Life
ශරීර සෞඛ්‍ය යහපත් ලෙස පවත්වා ගැනීමට දිනකට ධාන්‍ය ග්‍රෑම් 20 ක් අනුභව කරමු
ධාන්‍ය වර්ග, (ඇට වර්ග) සෞඛ්යාරක්ෂිත, පෝෂ්‍යදායි ආහාරයක් වන අතර ඒවා
පරිභෝජනය කිරීමෙන් හෘදය වස්තුවට හිතකර හා එල්. ඩී. එල්. හෙවත් නරක
කොලෙස්ටරෝල් අඩු කරලන අසංතෘප්ත මෙන්ම සංතෘප්ත මේදයන් ශරීරයට ලබා ගත හැකි
බව පෝෂණවේදීහු පවසති.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලීමට උපකාරී වන "පයිටෝස්ටෙරොල්ස්" සංයෝගය ධාන්‍ය වර්ගවල යහමින් අඩංගුව පවතී.
ධාන්‍ය
වර්ගවල තන්තු හෙවත් ෆයිබර්, ප්‍රොaටීන් විටමින් වර්ග වන ෆෝලේට් හා
විටමින් ඊ මෙන්ම ලවණ වර්ග වන පොටෑසියම් හා මැග්නීසියම් අන්තර්ගතව ඇත.
ධාන්‍ය
වර්ගවලින් පෝෂණ ගුණය අතින් ඉහළම මට්ටමක පවතින ධාන්‍ය වර්ගය වනුයේ
වෝල්නට්ය. වෝල්නට්වල අනෙකුත් ධාන්‍ය වර්ගවලට වඩා අත්‍යවශ්‍ය ඔමේගා 3 මේද
අම්ල අඩංගු වීම මෙයට හේතුවයි. ඔමේගා - 3 මේද අම්ල සමෙහි නිරෝගීභාවය ඇති
කරයි. ඇමරිකානු රසායනාගාර සංගමය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව
ප්‍රතිඔක්සිකාරක සංයෝගයන් වැඩි වශයෙන්ම අඩංගුව පවතින ධාන්‍ය වර්ගය වනුයේද
වෝල්නට්ය.
සමස්ථයක් වශයෙන් ගත් කළ ධාන්‍ය වර්ග ආහාරයට එක්කර
ගැනීමෙන් ආහාර අරුචිය මග හැරවීමටත් ශරීරයේ බර වැඩිවීම පාලනය කර බර අඩු
කරලීමටත් හැකිවේ.
මිනිසාට සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට ධාන්‍ය වර්ග දිනපතා ආහාරයට ගැනීම හේතු කාරක වන බව අධ්‍යයනවලදී අනාවරණය වී ඇත.
2016
වසරේ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ඇති වන ප්‍රතිඵල පිළිබඳව සිදු කරන ලද
පර්යේෂණයන් 29 ක් අධ්‍යයනය කිරීමෙන් පසු බටහිර පර්යේෂකයන් විසින් අනාවරණය
කරන ලද්දේ ධාන්‍ය අහුරක් නැතහොත් ග්‍රෑම් 20 ක ප්‍රමාණයක් දිනපතා අනුභව
කිරීමෙන් පුද්ගලයෙකුට හෘද රෝග වැළඳීමේ අවදානම සියයට 30 කින් පමණ අඩු කරලීමට
හැකි බවයි. එමෙන්ම එම ධාන්‍ය ප්‍රමාණය දිනකට අනුභව කිරීමෙන් පිළිකා
වැළඳීමේ අවදානම සියයට 15 කින්ද, කලින් මරණයට පත්වීමේ අවදානම සියයට 22 කින්ද
අඩු කරලන බව එම අධ්‍යයන වාර්තා පෙන්වා දී තිබේ.
