Health
ශීතකරණයේ නිසි අයුරින් ආහාර ගබඩා නොකළොත් ඔබ රෝගී විය හැකියි
ශ්‍රී ලංකා ආහාර හා පෝෂණවේදින්ගේ සංගමයේ සභාපති වරලත් රසායනාලද යුධ හමුදා හා පොලිස් රෝහල් හි පෝෂණවේදී
එන්ගඑම්ග එස්ග හෙට්ටිගෙදර
සමාජයේ බොහොදෙනෙක් වර්තමානයේ කාර්යබහුල දිවියක් ගත කරන නිසාම සතියකට වරක් සුපිරි වෙළෙඳසලකින් හෝ වෙළෙඳපොළකින් නිවෙසට අවශ්‍ය ආහාර වර්ගල බඩු මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවාග කාර්යබහුලබව නිසාම මේ දේවල් සිදුවන්නේ කිසිදු සැලසුමකින් තොරවයග
සැලසුමකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ද්‍රව්‍ය නිවෙසට ගෙන ආ විට මේවා ගබඩා කර තැබීමේ ගැටලුවකට ගෘහනියකට මුහුණ පෑමට සිදු වෙයිග අවසානයේ මෙයට විසඳුම ලෙස නිවෙසේ ඇති ශීතකරණයට මේ සියලු ආහාර ඇතුළු කිරීමට ඇය දෙවරක් නොසිතයිග ඒ නිසාම අද බොහෝ නිවෙස්වල ආහාර ගබඩාව බවට පත්ව ඇත්තේ ශීතකරණයයිග
නමුත් ශීතකරණයක ගබඩා කළ යුතු මෙන්ම නොකළ යුතු ආහාර වර්ග තිබෙන බව අප දැන සිටීම වැදගත්ග ශීතකරණයේ තැබිය යුතු සහ පැකට්ටුව විවෘත කිරිමෙන් පසුව නැවත දියර කිරිල බිත්තරල මස්ල මාළුල එළවළුල පලතුරුල දියර වර්ග මෙන්ම අනෙකුත් ආහාර වර්ග ශීතකරණයක තබන විට ඒවා ශීතකරණයේ නිශ්චිත ස්ථානවල ගබඩා කිරීම ඉතාම වැදගත් වෙනවාග
එලෙස නිවැරදි ලෙස ගබඩාකර නොතැබූ විට ඉතා ඉක්මනින් එම ආහාර විනාශ වී යාම සිදුවෙනවාග ශීතකරණයක ආහාර ගබඩා කරන විට අපිට මූලික වශයෙන් ආහාර කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්ග
ඉන් එකක් නම් නරක් වන ආහාර සහ නරක් නොවන ආහාරයිග නියමිත ලෙස මෙම ආහාර ශීතකරණයේ ගබඩා කිරීමෙන් බැක්ටීරියා හෝ දිලීර මෙන්ම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට ලක් වී ආහාර නරක් වීම සිදු නොවේග
මේ සඳහා අප මිල දී ගන්නා ආහාර නිසි පරිදි වර්ගීකරණය කර පිරිසුදු කර ඇසිරීමල කළ යුතු වේග ශීතකරණයේ ඒ ඒ උෂ්ණත්ව වලට අදාළ වන පරිදි ආහාර ගබඩා කිරීම යෝග්‍ය වේග කෙටි කාලයකදී නරක් නොවන වියළි ආහාර ශීතකරණයේ ඇසිරීම අවශ්‍ය නොවේග
උදාහරණ ලෙස අලල ලූණු වැනි ආහාර වියලි ස්ථානයක ගබඩා කිරීම :සෙල්සියස් අංශක දහයත් විසි එකත් අතර- වැදගත්යග පිටත තැබූ විට ඉක්මනින් නරක් වීමට හැකි ආහාර සෙල්සියස් අංශක එකත් හතරත් අතර උෂ්ණත්වයක ගබඩා කර තැබීම යෝග්යයග
කිරිල පිසූ ආහාරල එලෙසම දිගුකාලීනව තබා ගන්නා ආහාර සෙල්සියස් අංශක මයිනස් :-6- හයේ සිට :-25- මයිනස් විසිපහ දක්වා ගබඩා කිරීම යෝග්යයග :දින දෙකක් පමණ-
