Health
වේගයෙන් ඇවිදිනකොට වෙහෙසිලා වැඩක් කරනකොට කන්දක් නගිනවිට හතියක්
වේගයෙන් ඇවිදින විටල කන්දක් නඟින විටල තරමක් ඇඟ වෙහෙසිලා වැඩ කරන කොටල ව්‍යායාම කරන කොට ආදි ශරීර ක්‍රියාකාරකම්වලදී මහන්සියක් ර්ණහතියක්” ඇතිවීම ස්වභාවිකවම අපි අත් දකින දෙයක්ග මේ තත්ත්වය එක් එක් අයගේ ශරීර ස්වභාවය අනුවත් වෙනස් වෙනවාග
නමුත් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වනවාට වඩා අධික මහන්සියක් හතියක් එහෙම නැතිනම් වෙන දවසකට දකින්නට නැතිල අනිත් අයට දකින්නට නැති ආකාරයට ඉතාමත් සුළු ඇඟ වෙහෙසකදී බලාපොරොත්තු වනවාට වඩා හතියක් මහන්සියක් දැනෙනවා නම් එය රෝගී තත්ත්වයක් විය හැකියිග මේ ආකාරයට ඇතිවිය හැකි එක් රෝග තත්ත්වයක් වන්නේ ර්ණලේ මදිකම” යිග රක්තහීනතාව හෙවත් රුධිරයේ හීමොග්ලොබින් අඩුවීම (Anaemia) ලෙස මෙය වෛද්‍ය විද්‍යානුකූලව හඳුන්වනු ලබනවාග
ර්ණලේ අඩුවීම” මහන්සියක් ලෙස දැනෙන්න් ඇයි කියා විමසා බලමුග අපගේ රුධිරයල ශරීරයේ ක්‍රියාකාරිත්වයට විවිධ ආකාරයෙන් උදව් කරනවාග කොටින්ම රුධිරයේ ක්රියාකාරීත්වයක් හෙවත් රුධිර ගමනයක් නැතිනම් ජීවිතයක් පවතින්නේ නැහැග අනිවාර්යයෙන්ම මරණයට පත්වෙනවාග ඉතිං මේ රුධිරය සතු කාර්යයන්වලදී වැදගත් දෙයක් ලෙස සලකන එකක් වන්නේ ර්ණඔක්සිජන්” ප්රවාහනයයිග අපි හුස්ම ගන්නා විට පෙනහලු තුළට ඇතුළුවන වාතයෙහි අඩංගු ඔක්සිජන් වායුවල එහිදී ලේවලට උරාගෙන ශරීරයේ අනිකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කරනු ලබනවාග ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල ඇති මොළය හෘදය වකුගඩු අක්මාව වැනි ඉන්ද්රියයන් ද මාංශ පේශී වැනි පටකයන් ද වේග ඔක්සිජන්ල ආහාර වලින් ලැබෙන ග්ලූකෝස් සමඟ මිශ්‍රකර අවශ්‍ය ර්ණශක්තිය” සපයා ගන්නවාග ඒ කියන්නේ වාහනයක ඉන්ධනල වාතය සමඟ මිශ්‍රකර දහනය වී වාහනය ගමන් කිරීමට ශක්තිය ලබා ගන්නවා වාගේල අපේ ශරීර පටකයන් ද ආහාරවලින් ලැබෙන ග්ලූකෝස් නැමැති ඉන්ධනල රුධිරයෙන් රැගෙන එන ඔක්සිජන් සමඟ මිශ්‍රකර දහනය වී ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය සපයා ගන්නවාග
ඉතිංල ර්ණඔක්සිජන්”වල වැදගත්කම පාඨක ඔබට වැටහෙනවා ඇතිග මේ ර්ණඔක්සිජන්” ලේවල ගමන් කරන්නේ ර්ණහිමොග්ලොබින්” Haemoglobin නම් වූ යකඩ හා ප්‍රෝටීන්වලින් නිර්මාණය වුණු සියුම් ද්‍රව්‍යයක් හරහායිග ඒ කියන්නේ ශරීරයේ ශක්තිය නිපදවා ගන්න අවශ්‍ය ඔක්සිජන් නිසි ප්‍රමාණයට ලබා දීමට මේ ඔක්සිජන් ප්‍රවාහනය කරන ර්ණහිමොග්ලොබින්” නිසි