Life
සන්ධි වේදනාව ඇති වීමට මුලික හේතුව වන්නේ කාටිලේජ හානි වීමයි
හානි වූ කාටිලේජ නැවත ශක්තිමත් කර ගැනීම තමයි සන්ධි වේදනාවෙන් මිදෙන්න තියෙන හොදම විසදුම. ඔබට හැමදාම කියල දෙන්නේ එදිනෙදා ප්‍රශ්න විසදා ගන්න භාවිතා කල හැකි සරල ස්වාභවික විසදුම් ගැනනේ. ඔන්න මේ ප්‍රශ්නෙටත් ඔබ කවදාවත්ම සිතුවේ නැති විසදුමක් කියලා දෙන්නයි හදන්නේ. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ එක් අමුද්‍රව්‍යක් පමණයි. ජෙලටින් ගැන අහලා තියෙනවා නේද? මේ රසවත් ආහාරය ගැන නොදන්නා කෙනෙක් මේ ලෝකේ ඉන්න විදියක් නෑ. රසවත් අතුරුපසක් විදියට බොහෝ දෙනා රසවිදින ජෙලටින් වලින් තමයි අපි බෙහෙත් වට්ටෝරුව හදන්නේ
සන්ධි , දණහිස් හා උකුල ආශ්රිත කාටිලේජ නැවත වර්ධනය සදහා ජෙලටින් කියන්නේ ඉතාම බලසම්පන්න ස්වාභාවික බෙහෙතක්. කොහොමද මේ වගේ කාටිලේජ වර්ධන ශක්තියක් ජෙලටින් වලට ලැබිලා තියෙන්නේ. අපි ඒ ගැනත් හොයලා බැලූවා. ජෙලටින් හදන්නේ සත්ව සම් , ඇටකටු හා කාටිලෙජ කොටස් බොහෝ වෙලාවක් තැම්බීම මගින්. ඉතින් දැන් හිතා ගන්න පුළුවන් නේද ජෙලටින් කියන්නේ මොන තරම් සුව කිරීමේ ශක්තියක් තියෙන ප්‍රබල අමුද්‍රව්‍යක් ද කියලා.
මේ වන විට විද්‍යාත්මක පරීක්ෂණ වලින්ද තහවුරු වෙලා තියෙනවා ජෙලටින් පාරිබෝජනය කිරීම මගින් හානි වූ කාටිලේජ නැවත වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා කියලා. වර්තමානය වන විට ලොව පුරා බොහෝ මිනිසුන් ප්‍රමාණයක් සන්ධි , දණහිස් , උකුල ආශ්රිත කාටිලේජ දුර්වලවීම නිසා වේදනා විදිනවා. ඇත්තටම මෙය බලවත් පීඩාකාරී තත්වයක්. මේ නිසාවෙන ඔවුන් ගෙවන ජිවිතයේ බොහෝ දෑ ඔවුන්ට අහිමි වී තිබෙනවා.
වාසනාවට මෙම ලිපිය කියවන ඔබලා දැන් මේ රෝග තත්වයට කල යුතු දේ දන්නවා. ඔබ කල යුතු වන්නේ අප කියන ප්‍රමාණයෙන් දිනපතා ජෙලටින් ඔබේ ආහාර වේලට එක් කර ගැනීම පමණයි. ජෙලටින් කියන්නේ ප්‍රෝටීන් වලින් පරිපුර්ණ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. ඒ වගේම යහාරදංහචරදකසබැ හා චරදකසබැ වගේ අතවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග 10ක් ද මෙහි අඩංගු වෙනවා. මෙම ඇමයිනෝ අම්ල වර්ග මගින් තමයි හානි වූ කාටිලේජ නැවත ගොඩනැගීම ආරම්භ වෙන්නේ. ඒ වගේම ජෙලටින් වල කිසිදු අහිතකර කොලොස්ටරෝල් වර්ගයක් හෝ මේද කොටස් අඩංගු වෙන්නේ නෑ.
හානි වූ කාටිලේජ නැවත ගොඩ නගා ගැනීම සදහා දිනකට ජෙලටින් ග්‍රෑම් 10ක් පමණ අනුභව කරන්න.
curtesy : ceylonweek.com