළු පැහැයට හුරු සියුම් රෝම නිසා දුර්වර්ණවත් බවක් ගෙනදී තිබෙනවනම් එම තත්ත්වයට බ්ලීචින් ප්රතිකර්මය යොදා ගැනෙයි. නමුත් එය මේ සඳහා ස්ථීර ප්‍රතිකර්මයක් නොවේ. මෙමගින් සිදු කෙරෙන්නේ එම රෝම සමේ පැහැයට හරවා එහි දුර්වර්ණ ස්වභාවය මඟහරවා ලීමයි. සිරුරෙහි රෝම අධිකව තිබෙන කෙනකුට මෙම ක්‍රමය යොදා ගැන්ම සුදුසු වන නමුත් මාස 3 කට වරක් හෝ මසකට වරක් එය නැවතත් කරවා ගත යුතුයි.
irahada.com
(under the courtesy of goodhousekeeping.lk web)