iranama
විශ්වීය ග්‍රහ බලයෙන් ඔබේ දියුණුව
අෑත අතීතයේ සිටම මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟම ප්‍රයෝජනවත් වැඩක් කිරීමේදී හොඳ වේලාවකට ආරම්භ කළොත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව මිනිසුන් දැනගෙන සිටියා. තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගා කිරීමේදී වර්ෂාව ලැබෙන කාල අනුව වගා කටයුතු කර හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව ආදි මිනිසා වටහාගෙනත් තිබුණා. එකල විසූ අධි මානසික බලය ඇති සෘෂිවරු ජේයාතිර්වේදය මෙලොවට හෙළිදරවු කිරීමේදී විශ්වය තුළ ගමන් ගන්නා ග්‍රහයන්ගේ ගමන අනුව පෘථිවිය මත පරිසරය මොහොතින් මොහොත වෙනස් වන
බව අධ්‍යයනය කර එම ග්‍රහ බලය ඒ ඒ කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය ගණනය කිරීම්ද ලොවට හෙළිදරවු කළා. අද තරුපති තුළින් අපි බලමු කොහොමද මේ විශ්වයේ පවතින ග්‍රහ බලය අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට අප විසින් සිදු කරන ඒ ඒ කටයුතු සඳහා වඩාත්ම සුදුසු ලෙස යොදා ගන්නේ කියලා.
අප විසින් කිසියම් සුබ කටයුත්තක් ආරම්භ කිරීමේදී පංචාංග ශුද්ධිය තිබිය යුතු බව ජේයාතිෂයේ සඳහන් වෙනවා. මොනවද මේ පංචාංගය?
ජේයාතිර්වේදයේදී පංචාංගය කියන්නේ
1. දිනය
2. නැකැත
3. තිථිය
4. යෝගය
5. කරණය යන කරුණු පහටයි.
අපි හිතමු අපට අලුතින් ගෙයක් හදාගන්න ඕනෙ කියලා. ඒ අනුව බලමු කොහොමද සුබ වෙලාවක් තෝරා ගන්නේ කියන කරුණ.
සතියේ දින හතෙන් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සුබ දින හැටියට සලකනවා. ඉතිරි දින අසුබ හැටියටයි සලකන්නේ.
දිනය තෝරා ගත්තට පස්සේ නැකැත ගැන බලන්න ඕනෙ. තෝරාගත් දිනයට අදාළව පවතින නැකැත කියන්නේ එම දිනයේ චන්ද්‍රයා මොන නැකැත් සීමාවන් පසු කරමින් ගමන් කරනවාද කියන එකයි.
ලෝක ගෝලය වටේ තියෙන අංශක 360ක ප්‍රමාණය 27න් බෙදුවාම ලැබෙන අංශක 13 කලා 20ක ප්‍රමාණය එක නැකැතක් හැටියටයි සලකන්නේ.
අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස ........ ආදී වශයෙන් නැකැත් 27ක් තියෙනවා. මෙහෙම නැකැත් 27ක් තිබුණාට හැම නැකැතක්ම හැම කටයුත්තටම අනුමත කරලා නැහැ.
නිවාස ඉදිකිරීමේ කටයුත්තක් ආරම්භ කරනවා නම් වඩාත්ම සුදුසු නැකැත් හැටියට අනුමත කරලා තියෙන්නේ අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, හත, සිත, සා, අනුර, දෙට, මුල, සුවන, දෙනට, සියාවස, රේවතී, උත්‍රපල්, උත්‍රසල සහ උත්‍රපුටුප යන නැකැත් පමණයි.
තිථිය කියන්නේ චන්ද්‍රයා සූර්යයාගෙන් අෑත් වෙවී යන ප්‍රමාණය ගණනය කිරීමක්. සූර්යයා සහ චන්ද්‍රයා එකම රාශියේ එකම අංශක ගණනක සිටින විට අමාවක හැටියටද චන්ද්‍රයා සූර්යයාගෙන් අංශක 180ක් අෑත් වුණාම පසළොස්වක ලෙසද සලකනවා.
චන්ද්‍රයා සූර්යයාගෙන් අෑත් වෙමින් ගමන් කරන කාලය පුර පක්ෂය ලෙසද, චන්ද්‍රයා සූර්යයාට ළං වෙමින් ගමන් කරන කාලය අව පක්ෂය ලෙසද හඳුන්වනවා. බොහෝ සුබ කටයුතු සඳහා පුර තිථි පමණක් යොදා ගන්න කියලා තමයි ජේයාතිෂයෙන් උපදෙස් දී තිබෙන්නේ. ඒ වුණාට ගොවිතැන් කටයුතු, අසනීප සඳහා වෙදකම් ආරම්භ කිරීමට, විභාග, තරග ආදියට ඉදිරිපත් වීමට, රැකියා භාර ගැනීමට, ණය දීමට, ගැනීමට, ගිවිසුම් අස්සන් කිරීමට, නඩු කටයුතු සඳහා පිටත්ව යෑමට වැනි අවශ්‍යතාවලදී නම් අව පක්ෂයේ තිථි භාවිත කළාට වරදක් නැති බවද ජේයාතිෂයේ සඳහන් වෙනවා.
හැකි සෑම අවස්ථාවකදීම හතර වැනි, නව වැනි හා දාහතර වැනි තිථි මඟහරින්න ඕනේ. ඒ තිථි තුන රිට්ටා තිථි ලෙස සලකනවා. අපි ආරම්භ කරන්න යන කටයුත්තට අනුව වඩාත්ම සුදුසු තිථි මොනවාද කියලා ජේයාතිර්වේදයේදී වෙනම සඳහන් කරලා තියෙනවා.
යෝගය කියලා කියන්නේ චන්ද්‍රයා සහ සූර්යයා ඒ ඒ රාශි තුළ ගමන් කර තිබූ අංශක ප්‍රමාණය එකතු කර ලබා ගන්නා අගය ඔස්සේ ගණනය කිරීමෙන් සොයා ගැනීමක්.
යෝග 27ක් හඳුන්වා දී තිබෙනවා. මෙම යෝග 27න් විශ්කම්භ, අතිගණ්ඩ, ශූල, ගණ්ඩ, ධෘම, ව්‍යාඝාත, වජ්ර, ව්‍යතිපාත, පරිඝ, ෙවෛධෘති යන යෝග අශුභ ලෙස සලකනවා. එවැනි යෝගයක් පවතින අවස්ථා මඟහරින්න ඕනෙ.
කරණය කියන්නේ තිථියෙන් දෙකෙන් පංගුවක්. එක තිථියකට කරණ දෙකක් තියෙනවා. කරණ 11ක් හඳුන්වා දී තිබෙන අතර මේ අතරින් විෂ්ටි, ශකුණ, චතුස්පාද, නාග, කිංස්තුංග යන කරණ පවතින අවස්ථාවලදී සුබ කටයුතු ආරම්භ කරන්න හොඳ නැහැ.
ජේයාතිර් විද්‍යාවේ තිබෙන ඉතාමත් වැදගත් කරුණු අතරින් සුබ මුහුර්තයක් හදාගන්න එක ඉතාමත් අමාරු දෙයක්. ඒ සඳහා නීතිරීති ගොඩක් පනවලා තියෙනවා. සියලුම කරුණු සැලකිල්ලට අරගෙන විශ්වයේ පවතින ග්‍රහ බලය අප විසින් ආරම්භ කරනු ලබන කටයුත්තට ආශීර්වාදයක් වන ලෙස යොදා ගැනීම ලේසි වැඩක් නෙවෙයි. ඒත් අපි මේ හැම කරුණු කාරණයක් ගැනම බුද්ධිමත්ව අවබෝධ කර ගන්න උත්සාහ දරමු.
Wmqgd .ekSu u