අප මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් ඒවා ඉතා හොඳින් පිරිසුදු කර පිසදා හොඳින් ආවරණය කර තැබීම ඉතාම වැදගත්යග එළවළුල පලා වර්ගල පලතුරු විශේෂයිග අධි ශීතකරණයේ තබන මස් වර්ගල මාළු වර්ග නිවැරදිව පොලිතින් මඟින් ආවරණය කර ප්ලාස්ටික් භාජනයක දමා වසා තැබීම වඩා සුදුසුයග
එලෙසම වෙළෙඳපලෙන් මිලදී ගත් එළවළු ගබඩා කිරීමේදී කලින් ශීතකරණයේ ඉතිරිව තිබෙන එළවළුල පලතුරු ඉදිරියෙන් අසුරා අලුත් ඒවා පසුපසින් ඇසිරිය යුතුයග එනම් “first in first out” ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයග
එලෙසම ශීතකරණයේ තැබීමට භාවිතා කරන සෑම භාජනයක්ම පිරිසුදුව තබා ගැනීමට කටයුතු කළ යුතුයග ආහාර ද්‍රව්‍ය ගබඩාකර තැබීමේදී ශීතකරණය පිරිසුදු කිරීම අතිශය වැදගත්යග ශීතකරණයේ ඉඳුල්ල දියරවර්ගල මස්ල මාංශ ලේ හැලීල ගෑවීල වේලී තිබෙන්නට පුළුවනග මේ නිසා ශීතකරණය සතියකට වරක් පිරිසුදු කිරීම ඉතා වැදගත් වේග තවද ශීතකරණයේ නියම උෂ්ණත්වය පවත්වාගෙන යාමද වැදගත් වේග එවිට ආහාර වර්ග නිවැරදි උෂ්ණත්වයක් ලැබෙන පරිදි ගබඩා කළ හැකි වේග
බොහෝවිට ශීතකරණයක ආහාර ගබඩා කිරීම නිසා එම ආහාරවල බැක්ටීරියා වර්ධනය නොවෙයිග මස්ල මාළුල නොපිසිනලද චිකන්ල ග්රේප්ස්ල සුප් වර්ගල කිරිල කිරි සහිත ආහාර පිසින ලද ධාන්‍ය වර්ගල පලතුරු වර්ග ශීතකරණයේ කෙටි කාලයක් ගබඩා කර ගැනීමට පුළුවනග
එනම් දින 7 ක් පමණ නමුත් අධි ශීතකරණයේ තබා මාංශමය ආහාර සති දෙකක් තුනක් පමණ තබා ගත හැකියිග එක් ආහාර වර්ගයක් තවත් ආහාර වර්ගයක් සමඟ ගෑවෙන පරිදි ගබඩා නොකළ යුතුයිග උදාහරණ මස් සමඟ පලතුරු ගබඩා නොකළ යුතුයිග
තවත් අතකට සමහර ආහාර වර්ග මඟින් තද සුවඳක් නිකුත් වෙයිග ඒවා අනෙක් ආහාර වර්ගවලට උරා ගැනීම විය හැකග උදාහරණ ලෙස සුදුළූණු කපා ශීතකරණයට දැමීමෙන් අනෙක් ආහාරවලට ද එම සුවඳ උරා ගැනීම සිදු වේග
ඒ නිසා සුදුළූණුල ළූණු වැනි ද්‍රව්‍යයන් වරකා වැනි පලතුරු කපා ශීතකරණයට දමනවිට හොඳින් ඒවා ආවරණය කළ යුතුයග නිතර නිතර ශිතකරණයේ දොර ඇරීම වැසිම නොකළ යුතුයග එවිට ශිතකරණයේ උෂ්ණත්වය වෙනස් වීමකට ලක් වේග තද රස්නය සහිත ආහාර ශිතකරණයේ ගබඩා කිරීම කිසිවිටෙකත් සුදුසු නොවේග
ශිතකරණය පිරිසුදු කිරිම සඳහා සෝඩා සොලුෂන් දියරය හෝ විනාකිරි යොදා ගැනීම කළ හැකග
නිවෙසක හැමවිටම ශිතකරණය ස්ථානගත කළ යුත්තේ වාතය හොඳින් ඇති උෂ්ණත්වය අඩු ස්ථානයකයග
හැමවිටම ශිතකරණයේ යොදා ඇති උපදෙස් පරිදි ආහාර ගබඩා කිරීම ඉතා උචිත වන අතර නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණයෙන් මිල දී ගෙන පරිභෝජනය කිරිම මඟින් අපගේ කාලයල සෞඛ්යල මුදල මෙන්ම මහන්සිය ද ඉතිරිවේග
curtesy :dinamina.lk