Life
වියළි සමක් ඇතිවීමට බලපාන හේතු
අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්රිය ලෙසින් පවතින සම පිළිබඳව කාන්තා පිරිමි
භේදයකින් තොරව කොයි කවුරුත් වැඩි සැලකිල්ලක් දැක්වීමට පුරුදුව සිටිති.
එනිසා සමේ යම් වෙනසක් ඇති වුවද අපි ඒ ගැන සැලකිලිමත් වන්නෙමු.
සමේ
පැහැපත් බව තුළින් පුද්ගලයාගේ බාහිර අලංකාරය ඔපවත් වේ. සම වියළි හෝ රළු
බවකින් යුක්ත නම් එවැනි පුද්ගලයන්ට සමාජයේදී අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම
මඳක් අසීරු වේ. එනිසා සමේ ඇතිවන වියළි බව පිළිබඳව අපි විමසා බලමු.
වෛද්‍යතුමනි, සමේ වියළි බව ඇතිවීමට බලපාන කරුණු මොනවාද?
සෑම
පුද්ගලයකුගේම සම සතුපිට මේද ස්ථරයක් ඇත. මෙම මේද ස්ථරය පවත්වාගෙන යැම
සඳහා ස්වේත ශ්‍රාවී ග්රන්ථිවලින් ශ්‍රාවය වන ශ්‍රාවයන් දායක වෙනවා.
සමෙහි සෛල නිතර නිතර අලුත් වෙමින් බාහිර ස්ථරයට නිකුත් වන නිසා නිතරම සමේ සෛල බෙදීමට ලක්වෙනවා.
මෙම සෛල බෙදීම සඳහා කොලෙස්ටරෝල් වැනි සංඝටක ද උපකාරී වෙනවා.
සෛල අතර ඇති ලිපිඩ (මේදය) විභේදනයට ලක්වීමෙන් ඇතිවන සංඝටක සම මතුපිට ඇති මේද ස්ථරය නිරෝගීව පවත්වාගෙන යැම සඳහා දායක වෙනවා.
මෙම ක්‍රියාවලිය දුර්වල වූ විට සමෙහි වියළි ස්වභාවයක් ඇතිවෙනවා.
සෛල නිතර අලුත් වීමේ ක්‍රියාවලියට බාධා ඇති වූ විට සමෙහි වියළි බවට අමතරව කොරළ බව ඇති වෙනවා.
සමෙහි ඇතිවන කොරළ බව උපතින්ම සහ පසුකාලීනව හටගන්නා ආබාධ ලෙස වර්ග දෙකක් තිබෙනවා.
උපතින්ම ඇතිවන සමේ වියළි බව
ජානමය
හේතු නිසා උපතින්ම යම් පුද්ගලයකුගේ සමෙහි වියළි බවක් මතුවිය හැකියි.
මෙවැනි පුද්ගලයන්ගේ සම මත කොරළ ද මතුවීSමට ඇති ඉඩකඩ සුලභය.
මෙවැනි ජානමය හේතු මත සමේ වියළි බව ඇති වූ විට ඔවුන්ගේ සමේ ප්‍රදාහයක් ද ඇතිවිය හැකිය.
පසුකාලීනව ඇතිවන සමේ වියළි බව
තයිරොයිඩ් හෝමෝන ඌනතාවය, වකුගඩු දුර්වල වීම ඇතැම් පිළිකා රෝග සහ සමහර ඖෂධ නිසා සමේ වියළි බවක් ඇතිවිය හැකිය.
මීට
අමතරව සම අධික ලෙස පිරිසිදු කිරීම, පිරිසිදු කාරක වර්ග බහුලව භාවිත කරමින්
සම පිරිසිදු කිරීමට යැම වැනි හේතු නිසා ද සම වියළි බවට පත්වේ.
වෛද්‍යතුමනි, මෙලෙස සම වියළි බව ඇති වූ විට එය සුවපත් කර ගැනීමට ප්‍රතිකාර තිබෙනවාද?
සම වියළි බවට ලක්වීමට බලපා ඇති හේතුව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි.
සමේ පැහැපත් බව රැකගැනීම සඳහා අපට අනුගමනය කළ හැකි ක්‍රියාවන් රැසක් ඇත.
සම අනවශ්‍ය ලෙස පිරිසිදු කිරීමට උත්සාහ නොකළ යුතුයි.
දිනකට දෙවරක් සම සබන් ගා පිරිසිදු කිරීම ප්රමාණවත්ය.
සම රළු ද්‍රව්‍යවලින් අතුල්ලා පිරිසිදු කිරීම නොකළ යුතුයි.
අධික උණුසුම් ජලය භාවිත කර සම පිරිසිදු කිරීම නොකළ යුතුය.
සම වියළි බව ඇති අය විනාඩි 15-20 වඩා ජලයේ රැඳී සිටීම නොකළ යුතුය.
සම වියළි බව ඇති අය ස්නානයෙන් පසු තෙත් සහිත බව ඇති කරන ඖෂධයක් ආලේප කිරීම සුදුසුය.
දිනපතා සමබල ආහාර වේලක් ගැනීමට පියවර ගත යුතුය.
ජානමය ගැටලු නිසා ඇතිවන සමේ වියළි බව සම්පූර්ණයෙන් සුව කළ නොහැකිය. නමුත් මතුව ඇති අපහසුතා අවම කළ හැකිය.
වියළි
සමක් සහිත පුද්ගලයන්ට ඉතා ඉක්මනින් සම මත බැක්ටීරියා ආසාදන ඇතිවීමට
පිළිවන. එනිසා ඔවුන් රසායන ද්‍රව්‍ය ආදිය භාවිත කරන විට අත්වැසුම් භාවිතයට
යොමුවිය යුතුය.
කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජානක අකරවිට
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks