Life
සපත්තු දාන අයගේ ලොකුම ප්‍රශ්නයට විසඳුම්...
1. දහදිය ගඳ නැති වෙන්න අපි ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරනවා වගේ සපත්තුවල ගඳ නැති වෙන්නත් ඩියෝ පාවිච්චි කරන්න පුළුවන්. ඔබ පාවිච්චි කරලා ඉවත් කරපු ඩියෝ දෙකක් හැමදාම රෑට සපත්තු දෙක ඇතුළෙ බස්සලා තියන්න. ඔබ පාවිච්චි කරන්නෙ ඩියෝ ස්ප්‍රේ එකක් නම් පාවිච්චි කරලා ඉවර වුණු ඩියෝ ස්ප්‍රේ බෝතලයට වතුරට ටිකක් දාලා හොඳින් සොලවලා මූඩිය ඇරලා සපත්තු දෙක ඇතුළට දාලා තියන්න. දවස් දෙක තුනක් යද්දි තැම්බුණු ගඳ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා. ඒ වගෙම් සපත්තු ඇතුළෙ ඩියෝ එකේ සුවඳ රැඳිලා තියෙනවා.
inShare
Mawbima, 2016-02-22 02:00:00
Read 41 Times
ඩියෝඩ්‍රන්ට්
1. දහදිය ගඳ නැති වෙන්න අපි ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරනවා වගේ සපත්තුවල ගඳ නැති වෙන්නත් ඩියෝ පාවිච්චි කරන්න පුළුවන්. ඔබ පාවිච්චි කරලා ඉවත් කරපු ඩියෝ දෙකක් හැමදාම රෑට සපත්තු දෙක ඇතුළෙ බස්සලා තියන්න. ඔබ පාවිච්චි කරන්නෙ ඩියෝ ස්ප්‍රේ එකක් නම් පාවිච්චි කරලා ඉවර වුණු ඩියෝ ස්ප්‍රේ බෝතලයට වතුරට ටිකක් දාලා හොඳින් සොලවලා මූඩිය ඇරලා සපත්තු දෙක ඇතුළට දාලා තියන්න. දවස් දෙක තුනක් යද්දි තැම්බුණු ගඳ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා. ඒ වගෙම් සපත්තු ඇතුළෙ ඩියෝ එකේ සුවඳ රැඳිලා තියෙනවා.
ටී බෑග්ස්
සපත්තුවල දුර්ගන්ධය නැති කරන්න පහසුවෙන්ම කරන්න පුළුවන් තවත් දෙයක් තමයි ටී බෑග්ස් දාන එක. උදේට තේ හදන්න ගන්න ටී බෑග් තේ බීලා ඉවර වුණාම ආයේ කවදාවත් විසි කරන්න එපා. ඒවා අරන් තියන්න. අරන් තියලා රෑට සපත්තු ගැලෙව්වාම සපත්තු දෙක ඇතුළට දාලා තියන්න. උදේ පාවිච්චි කරපු ටී බෑග්ස් රෑ වෙද්දි හොඳට වියළෙනවා. ඒ නිසා තමයි උදේ ඉවත් කරපු ටී බෑග්ස් දාන්න කියලා කියන්නෙ. වියළෙන්න කලින් දැම්මොත් සපත්තු දෙක ඇතුළේ තේ හැලිලා තියේවි.
කෝපි
ගෙදර තියෙන ගොඩාක් දේවල්වලින් ඔබ හිතනවාට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ අපි බොන කෝපි ගැන. කෝපි කුඩු කියන්නේ ඉතාම හොඳ සුවඳකාරකයක්. කෝපි කුඩු මේස හැන්ද බැගින් අරගෙන පරණ මේස් දෙකකට දාලා ඒ මේස් දෙක රැයක් පුරාවට සපත්තු දෙක ඇතුළෙන් දාලා තියන්න. අයෙත් කිසිම දවසක සපත්තු දෙක ඇතුළෙන් තැම්බුණු ගඳ එන්නේ නැති වෙයි.
බේකිං සෝඩා
මේ සපත්තුවල ගඳ නැති කරගන්න තවත් ක්‍රමයක්. බේකිං සෝඩා කෝප්පයක් ගන්න. ඒකට කෝපි මේස හැඳි දෙකක් සහ ලයිම් පවුඩර් මේස හැන්දක් දාලා හොඳින් කලවම් කරන්න. මේ මිශ්‍රණය කලින් වගේම පුංචි පොට්ටනි දෙකක් වගේ හදලා සපත්තු ඇතුළෙන් දාලා තියන්න. බේකිං සෝඩාවලින් සහ කෝපිවලින් සිද්ධ වෙන්නෙ දුර්ගන්ධය නැති වෙන එක. ලයිම් පවුඩර්වලින් වෙන්නේ පාදවල බිබිළි මතුවීම සහ කැසීම වළක්වන එක. මේ මිශ්‍රණය මාසයක් විතර වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලයිම් පවුඩර් කියන්නෙ හොයාගන්න අමාරු දෙයක් නෙවෙයි. කේක් හදන බඩු තියෙන සාප්පුවල වගේම සමහර සුපිරි වෙළෙඳසල්වලිනුත් ලබා ගන්න පුළුවන්.
බැක්ටීරියා නාශක
සමහර සපත්තුවල ඇතුළෙ ගඳ එන්නෙ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා. කලින් කියපු මොනවා කළත් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නතර කරන්න බැහැ. ඉහත ක්‍රමවලින් සපත්තුවල දුගඳ යන්නේ නැත්නම් කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි බැක්ටීරියා නාශක දියර වෙළෙඳසල්වලින් ගන්න පුළුවන්. මේවා විදුම්කාරක, ඒ කියන්නේ ස්ප්‍රේ විදියටයි තියෙන්නේ. ඒකත් අරගෙන සපත්තුවේ ඇතුළට ස්ප්‍රේ කරන්න. දවස් දෙක තුනක් එහෙම ස්ප්‍රේ කරලා රෑ පුරාම තිබ්බාම බැක්ටීරියා ප්‍රශ්නෙ විසඳෙනවා. ඊට පස්සේ පුළුවන් අර කලින් කිව්ව ක්‍රම පාවිච්චි කරලා නිතරම සපත්තුවලින් දුඟඳ වහනය වීම වළක්වා ගන්න.
Wmqgd .ekSu u