Beauty
වෙඩින් එක අත ලඟටම ඇවිත් දැන්ද රුව ගැන හිතන්නනේ
මනාලියක් වෙන්නට සූදානම් වනවා කියන්නේ සැහැල්ලුවෙන් සිතිය යුතු දෙයක් නෙමෙයි. හේතුව මනාලියක් වීමට සූදානම් වන ඔබට කල් ඇතුව සැලසුම් කළ යුතු දේවල් බොහෝමයක් තිබෙන නිසයි.
මෙහිදී අනිවාර්යයෙන් රුව ලස්සන ගැන, සිරුරේ හැඩය ගැන වැඩි අවධානයක් යොමු කරලීම ඉතා වැදගත් වනවා. අඩුම තරමින් වෙඩිං එකට වසරකට කලින්වත් මේ දේවල් ගැන සූදානමක් ඇතිකර ගත යුතුයි. නමුත් මනාලියන් වීමට සිටින වැඩි දෙනෙක් තමන්ගේ රුව ගැන සිතන්නට පටන් ගන්නේ වෙඩිං එක ළං වුණාට පසුවයි.
තමන්ගේ ඇඳුම් පැලඳුම් ගැන කොණ්ඩ මෝස්තර, මේක්අප්, ආභරණ, විලාසිතා ගැන අවධානය යොමු කළත් වෙඩිං එකට පසුවත් රුව ලස්සන පවත්වා ගත යුත්තේ කොහොමද කියා සිතන්නේ නෑ. මෙය වැරැදියි. මේක්අප්වලින් විතරක් ලස්සන පවත්වා ගන්න බෑ. හැමදාමත් ලස්සනට ඉන්න නම් තමන්ගේ රුව ගැන වැඩි අවධානයක් දක්වන්නට ඕනෙ.
සමේ ගැටලු
බොහෝ දෙනකුට සම ආශි‍්‍රතව ඇතිවන ගැටලු බොහොමයි. සමේ ලප කැළැල්, සම දුර්වර්ණ වීම්, කුරුලෑ ආසාදන, සමේ වියළි බව, තෙල් සහිත බව ආදී වශයෙන් පවතින ගැටලු සඳහා කළ යුතු සත්කාර ප්‍රතිකර්ම ගැන කල්වේලා ඇතුව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මේ සියල්ල සඳහා ක්ෂණික ප්‍රතිකාර ප්‍රමාණවත් නෑ.
අනවශ්‍ය රෝම සමේ පැහැපත් පෙනුමට බාධාවක්. මේවා සමට හානියක් නොවන අයුරින් ඉවත් කළ යුතුයි. වැක්ස් මඟින් රෝම ඉවත් කළ පසු සම මතට කියුකම්බර් ටෝනර් ස්පේ‍්‍ර කිරීමෙන්, බිබිලි මතුවීම වළක්වාගන්න පුළුවන්. ඉන්පසුව ඇවකාඩෝ බොඩි බටර් එක තැවරීමෙන් සමේ මෘදු බව ආරක්ෂා කර දෙයි. වඩාත් සුදුසු වෙන්නේ ස්වභාවික වැක්ස් භාවිත කිරීමයි. මුහුණේ කුරුලෑ තිබෙන අයකු නම් ඒ සඳහා දිගටම ප්‍රතිකර්ම සත්කාර කළ යුතුයි. කුරුලෑ කැළැල් තිබෙනවා නම් ඒ සඳහා අප මයික්රොපීල් සහ නවතම ප්‍රතිකර්ම සිදු කරනවා. කුරුලෑ තිබෙන ආකාරය අනුවයි මෙම ප්‍රතිකර්ම කළ යුත්තේ. මෙහිදී කුරුලෑ කැළැල් ඉවත් වී සම ඉතා හොඳින් පැහැපත් වනවා.
මනාලියකට නම් සම පැහැපත් කරන ආකාරයේ ප්‍රතිකර්මයක් බොහෝමයක් තිබෙනවා. මේ සියල්ල සිදු කරන්නේ ස්වභාවික ශාක සාර පලතුරු සහ එළවළු සාරවලින් ස්කින් ලයිටිනිං ප්‍රතිකර්ම සඳහා ලෙමන් සහ දොඩම් භාවිත කෙරනවා. මෙහිදී රසායනික ද්‍රව්‍ය කිසිවක් යොදා ගන්නේ නෑ. රූපලාවණ්‍ය ආයතනයේ දී මෙම ප්‍රතිකර්ම කළ පසු ගෙදරදී කළ යුත් ප්‍රතිකර්ම පිළිබඳ අප උපදෙස් ලබා දෙන්නේ හැමදාමත් සමේ පැහැය පවත්වා ගත යුතු නිසයි.
නිය
බොහෝ දෙනකුගේ අත්පාවල නිය අව පැහැ ගැන්විලා. සමහරුන්ගේ නිය දිරලා නිය කැඩීගිහින්. තවත් අයගේ කකුල්වල විළුඹ ප්‍රදේශය පැලිලා ඉරි තලලා. අපිරිසුදු බවක් මතු වෙලා. මේ දේවල් සිදු වන්නේ නොසැලකිල්ල නිසයි. මනාලියක් වීමට සිටින අයෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ දෙපා, නිය පිරිසුදුව ලස්සනට තබාගත යුතුයි. මේ සඳහා මෙනිකි්යු පෙඩිකි්යු සත්කාර කිරීමෙන් නිය ආශි‍්‍රත ගැටලුවලට පිළියම් ලබාගන්න පුළුවන්.
හිස කෙස් ගැනත් හිතන්න
අද බොහෝ දෙනකුට තිබෙන්නේ රෝගී හිසකෙස් රසායනික ද්‍රව්‍ය යොදා කරනු ලබන හිසකෙස් විලාසිතා නිසා ගැටලු ඇතිවී තිබෙන අවස්ථා බොහොමයි. හිසකෙස් කැඩීයාම, කෙස් අඟ පැලීම, හිසකෙස් දුර්වර්ණ වීම, අකලට හිසකෙස් සුදුවීම මේ අතරින් බහුලයි. මේ සඳහා අප සිදු කරන කූල් ප්‍රෝටීන් සත්කාරයත් හිසකෙස් නීරෝගීමත් කරනවා. ඉහත කී ආකාරයෙන් හානි වූ හිසකෙස්වලට මෙය හොඳම ප්‍රතිකර්මයක්. සතියකට වරක්වත් කූල් ප්‍රෝටීන් සත්කාරයක් කිරීම ඉතාම වැදගත්.
ඔබ මනාලියක් වීමට සූදානම් වීමේදී හැඩගැන්වීම්, රූපලාවණ්‍ය කටයුතු, ඇඳුම් පැලඳුම්, විලාසිතා ආදී ඉතාම උසස් තත්ත්වයෙන් යුතුව සිදුවිය යුතුයි. සමහරුන් සිතන්නේ ජනපි‍්‍රය රූපලාවණ්‍ය ආයතනවලට යාමෙන් තමාගේ අතේ තිබෙන මුදලට අනුව අවශ්‍ය වැඩ කටයුතු ඉටුකර ගත නොහැකි බවයි. එය වැරදි මතයක්. මනාලියක් වන දිනයේ ඔබට අවශ්‍ය සෑම සියලු දෙයක්ම සාධාරණ මිලක් යටතේ සැලසුම් කරගත යුතු නම් ඒ සඳහා ඔබට සහාය වන්නට අප නිරතුරුවම සූදානම්.
curtesy :
tharuni
(under the courtesy of goodhousekeeping.lk web)