Health
ශ්‍රවණ ඌනතාවයන්ට බලපාන සාධක
සමාජයේ බොහෝ පුද්ගලයන් තමාට ශ්‍රවණ ඌනතාවක් ඇති බව නොදනී
ශ්‍රවණ ඌනතාවක් ඇති වීමට පහත සඳහන් කරුණු බොහෝවිට බලපෑ හැක
ෆ හදිසි අනතුරු
ෆ හිසට හෝ කනට වන හානි
ෆ අධික ශබ්දවලට දිගුකලක් සවන්දීම
ෆ බෝවෙන රෝග වැළඳීම - :කම්මුල්ගායල සරම්පල ජර්මන් සරම්ප වැනි-
ෆ කනෙහි ඇතිවන රෝග තත්ත්වයන් :කනෙහි සැරවල කර්ණ අස්ථිවල අක්රමික පිහිටීම්ල කන් බෙරය තුවාල වීමල කනෙහි කළාදුරු පිරීම වැනි-
ෆ ඉතා අධික ශබ්දයකට එකවර නිරාවරණය වීම - රතිඤ්ඤාලබෝම්බ වැනි-
ෆ වයස්ගතවීම
ඉහත සඳහන් කරුණු එකක් හෝ කීපයක් නිසා ඇසීම අඩුවිය හැකග නමුත් බොහෝ අයට ඒ පිළිබඳ අවබෝධයක් නැතග
එවැනි පුද්ගලයන් හඳුනාගන්නේ කෙසේදරෑ
ෆ දුරකථනයෙන් එන හඬ පැහැදිලිව ඇසීමේ අපහසුතාවක්
ෆ ආපනශාලාල චිත්රපටශාලාල සාප්පු සංකීර්ණ වැනි ඝෝෂාකාරී පරිසරයකදී කථාබහ අසාගැනීමට අපහසුතාව
ෆ පවුලේ අය හෝ මිතුරන් හෝ පාසලේ අය හා කථා කිරීමේදී ඔවුන් ප්‍රකාශ කරන දේ නැවත නැවත කීමට සිදුවීමග
ෆ අසන දෙයට හාත්පස වෙනස් පිළිතුරක් දීම
ෆ දුරකථන හඬල සීනු හඬ අන් අයට ඇසුනත් අදාල තැනැත්තාට නොඇසීම
ෆ ගුවන්විදුලියල රූපවාහිනියල හඬ වැඩිකොට ඇසීම නැතහොත් එය ළඟට ගොස් ඇසීම
ෆ කථාකරන පුද්ගලයාගේ මුහුණ දෙස බලා සිටීම
ෆ කථාබහ කරන විට එක් කනක් කථා කරන පුද්ගලයා දෙස හැරවීම
ෆ කන්වල හෝ හෝ වැනි හඬක් ඇසෙන බව කීම
ෆ නිතර කන්වලින් සැරව ගැලීම
මෙවැනි ක්‍රියා එකක් හෝ කීපයක් නිතර ඔබ අතින් හෝ ඔබ මවල පියාල ඥාතීන්ල දරුවන්ල මිතුරන් අතින් සිදුවේ නම් බොහෝදුරට ඔහුරැඇය ඇසීම අඩුකමකින් පෙලෙයිග නමුත් බොහෝවිට ඔවුන් ඒ බව දන්නේ නැතග
ඇතැම්විට ඔවුන් මෙම නොදන්නා ශ්‍රවණ ඌනතාව නිසා සමාජයේදී බොහෝ කරදරවලට මුහුණ දීමට ඉඩ තිබේග
පාසැල්වියේ දරුවකු නම් ඔහුගේ ඉගෙනීමට බොහෝ ආබාධ ඇතිවෙයි
මේ නිසා ශ්‍රවණ ඌනතාවයක් ඇතැයි සැකයක් ඇති සෑම කෙනෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් කර ගැනීම හෝ :ඡ්ව්ඊ- උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි
curtesy :
dinamina.lk