Beauty
සමේ රැළි වැටීම ඉවත් කරන Steam Ultrasonic
රූපලාවණ්‍ය උපකරණ ගැන දැනුවත් වන්නට නවතම රූපලාවණ්‍ය උපකරණ හඳුනා ගන්නට
මෙන්ම එම උපකරණ දිනාගන්නට වැඩි දෙනෙක් දක්වන උනන්දුව කෙතරම්ද යන්න අපට
පැහැදිලියි. ඉතින් අද තවත් උපකරණයක් ගැන ඔබට කියන්නට අප සූදානම්.
මුහුණේ රැලි හෙවත් wrinckle
ඇතිවීම අද කාන්තාවන් වැඩි පිරිසකට ප්‍රශ්නයක් වෙලා. මෙය වියපත් බව හඟවන
ලක්ෂණයක් නිසා මෙම තත්ත්වයට පිළියම් සොයා යන කාන්තාවන් බොහොමයි. මුහුණේ
ඇතිවන මෙම රැලි ඉවත් කිරීමට භාවිතවන උපකරණයක් සහ එමඟින් සිදුකෙරෙන
ප්‍රතිකර්මයක් ගැන අපි විමසා බලමු.
මේ සඳහා
ක්ලෙන්සර්
ස්ක්‍රබ්
මසාජ් ක්‍රීම්
ජෙල්
ඇන්ටි ඒජිං ෆේස් මාස්ක්
ස්ටීම් අල්ට්රා සොනික් උපකරණය අවශ්‍යවනවා.
පළමුව කළ යුත්තේ මුහුණ හොඳින් ක්ලෙන්සර්කර පිරිසුදුකර ඉන්පසු ස්ක්‍රබ්කර
සෝදා හැරීමයි. මීළඟට සිදු කෙරෙන්නේ ස්ටීම්කර මුහුණේ ඇති කුණු දූවිලි
ඉවත්කර මසාජ් ක්‍රීම් එක භාවිත කරමින් මුහුණ සම්බාහනයකර ෆේස් මාස්ක් එක
දැමීමයි. මෙය විනාඩි 20 ක් පමණ තැබිය යුතුවෙයි.
මෙම මාස්ක් එකෙන් සෛල හොඳින් ශක්තිමත්කර සමේ රැලි ඉවත් කිරීමක් සම තද
කිරීමක් සිදුකරයි. විනාඩි 20 කින් මෙය ඉවත් කළ පසු ෆේස් ජෙල් එක මුහුණේ
ආලේපකර ඒ මත අල්ට්රා සොනික් උපකරණය ක්‍රියා කරවමින් සමේ රැලි ඇති තැන්වලට
මෙය විශේෂයෙන් යොමු කළ යුතුයි. එසේ අල්ට්රා සොනික් උපකරණය සම මත ක්‍රියා
කරනවිට සමේ ඇති සෛලවල උද්දීපනයක් ඇතිකර රුධිර සැපයුම ක්‍රමවත් වෙයි. එවිට
මුහුණේ පැහැපත් බවක් සහ දීප්තිමත් බවක් ලබා ගැන්මට හැකිවෙයි.
අවසාන වශයෙන් එම ජෙල් එක ඉවත්කර මොයිස්චර්රයිසර් ක්‍රීම් ආලේප කළ
යුතුයි. මෙම උපකරණය මගින් සිදු කෙරෙන ප්රතිකර්මය නිසා මුහුණේ ඇති රැලි
ඉවත්කර තරුණ පෙනුමක් ලබාදෙයි.
(under the courtesy of goodhousekeeping.lk web)