iranama
විවාහ පොරොන්දම් බලා දැකිය නොහැකි කරුණු හතරක්
පොරොන්දම් බලා, නැකත් සාදා, ජයටම උත්සව පවත්වා වසර කිහිපයකින් අතරමං වූ විවාහකයන් ගණන සුළුපටු නොවේ.
මොකද උනේ? අපි එවැනි අයගෙන් අසන්නෙමු.
"මහත්තයගෙ වෙන සම්බන්ධයක්"
"කනමදය වගේ බොනව"
"ගුටිකාල කාල බැරුව ගෙදර ආවා"
"මං මාසෙකින් විතර වෙන් වුණා. ඒත් ඒ විදිහටම"
අපට අසන්නට ලැබෙන්නේ මෙවැනි පිළිතුරුය.
වරද කොතැනද? පොරොන්දම් ගැලපුනා නම් විවාහ ජීවිත කඩාකප්පල් වන්නේ ඇයි? මෙය අද සාකච්ඡා කළ යුතු කාලීන මාතෘකාවක් බව හැඟේ. දික්කසාද පෝලිම දිනෙන් දින දිගුවෙමින් පවතින බව පෙනෙන බැවිණි.
රූපිකා සැබවින්ම රූමත්ය. උගත්ය. ඇය අමාත්‍යාංශයක ඉහළ තනතුරක් දැරූ අතර ඇයටම වෙන්වූ නිල වාහනයක් ද විය. ඇයගේ සැමියා රූපිකාගේ රිය පදවන රියදුරුට වරින් වර ජංගම දුරකථනයට අමතමින් නිතර අසන ප්‍රශ්නයක් තිබිණ.
"දැන් ඉන්නෙ කොහෙද?" තවත් පැයකින් පමණ ඔහු ඒ ප්‍රශ්නයම රියෑදුරුගෙන් අසයි.
"ඒ යකාට මැඩම් ගැන හරි සැකයි බං"
රියෑදුරු තැන කන්තෝරුවේ පහළ සේවකයන් අතර මේ ආරංචිය දිය කර හැරියේය. රූපිකාගේ විවාහය සිදු කෙරුණේ තරු පංතියේ හෝටලයක මහ ඉහළිනි. එහෙත් එදා සිට අද දක්වා සැකයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද පෙළෙන තම සැමියා සහ තම විවාහය ගැන රූපිකා තැවෙන්නීය.
තවත් ව්‍යාපාරික තරුණයෙකු කියන්නේ අපූරු කතාවකි.
"මම තවත් එකක් තියාගෙන ඉන්නව තමයි. ඒ උනාට මේ දේපළ ඔක්කොම වයි
Wmqgd .ekSu