මෙම අධ්‍යයනයන්
සඳහා පුද්ගලයින් 819,000 ක සංඛ්‍යාවක් සහභාගී කර ගෙන තිබේ. එම
අධ්‍යයනයන්හිදී සහභාගී වූ අයට සෑම ආකාරයකම ධාන්‍ය වර්ග විශේෂයෙන්ම ශාකමය
ධාන්‍යවර්ග වන නේසල්නට්, වෝල්නට්, රටකජු වැනි ධාන්‍ය වර්ග ආහාරය සඳහා
ලබාදී තිබේ.
වෙනත් පර්යේෂණයන්හිදී අනාවරණය වී ඇත්තේ කාබෝහයිඩේ්‍රට්
අඩංගු ආහාර වර්ග වෙනුවට දිනපතා ධාන්‍ය වර්ග අනුභව කිරීමෙන් දෙවැනි ඝනයේ
දියවැඩියා රෝගය පාලනය කිරීමට හැකි බවයි. කෙසේ වුවද මේදය අධික මෙන්ම කැලරි
හා ලවණ වර්ග අධික ධාන්යවර්ගද පැවැතීම නිසා සෑම විටම ලුණු රහිත අමු ධාන්‍ය
වර්ග ආහාරයට තෝරා ගත යුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ පෝෂණවේදිනියක වන ලීසා
ෙඩ්රයර් පවසන්නීය. ඇතැම් ධාන්‍ය වර්ගවල අඩංගු අධික කැලරි ප්‍රමාණයන්
ඉක්මනින් ශරීරගත වීම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ඇය සඳහන් කර
සිටින්නීය.
කැලරි අධික ධාන්‍ය වර්ග ලෙස කෝප්පයකින් කාලක් ගත විට
කැලරි 240 ක් අඩංගු මැකඩේමියා ධාන්‍ය වර්ගය, කෝප්ප කාලක කැලරි 160 ක්
අඩංගු වෝල්නට්. කෝප්ප කාලක කැලරි 170 ක් අඩංගු පිස්ටාචියෝස් හා
පෙකාන්ස් හා කෝප්ප කාලක කැලරි 200 ක් අඩංගු රට කජු හා කජු දැක්විය
හැකිය. මෙම ධාන්‍ය වර්ග සීමාසහිතව පරිභෝජනය කිරීම යෝග්‍ය බව පෝෂණවේදීන්ගේ
මතයයි.
එමෙන්ම ධාන්‍ය වර්ගවලින් අධික කැලරි ප්‍රමාණයක් ශරීරගත වීම
වැළැක්වීම සඳහා තෙලෙන් බදින ලද ධාන්‍ය වර්ග වෙනුවට කර කරන ලද (රෝස්ට්)
අමු හෝ වියලි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම යෝග්‍ය බව අනාවරණය වී තිබේ.
නිදසුන්
ලෙස තෙලෙන් බදින ලද කෝප්ප කාලක් වන ආමන්ඩ්ස් ප්‍රමාණයක කැලරි 238 ක්
අඩංගු වුවද කර කරන ලද ආමන්ඩ්ස් එම ප්‍රමාණයක අඩංගු වනුයේ කැලරි 206 ක
ප්‍රමාණයක් බව හෙළි වී තිබේ.
ධාන්‍ය වර්ග අමුවෙන් අනුභව කිරීමේදී
ඒවා තනිව මෙන්ම වියලි පලතුරු හා මිශ්‍ර කර අනුභව කිරීමටත් සලාදයකට, සීරියල්
ආහාරයකට හෝ යෝගට්වලට එක් කර අනුභව කළ හැකි බව පෝෂණවේදීන්ගේ මතයයි.
කුඩු
කරන ලද ධාන්‍ය වර්ග මාළු මත යොදා අනුභව කිරීමටද හැකිය. කෙසේ වුවද ධාන්‍ය
වර්ග ආහාරයට ගැනීමේදී සීමාසහිතව ආහාරයට ගත යුත්තේ කුමන ධාන්‍ය වර්ගද යන්න
පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks