Health
විෂ රසායනික යෙදූ එළවළු පලතුරුවල විෂ ඉවත් කර ගන්නේ කොහොමද?
දිනපතා කුඩා සාන්ද්‍ර වශයෙන් වස විස ශරීරගත වීම නොයෙක් පිළිකා වර්ග මෙන්ම වකුගඩු ආබාධවලට ද හේතු වන බව පර්යේෂණ මත තහවුරු වී අවසන්
එළවළු, පලතුරු භාවිතය සීමා කිරීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නෙමෙයි. මෙමඟින් කුඩා සානද්ර ලෙස වස විස. ශරීරගත වුවත් ඒවා නිසිලෙස යොදා පවිත්‍ර කර ගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතුයි. ඒ අනුව යම් ලෙසකින් ආහාර වස විසෙන් යුක්ත නම් ඒවා නිසි පරිදි සෝදා ඉවත් කර ගන්නේ කෙසේදැයි විමසා බලමු.
ඕනෑම කෘෂි රසායනිකයක බෝගයකට යෙදීමට නියමිත කාලසීමාවන් වෙන් කොට තිබේ. එහිදී යම්කිසි බෝග වගාවක් සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය නොයෙදිය යුතු අවස්ථා ද වෙන් වශයෙන් හඳුන්වා දී තිබුණ ද බොහෝවිට ගොවීන්, වෙළෙන්දන් එවන් කරුණු කාරණා පිළිබඳ සැලකිල්ලක් නොදක්වනු ලැබේ. ඊට හේතුව අස්වැන්න නෙලාගත් පසුව හානිය අවම වන පරිදි ඵලදාව දීර්ඝකාලයක් පවත්වා ගැනීමයි. විශේෂයෙන් අප වැනි රටවල මෙවැනි විෂ රසායනික යෙදීමේදී අනුගමනය කළ යුතු නිසි ප්රමිතීන් කිසි විටෙකත් අනුගමනය නොකිරීම වැඩි වශයෙන් ආහාරයට විස එකතු වීමට හේතු වේ.
මෙවැනි අධිකව විෂ රසායනික යෙදූ බෝග වර්ග ආහාරයට ගැනීම නිසා මිනිස් සිරුරේ විවිධ පද්ධතිවලට හානිදායක තත්ත්වයන් ඇති කෙරෙයි. ප්‍රධාන වශයෙන් රතු ඇට මිදුළු, ස්නායු, හෘදය පෙනහැල්ල ආදී වූ බොහෝ ශරීර කොටස්වලට විවිධ ආකාරයෙන් ගැටලු ඇති කරවිය හැකියි. එපමණක් නොව දිනපතා කුඩා සාන්ද්‍ර වශයෙන් වස විස ශරීරගත වීම නොයෙක් පිළිකා වර්ග මෙන්ම වකුගඩු ආබාධවලට ද හේතු වන බවද් පර්යේෂ මත තහවුරු වී අවසන්.
එසේ වුවත් එවැනි බොහෝ රෝග වළක්වා ගැනීමට ද එළවළු පලතුරු මූලික වන නිසා වස විස පිළිබඳ බියෙන් එළවළු පලතුරු භාවිතය සීමා කිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ. ඒ නිසා වඩාත් උපක්රමශීලීව කෘෂි රසායන ඉවත්වන පරිදි ආහාර වර්ග සකස් කර ගැනීමට ඔබට කටයුතු කළ හැකියි.
* වෙළඳපලෙන් ඔබ මිලදී ගන්නා එළවළු පලතුරු ගලාගෙන යන ජලයෙන් සේදීම මඟින් වස වීම යම් තරමක් ඉවත් කරගත හැකි වේ.
උදා. ඇපල්, මිදි, වම්බටු
* ඔබට හැකිනම් ජලය සමඟ මිශ්‍ර කරගත් විනාකිරි, සියඹලා, ලුණු, කහ, ආප්ප සෝඩා යන ද්‍රාවණවල විනාඩි 15ක් පමණ පොඟවා තබා පසුව ඒවා පිරිසුදු ජලයෙන් සෝදා දැමීම මඟින් ද වස විස ඉවත් කරගත හැකියි.
* පැය කිහිපයක් වතුර බේසමක පොඟවා තබන්න. කිහිප වතාවක් වතුර මාරු කරන්න.
* සෝදාගත් එළවළු පලතුරු ශීතකරණයට දැමීමට පෙර දිනක් පමණ පිටත තිබෙන්නට හරින්න. ඊට හේතුව ශීතකරණයෙන් පිටතදී වස විස ස්වභාවිකවම ඉවත් වී යන නිසයි.
* ඔබ ආහාරයට ගන්න මෙම ආහාර ද්‍රව්‍යවල හැකි සෑම විටෙකම පිට පොත්ත ඉවත් කර දමන්න. ඊට හේතුව ඒවාට යොදන රසායනික ද්‍රව්‍යයන් වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ පිට පොත්තේ බැවිනි.
උදා. ඇපල්, මිදි, තක්කාලි
* ඇතැම් එළවළුවල විශේෂයෙන් ගෝවා, ලීක්ස් වැනි පිටතින් ඇති කොළ කොටස් ඉවත් කර දමන්න.
* බොහෝවිට ඔබ වෙළඳපලෙන් මිලදී ගන්නා එළවළු පලතුරු බෝගවල විෂ රසායන ද්‍රව්‍ය වැඩි වශයෙන් රැඳී තිබෙන්නේ නැට්ට ආසන්නයේය. ඒ නිසා ඒවා ආහාර වශයෙන් පිළියෙල කර ගැනීමට පෙර එම කොටස් ඉවත් කරගන්නට වගබලා ගත යුතුයි.
උදා. වම්බටු, ගෝවාමල්, කැරට්
* අනෙකුත් බෝගයන්ට සාපේක්ෂව කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩි සාන්ද්‍රණයක් යෙදූ බෝග ද වෙළඳපල තුළ ඕනෑතරම් තිබේ. එවැනි බෝග ලෙස අර්තාපල්, තක්කාලි, ගෝවා, ලීක්ස්, ඇපල්, මිදි ආදී බෝග උදාහරණ වශයෙන් දැක්විය හැකියි. මේ නිසා ඔබ වෙළඳපළෙන් මිලදී ගන්නා එවැනි ආහාර වෙනුවට ආදේශක ආහාර හැකිතාක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. උදාහරණයක් ලෙස අර්තාපල් වෙනුවට කිරි අල, හිඟුරල වැනි අල වර්ග
* මෙවැනි වස විස ඇති ආහාරවලින් නිදහස් වී සිටීමට ඔබට ගත හැකි තවත් එක් බුද්ධිමත් උපක්‍රමයක් ලෙස ඔබේම නිවසේ ගෙවතු වගාවක් ආරම්භ කළහැකියි.
* ඉහත සඳහන් උපක්‍රම අනුගමනය කිරීමෙන් අපගේ ආහාරයට එකතු වන වස විස ඉවත් කරගත හැකි අතරම ආහාර ලෙස පිළියෙල කරන විට පිසීමේ ක්‍රියාවලිය හරහා ද බොහෝදුරට වස විස ඉවත් වන බව මතක තබා ගත යුතුය.
Wmqgd .ekSu