SexEducation
ශිෂ්ණය යෝනිට ඇතුල් කළ සැනින් ශුක්‍රාණු පිටවෙනවා නම් මෙන්න ප්‍රතිකාර
යෝනි මාර්ගයට ශිෂ්ණය ඇතුළු කිරීමට පෙර හෝ ඇතුල් කළාත් සමගම ශුක්‍ර තරලය පිටවීම මෙහිදී සිදුවේ. ලිංගික ක්‍රියාවලිය අරඹා සාමාන්‍යයෙන් මිනිත්තුවක් ඇතුළත මෙසේ සිදුවේ. මෙලෙස ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුලත් කළ පසු ශුක්‍ර තරලය පිටවීමට ගත වන කාලය, යුවලෙන් යුවලට වෙනස් වන අතර සාමාන්‍යයෙන් මධ්‍යන අගය විනාඩි 5 - 4 ක් පමණ යැයි පරීක්ෂණ මගින් පෙන්වා ඇත. මෙම වේලාව විනාඩි 3 - 15 දක්වා වෙනස් විය හැක. මෙලෙස ඉක්මණින් ශුක්‍ර තරලය පිටවීමද සුලබ ගැටළුවකි. සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවලිය පිළිබදව ඇති බය, චකිතය සහ පලපුරුද්ද අඩු වීම ඛෙහෙවින් බලපායි. එම නිසා මෙම තත්වය වැඩියෙන් ඇති වන්නේ තරුණ වියේ පිරිමින්ට සහ මුල්වර ලිංගික සංසර්ගයේ යෙදෙන්නන්ටයි. සමහර විට මෙම තත්වය ජාන නිසා පාරම්පරිකව ඇති විය හැක. දියවැඩියාව, තයිරොක්සින් හෝමෝනය වැඩි වීම සහ පොස්ටේට් ග්‍රන්ථියේ ඇති වන ආසාධනද, ඉක්මණින් ශුක්‍ර තරලය පිටවීම කෙරෙහි බලපායි.
මෙහිදී ප්‍රතිකාර වශයෙන් උපදේශනය සහ හැසිරිම් රටා ප්‍රතිකාර මුලික වේ. ඉලක්කය විය යුත්තේ ලිංගික ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාෂය ඇති කිරිම සහ ඒ පිළිබද ඇති බිය හා චකිතය නැති කිරීමයි. මෙවන් ගැටළුවකින් පෙළේ නම් පවුලේ වෛද්‍යවරයා සමග හෝ මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු හමු වී සාකච්ඡා කිරීම යෝග්‍යය. ඉක්මණින් ශුක්‍ර තරලය පිටවීමට එරෙහිව ක්‍රියා කරන ඖෂධ ඇති අතර මේවා දිය යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසිනි. වෙළද පොළේ ඇති ඖෂධ ගැල්වූ සමහර කොන්ඩම් වර්ග (කොපු) මගින් ඉක්මණින් ශුක්‍ර තරලය පිටවීම කල් ගත කරනු ලැබේ.
curtesy :wishmaya.com
Related