ප්‍රමාණයට තිබිය යුතු වෙනවාග ඒ වාගේම කියන්න ඕන අපගේ රුධිරයේ රතු පැහැය ඇතිවෙන්නේ මේ ර්ණහිමොග්ලොබින්” කියන ද්‍රව්‍යය නිසයිග කිසියම් හේතුවක් නිසා රුධිරය තුළ ර්ණහිමොග්ලොබින්” ප්‍රමාණය අඩු වූ විටල ඔක්සිජන් ප්‍රවාහනය අඩපණ වී ශරීරයට ශක්තිය නිසිලෙස නිපදවා ගත නොහැකි වෙනවාග විශේෂයෙන් අපි ශරීරය වෙහෙස මහන්සි වන ක්රියාවකදීල ඒ කියන්නේ ඇවිදීමල කන්දක් නැඟීමල ව්‍යායාම කිරීමල ශරීරය වෙහෙසන රැකියාවක් කිරීම ආදී ක්‍රියාවකදී ර්ණශක්තිය” වැඩි වැඩියෙන් අවශ්‍ය නිසාල ඔක්සිජන් ද වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවාග සාමාන්‍යයෙන් රුධිරය පොම්ප කරන හෘදය වස්තුවේ විනාඩියකට ගැහෙන වාර ගණන වැඩිවීම හා ඔක්සිජන් ශරීරය තුළට ලබාගන්න පෙනහලු ක්‍රියාකාරීත්වය වැඩිවීම හෙවත් හුස්ම ගන්නා වාර ගණන වැඩිවීම මඟින් මේ ර්ණඅමතර ඔක්සිජන්” ශරීරයට සපයා ගනු ලබනවාග අපේ ශරීර ක්රියාකාරීත්වයකදී හෘදයේ ගැස්ම වැඩිවෙන්නේත් හුස්ම ගන්නා වාර ගණන වැඩිවෙන්නේත් මේ නිසයිග
නමුත් මේ ආකාරයට ඔක්සිජන් අමතරව ලබා ගත්තත් ර්ණහිමොග්ලොබින්” නම් වූ ඔක්සිජන් ප්‍රවාහනය කරණ ද්‍රව්‍යය අඩුවීම නිසා ශරීරයේ පටක තුළටල මාංශ පේශි තුළට ඔක්සිජන් ලබා ගැනීමල සැපයීම අඩු වී යනවාග ඉතිං මේ අවයව ශක්තිය නිසිලෙසල නිසි ප්‍රමාණයට නිපදවා ගැනීමට බැරිවීම නිසා අධික වෙහෙසකට පත්වෙනවාග ඔක්සිජන් සැපයීම මදි නිසාල දැනට තිබෙන අඩු ර්ණහිමොග්ලොබින්” ප්‍රමාණයෙන් උපරිම ලෙස වැඩ ගැනීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වේගයෙන් හුස්ම ගැනෙනවාග ඒ කියන්නේ පපුවේ මහන්සියක්ල හතියක් ඇති වෙනවාග
ඒ විතරක් නෙවෙයි එම ඔක්සිජන් ටික වේගයෙන් පොම්ප කිරීමට හෘදයේ ගැස්මත්ල පමණට වඩා වැඩියෙන් සිදුවෙනවාග ප්‍රතිඵලය වන්නේ ර්ණඅධික මහන්සියක්” දැනීමයිග
අද ලිපියේ අවශ්‍යතාවය වුණේ කිසියම් ආකාරයටකට රෝගයකට ර්ණලේ අඩුවීමක්” සිදු වුණොත්ල එය අපිට පපුවේ හතියක්ල මහන්සියක් ලෙස දැනෙනා ආකාරය පාඨක ඔබට විස්තර කර දීමයිග ඒ වාගේම මතක තබා ගත යුතු දෙයක් වන්නේල මේ ආකාරයට ර්ණලේ අඩුවීමක්” දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණ හොත් (Chronic Anaemia) පමණට වඩා වේගයෙන් ක්‍රියාකිරීමට සිදුවීම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවීමයිග (Heart failure) ඒ නිසාම පෙනහලු ක්‍රියාකාරීත්වය ද අඩුවීමයිග
එවිට සිදුවන්නේ අද අපි සාකච්ඡා කළ රෝග ලක්ෂණ ඉතා උග්රවීම බව සැලකිය යුතු වෙනවා
curtesy : dinamina.lk