Life
සමේ සුන්දරත්වයට හොඳම සත්කාරය විටිමින් සහ ඛනිජ
විටමින් ඒ උෟනතාවසම වියළි වීම, සම රළු වීම, පොතු ගැලවීම, අත් හා කකුලේ සම ගනවීම, සමේ (විශේෂයෙන් වැලමිට සහ කළවා ප්රදේශයන්ගේ) තැනින් තැන ගනකම් බිබිළි වශයෙන් සම ගනවීම මෙහිදී දැකිය හැකියි. එසේම සමේ ඇති තුවාල සුව වීමටද, සමේ වයසට යෑමේදී ඇතිවන වෙනස්කම් පාලනයටද මෙම විටමිනය උදවු වෙයි.
විටමින් ඒ උෟනතාව
සම වියළි වීම, සම රළු වීම, පොතු ගැලවීම, අත් හා කකුලේ සම ගනවීම, සමේ (විශේෂයෙන් වැලමිට සහ කළවා ප්රදේශයන්ගේ) තැනින් තැන ගනකම් බිබිළි වශයෙන් සම ගනවීම මෙහිදී දැකිය හැකියි. එසේම සමේ ඇති තුවාල සුව වීමටද, සමේ වයසට යෑමේදී ඇතිවන වෙනස්කම් පාලනයටද මෙම විටමිනය උදවු වෙයි.
විටමින් ඕ උෟනතාව
විටමින් ඕ වර්ග රාශියක් ඇත. එම විටමින් උෟන වීමේදී සම රතු වීම, පොතු ගැලවීම සහ කැසීම, සමේ තැනින් තැන දුඹුරු පැහැ පැල්ලම් ඇතිවීම සිදුවිය හැකියි. එසේම කොණ්ඩය අකලට හැලීම විටමින් බී උෟනතාව නිසා සිදුවිය හැකියි. මෙම විටමින් මඟින් සමට දීප්තිමත් බවක් ලබාදෙයි. එම නිසා විටමින් ඕ උෟනතාවන්හිදී සම අප්‍රාණික ස්වභාවයක් ගනී.
විටමින් ඛ් උෟනතාව
සම වියළීම හා හිස කෙස් වියළීම විටමින් ඛ් උෟනතාවන්හිදී ඇතිවෙයි. මෙම විටමිනය සමට එදිනෙදා වැඩකටයුතුවලදී ඇතිවන හානි නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට උදවු කරයි.
විටමින් ඡ්
පරිසරයේ අපද්‍රව්‍ය මඟින්, දුම්පානය මඟින් හා හිරු එළිය මඟින් සමට ඇතිවන හානි නැවැත යථා තත්ත්වයට පත්කර ගැනීමට විටමින් ඡ් උපකාරී වෙයි.
විටමින් ඒ, ඛ් සහ ඡ් වැනි විටමින් වර්ග සමට හිතකර ලෙස ක්‍රියා කර ර්ණීයඪඤචදබ මඟින් සමට ඇති කරන හානිය අවම කරයි. මෙම විටමින් අඩංගු පෙති හා කරල් වර්ග ඉතා අධික ලෙස පැවැතියද ඉතාම පරිස්සම් සහගත දෙය වන්නේ ගන්නා ආහාරයට එම ද්‍රව්‍ය එකතු කර ගැනීමයි. උදාහරණයක් ලෙස සෑම පලතුරකම වාගේ චදබඪ-ධයඪඤචදබ ඇති අතර ස්ට්‍රෝබරි වැනි පලතුරුවල එම සංඝටකය ඉතා වැඩිය. නමුත් අප රටේ එම පලතුරු සොයා ගැනීම අපහසු බැවින් අනෙක් පලතුරු වර්ග ආහාරයට ගැනීම සුදුසුය. එසේම ආහාරය විවිධ වර්ණවලින් යුක්ත නම් එහි විවිධ වර්ගවල විටමින් අඩංගු බව කිව හැකියි.
උදාහරණ
විටමින් ඒ අඩංගු ආහාර
කොළ පැහැති එළවළු, කැරට්, වට්ටක්කා, කිරි, මස්, බතල, සලාද, පීකුදු ආදිය
විටමින් ඕ අඩංගු ආහාර
බිත්තර කහ මදය, යෝගට්, කැරට්, තක්කාලි සහ අනෙකුත් එළවළු වර්ග
විටමින් ඛ් අඩංගු ආහාර
බොහෝ පලතුරු වර්ගවල මෙම විටමිනය තිබේ. (ෙදාඩම්, අන්නාසි, පැපොල්, කොමඩු, ජමනාරං). ඒ හැරුණු විට තක්කාලි, පිපිඤ්ඤා සහ ගෝවා මල් වැනි එළවළුවලද මෙය ඇත.
විටමින් ඡ් අඩංගු ආහාර
කොළ පැහැති එළවළු, සූර්යකාන්ත තෙල්, රටකජු, ගස් ලබු, ආමන්ඩ්, අලිගැටපේර වැනි ආහාර
පැහැදිලිවම විටමින් උෟනතාවන්ගෙන් පෙළෙන අය සඳහා විටමින් අඩංගු කරල් හා පෙති නිර්දේශ කෙරේ. අනෙක් නිරෝගී පුද්ගලයන් විටමින් ඡ් වැනි චදබඪ-ධයඪඤචදබ බහුල ආහාර ආහාරයට එක්කර ගැනීමෙන් නිරෝගී සමක් ලබාගත හැකිය.
සමේ නිරෝගී බවට යකඩ, සින්ක්, කොපර්, කැල්සියම, මැග්නීසියම්, කේරා්මියම්, අයඩින් ආදී ඛනිජ ලවණ වැදගත් වෙයි. සමේ ඇතැම් දුර්වලතා ඇතිවන්නේ මෙවැනි පෝෂ්‍ය පදාර්ථ හීනවීමෙනි.
යකඩ
ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයක් වන අතර ශරීරයේ යඩක උෟනතාවන්හිදී සම වියළීම, කැසීම, නියපොතුවල අක්‍රමිකතා, අකලට හිස කෙස් හැලීම ආදිය ඇතිවෙයි.
යකඩ අඩංගු ආහාර
කොළ පැහැති පලා වර්ග, මස්, මාළු, තක්කාලි, ගී්රන් පීස්, බෝංචි (කොළ පැහැති), ගෝවා වර්ග ආදියයි. තේ, කෝපි වැනි පානයන් යකඩ අවශෝෂණය අවම කරන අතර ප්‍රධාන ආහාර සමඟ තේ, කෝපි පානය සුදුසු නැත.
සින්ක් (ඛද)
මෙම ඛනිජ ලවණය උෟනතා වූ විට කෙස් හැලීම, සමේ තැනින් තැන සම ගැලවීම සහ වියළීම, සමේ ඇති තුවාල සුවවීම ප්‍රමාද වීම සිදුවේ. එසේම මෙම ඛනිජ ලවණය කුරුලෑ ඇති අයට ගුණදායකය.
සින්ක් (ඛද) බහුල ආහාර
ධාන්‍ය වර්ග, කිරි, බිත්තර, සැමන්, කුකුළු මස්, චීස්, යෝගට්, කජු, කොකෝවා සහ පලා වර්ගවල සින්ක් බහුලව අඩංගු වෙයි.
කොපර් (ඛ්භ)
මෙම ඛනිජය මඟින් සමේ ඇති ජධතතචඨඥද සහ ඥතචඵබඪද යන සම්බන්ධක පටක නිෂ්පාදනයට උදවු කරයි. එම නිසා සම, වයසට යෑමේදී සිදුවන වෙනස්කම්වලට ඔරොත්තු දීමටද මෙය උදවු වෙයි. සමේ ඇති දුඹුරු වර්ණය (මෙලනින්) නිෂ්පාදනයටද ඛ්භ අත්‍යවශ්‍යය. එම නිසා මෙම ඛනිජ ලවණය උෟන වූ විට අකලට කෙස් ඉදීම හා හැලීම සිදුවෙයි.
කොපර් අඩංගු ආහාර
කජු, සූර්යකාන්ත ඇට, ආමන්ඩ්, බතල, අලිගැටපේර, පොල්, අඹ, මාළු, බිත්තර, හතු, සෝයාවල කොපර් අඩංගුය. බොහෝ කුළුබඩු වර්ගවලද මෙම ඛනිජය සුලබව අඩංගු වෙයි.
මැග්නීසියම් (ර්ඨ)
මෙම ඛනිජ ලවණය අනෙක් ඛනිජ ලවණයන්ගේ ක්‍රියාකාරීත්වයට උදවු වෙයි. මෙමඟින් හිස කෙස් වර්ධනය යථා පරිදි සිදුවීමට උදවු කරයි. එසේම සම වයසට යෑමේදී සිදුවන ක්‍රියාවලිය අඩු කරයි.
මැග්නීසියම් අඩංගු ආහාර
කොළ පැහැ එළවළු, පලා වර්ග, නිවිති, වට්ටක්කා, සූර්යකාන්ත ඇට, තල ඇට, පැණි කොමඩු ඇට, සූදුරු, බණ්ඩක්කා වැනි ආහාරවල මැග්නීසියම් අඩංගුය.
කැල්සියම් සහ අයඩින් සමේ ක්‍රියාකාරීත්වයට ඍජුවම දායක නොවූවද ශරීරයේ ඇතුළත අවයවවල ක්‍රියාකාරීත්වයට මෙම ඛනිජ අත්‍යවශ්‍යයි. ශරීරයේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වූ විට එමඟින් නිරායාසයෙන්ම සමේ දුර්වර්ණතා ඇති වෙයි. එම නිසා කැල්සියම් සහ අයඩින් අඩංගු ආහාර කෑම වේලකට නිතර එකතු කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.
සෙලනියම් - ඉඥතඥදඪභථ
මෙමඟින් සූර්යා ලෝකය නිසා සමට ඇති වූ හානි නැවැත යථා තත්ත්වයට පත් කරයි. එසේම සමේ ඇදෙනසුලු භාවය පවත්වා ගැනීමට අවශ්‍ය ඡ්තචඵබඪද නිෂ්පාදනයටද එය උදවු වෙයි. එසේම එය හිස කෙස් වර්ධනයටද උපකාරී වෙයි.
සෙලනියම් අඩංගු ආහාර
මාළු, බිත්තර, කෙසෙල්, වරකා, අඹ, පැපොල්, සියඹලා, රටඉඳි ආදියයි.
මේ ආකාරයට විටමින් සහ මිනරල් වර්ග ආහාරයට එක් කර ගැනීමෙන් සමේ රූපලාවණ්‍ය ගැටලු මෙන්ම සමේ රෝග තත්ත්වද වළක්වා ගැනීමට හැකියාව ලැබේ.
Wmqgd .ekSu u