Beauty
විශේෂ අවස්ථාවකට මේකප් කරන විට
ළචඝවිශේෂ අවස්ථාවකට සහභාගී වෙනවා නම්, මේකප් එක ටිකක් වැඩිපුර දමා ගන්නට පුළුවන්. අයිශැඩෝ හා බ්ලෂර් මගින් මේකප් වැඩි කරගත හැකියි.ළරැචඝ
ළචඝවිශේෂ අවස්ථාවකට වුවත් මේකප් කරන විට පෑන් කේක් එක වැඩිපුර යොදන්න එපා. මෙය වැඩිපුර යෙදූ විට තමයි මුහුණ ඉරි තැලුන ස්වභාවයකින් පෙනෙන්නේ.ළරැචඝ
ළචඝඅඳින ඇඳුමේ පැහැයත් සමඟ ගැලපෙන විදියට ලිප්ස්ටික්, අයිශැඩෝ, බ්ලෂර් තෝරාගන්න පුළුවන්. ඕනම කාන්තාවකට ලා රෝස පැහැය ගැලපෙනවා. එකම වර්ණයකින් හැමදේම තිඛෙන විටත් ලස්සනයි. නිල්, කොළ වගේ වර්ණ අඳින විට එම වර්ණ රෝස පැහැය සමඟ මිශ්‍ර කරලා තවරන්න.ළරැචඝ
ළචඝඅයි ලයිනර් එක ටිකක් තදට අඳීන්න. බ්ලෂර් එක කම්මුල් ඇටය මත, නාසය, නිකට ආදී ප්‍රදේශවල තවරන්න. කම්මුල යට කොටසෙත් බ්ලෂර් තවරන්න. එතකොට මුහුණේ අනවශ්‍ය මහත අඩු කරලා පෙන්වනවා. ඉන්පස්සේ මුහුණ පුරාම අපි තැවරූ රෝස පැහැයත් සමඟ බ්‍රෂ් එක ගෙනියන්න. එවිට සම්පූර්ණ මුහුණම එකම පැහැයක් වෙලා විශේෂයෙන් මතුකරගත් නාසය, නිකට යට, කම්මුල් ආදී කොටස් කැපී පෙනෙනවා.ළරැචඝ
ළචඝමේකප් කරන්නේ ඇයි?ළඉරඝ
ළරැචඝ
ළචඝඅපි ඕනම කෙනෙක් කැමතියි ලස්සනට ඉන්න. කාන්තාවෝ විතරක් නෙමෙයි පුරුෂ පක්ෂය වුවත් ලස්සනට, අඳින්න පළඳින්න කැමතියි. ලස්සනට කියලා අපි හැඩවෙලා සමාජය ඉස්සරහට ගිහිං අන් අයගේ හිනාවට ලක්වෙනවා නම් ඒ උත්සාහයෙන් ඵලක් වෙන්නේ නෑ. ඒ නිසා මේකප් එකකින් වෙන්න ඕන තියන රුව මතු කරලා පෙන්වන එක. මේකප් කරන්න ඕන මේකප් එක කැපිලා පේන්න නෙමෙයි. දැන් අපි කියලා දුන්න පිළිවෙලට බොහොම අඩුවෙන්, අවශ්‍ය පමණට මේකප් යෙදුවොත් ඔබගේ රුව මතුවෙලා පෙනේවි. ඒ වගේම ඔබ අන් අයගේ සිනාවට ලක්වීමත් සිදු නොවේවි.ළරැචඝ
උපුටා ගැනීම නවලිය