Life
ශල්‍යකර්මවලින් තොරව මේදය ඉවත් කරගන්නා හැටි මෙන්න
මෙම ප්‍රතිකාරයේදී සිදුකරන්නේ අධික සීතලට ලක්කිරීම මගින් තෙල් තට්ටුව ඉවත් කිරීමයි.
රජයේ රෝහල්වල අවශ්‍ය අවස්ථාවලදී මෙම ප්‍රතිකාරය කරනු ලැබේ.
පෞද්ගලික අංශ තුළ මෙම ප්‍රතිකාරය බහුලව සිදුවන බවක් පෙනේ.
ලෝකයේ දියුණු රටවල බොහෝ ජනප්‍රිය ක්රමයකි.
ප්‍රතිකාරයේ දී සිදුවන්නේ කුමක්ද?
මෙහිදී සමට රික්තකයක් සහිත උපකරණයක් සවිකරනු ලැබේ. එහිදී මේදය සහිත සෛල - 4 උෂ්ණත්වයට පත්කරනු ලැබේ. එක් ප්‍රතිකාර වටයක් සඳහා විනාඩි 60 ක කාලයක් ගතවනු ඇත. ප්‍රතිකාරයෙන් පසුව එම ප්‍රදේශය රතුවී ඉදිමුණ ස්වභාවයක් ගනු ලැබේ.
ඉන්පසු එම ඉදිමුණ ප්‍රදේශය සම්බාහනය කිරීම මගින් යළි යථා තත්ත්වයට පත්වේ.
එම ප්‍රදේශයේ වේදනාවක් සහ අල්ලන විට රිදීමක් දින කිහිපයේ තිබිය හැකිය.
නමුත් දින කිහිපයකින් එය මඟ හැරී යනු ඇත. එක ප්‍රතිකාරයක් තුළදී 50% ක පමණ මේද තට්ටුව අඩුවීමක් සිදුවිය හැක.
කොපමණ කල් එය පවතීද?
එම ඉවත්වූ මේද සෛල නැවත වර්ධනයක් සිදු නොවේ. නමුත් නිවැරදි ආකාරයට ආහාර හා ව්‍යායාම නැති අයගේ බර වැඩිවීම එම ආකාරයටම සිදුවේ.
මෙම ප්‍රතිකාරය ආරක්ෂා සහිතද?
මෙය ඉතා ආරක්ෂාකාරී ප්‍රතිකාර ක්රමයකි.
වේදනාකාරීද?
සම සිසිල් වීමේදී මුලදී සමේ වේදනාවක් ඇතිවුවද ටික වේලාවකින් එය නැතිවී යයි.
ප්‍රතිකාර වට කීයක්
අවශ්‍යද?
එක් ප්‍රතිකාර වටයකින්ම සෑහෙන සුවයක් ලැබේ. දෙවන ප්‍රතිකාර වටය මාස 3 කින් පමණ අවශ්‍ය නම් කළ හැක.
Ultrasonic Cavitation & Radio Frequency Ultrasonic Cavitation යනු කුමක්ද?
මෙමගින් සිදුකරන්නේ Ultrasound කිරණ මගින් ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීමයි. මෙමගින් මේද සෛල කැඩීමට ලක්කරනු ලැබේ. එම කැඩුණු මේද සෛල ශරීරයේ ඇති වසා පද්ධතිය මගින් ඉවත් කරනු ලැබේ.
Radio Frequency යනු කුමක්ද?
මෙහිදී සිදුකරන්නේ Electromagnetic කිරණ මගින් අනවශ්‍ය මේදය ඉවත් කිරීම, සමේ ඇති ඉලාස්ටික් තන්තු වැඩිකිරීම, සමේ ඇති රුධිර සංසරණය වැඩි කිරීම ආදියයි. මෙමගින් මුහුණේ ඇති කුඩා රැලි අඩුකිරීම, සමට සහ මුහුණට තරුණ පෙනුමක් ලබාදීම ආදී දේ සිදු කරයි.
මෙම ප්‍රතිකාර ක්රමයන්ගේ ඇති වාසි
ශල්‍යකර්ම වලින් තොරව ශරීරයේ ඇති අනවශ්‍ය මේදය අඩු කිරීම ඉතා සුළු අපහසුතාවක් පමණක් ඇතිවීම ආරක්ෂාකාරීවීම අතුරු ආබාධ අවම වීම
ශරීරයේ කුමන ස්ථාන සඳහා සුදුසුද?
කලවා, උදරය, උකුල, තට්ටම් සහ අත්වල ඇති ව්‍යායාම මගින් අඩුනොවන මේදය ඉවත් කිරීම සඳහා සුදුසු වේ.
කා සඳහා සුදුසුද?
වයස අවුරුදු 18 න් ඉහළ කාන්තාවන් සහ පිරිමි සඳහා සුදුසු වේ. නමුත් මෙම ප්‍රතිකාර ශරීරයේ බර අඩුකිරීම සඳහා සුදුසු නොවේ.
ප්‍රතිඵල දැකිය හැකි වන්නේ කොපමණ කලකින්ද?
Radio Frequency සහ Ultrasonic ප්‍රතිකාර වට 6-12 පමණින් පසු ප්‍රතිඵල දැකිය හැකි නමුත් එක් ප්‍රතිකාර වටයකින්ද යම් ප්‍රතිඵල ලැබේ.
කොපමණ කලකට වරක්
ප්‍රතිකාර කල යුතුද?
සාමාන්‍යයෙන් සතියකට දෙකකට පමණ සැරයක් ප්‍රතිකාරය සිදුකළ යුතුය.
ප්‍රතිකාරයේ අතුරු ආබාධ
තාවකාලික රතු පැහැය අතුරු ආබාධ ඉතා අවමය.
ප්‍රතිකාරයෙන් උපරිම ප්‍රතිඵල ලබාගත
හැක්කේ කෙසේද?
සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ව්‍යායාම වල යෙදීම වතුර ලීටර 2 ක් ප්‍රතිකාරයට පෙර සහ පසු පානය කිරීම ප්‍රතිකාරයෙන් සතියක් යනතුරු ඉතා තද රස්නයට නොයාම
මෙම ප්‍රතිකාරය සුදුසු නොවන්නේ කා සඳහාද?
වකුගඩු, අක්මාව අකර්මන්‍ය රෝගීන් ගර්භණී සහ කිරිදෙන මවුවරුන් හෘද වස්තුවේ රෝග ඇති අය උණ රෝගීන් එම ස්ථානයේ ආසාදන ඇති අය රුධිර කැටි ගැසීම වැළැක්වීම සඳහා ඖෂධ භාවිත කරන අය අධික රුධිර පීඩනය ඇති අය
මේදය සහිත සෛල - 4 උෂ්ණත්වයට පත්කරනු ලැබේ. එක් ප්‍රතිකාර වටයක් සඳහා විනාඩි 60 ක කාලයක් ගතවනු ඇත. ප්‍රතිකාරයෙන් පසුව එම ප්‍රදේශය රතුවී ඉදිමුණ ස්වභාවයක් ගනු ලැබේ. ඉන්පසු එම ඉදිමුණ ප්‍රදේශය සම්බාහනය කිරීම මගින් යළි යථා තත්ත්වයට පත්වේ.
(under the courtesy of hirutv.lk blog web)